Life Style

රටක් ආදරය කරන ප්‍රවීන නිලි යශෝධා විමලධර්ම සුන්දර උඩරට මනාලියක් වුනේ මෙහෙමයි

යශෝධා විමලධර්ම කියලා කියන්නේ අපේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න ඉතාම ජනප්‍රිය කවුරුත් ආදරය කරන ප්‍රතිභා පුර්ණ රංගන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. කොහොම නමුත් ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසිලා තියෙන්නේ පාසල් කාලයේ ඉදලාමයි. ඉතින් මේ ප්‍රවීන නිලි යශෝධා එදා මේදා තුල ප්‍රේක්ෂකයන්ගේ සිත් සතන් තුල රැදී ඉන්න ජනප්‍රිය චරිතයක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඇය ඉපදිලා තියෙන්නේ 1970 ඔක්තෝබර් 28 වන දිනයි. ඇය පාසල් අධ්‍යාපනය ලබලා තියෙන්නේ සාන්ත පාවුල් බාලිකා විදුහලෙන්. ඉතින් ඒ වගේම ඇයගේ මව සහා පියා වන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ හින්දි භාෂා කථිකාචාර්යවරයෙක් වන රවිලාල් විමලධර්ම සහ හිටපු නර්තන ශිල්පිනියක සහ පාසල් ගුරුවරියක වන මල්ලිකා විමලධර්ම යන දෙදෙනායි. ඉතින් දැන් ඇයට වයස අවුරුදු 50ක් ඉක්මවුවත් තාමත් තරුණ රංගන ශිල්පිනියක් වගේ ඉන්න මේ සුන්දර රංගන ශිල්පිනිය යම් නිහඩතාවයකින් පස්සේ පුංචි තිරයෙන් අපට පහුගිය කාලයේ දකින්න ලැබුනේ තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යයෙන් වගේම නෑනලා ටෙලිනාට්‍ය තුළිනුයි.

1990 වසරේදී තිරගත වූ ගුරුගෙදර චිත්‍රපටිය හරහා අපේ රටේ සිනමාවට අවතීර්ණ වූ යශෝධා එම සිනමා පටයේ සිදු කර අති විශිෂ්ඨ රංගය හේතුවෙන් 1993 වසරේදී සරසවිය චිත්‍රපට සම්මාන උළෙලදී කුසලතා සම්මානයකටද පාත්‍රවුනා. කොහොම නමුත් කවුරුත් ආදරය කරන මේ ප්‍රවීන රංගන ශිල්පිනිය තාමත් තනිකඩ ජීවිතයක් ගෙනියන එක බොහෝ දෙනෙකුට ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒ ගැන ඇයනම් කියන්නේ මෙන්න මේ වගේ කතාවක්.

1986 වසරේදී දූ දරුවෝ කියන නාට්‍යයේ රූපගත කිරීම් වලට මම සම්බන්ධ වුනේ උසස්පෙළ කරන කාලේදී. දැන් වසර 35ක් වනවා කලාවට ඇවිල්ලා. ඒ නිසා ජීවිතේ අඩුපාඩුවක් දැනුණේ නැහැ. හුදකලා බවක් දැනුණේ නැහැ. අදටත් ඒ විදිහම තමයි. පාරට බැස්සහම මිනිස්සුන්ගෙන් ලැබෙන ගෟරවය පිළිගැනීම ආදරය එදා වගේම අදත් එක හා සමානයි. ඉතින් මේ ලැබෙන ආදරය ලබන්න මම හුගක් පින් කරලා තිබෙනවා. ඉතින් මට තනකිමක් දැනේනේ නැහැ කියලයි ප්‍රවීන රංගන ශිල්පිනිය පවසන්නේ.

කොහොම නමුත් මේ රටක් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනිය පහුගිය දවසක උඩරට මනාලියක්ව සැරසිලා බොහොම අපූරු සුන්දර ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේතාක් කවුරුත් දැකපු නැති මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය උඩරට මනාලියක්ව සැරසිලා ලබාගෙන තිබුණු සුන්දර ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.