Life Style

ඉක්මනටම ලංකාවෙන් යනවා කියපු පියුමි දෙව් දුවක් වගේ සැරසිලා චන්දිමාල්ගේ පාටිය ලස්සන කලේ මෙහෙමයි

පියුමි හංසමාලි කියලා කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන සුන්දර රූ සපුවකට හිමිකම් කියන අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම දැන් පියුමි හංසමාලි කියන නම කිවුවම අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ තරම්ම ඇය ජනප්‍රිය චරිතයක්. නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ කලාවට පිවිසෙන ඇය මේ වනවිට මියුසික් වීඩියෝ රැසක් හරහා මෙන්ම කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ජාලා තුලත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන චරිතයක් බවට පත්වෙලා.

ඉතින් ඒ වගේම පහුගිය කාලයේ පියුමි ගැන වැඩි පුර කතාබහක් ඇතිවුණේ ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින පාටිය නිසා නිරෝධායනයට යොමු වීමට සිදුවීමත් එක්කයි. කොහොම නමුත් ඒ කාලේ ලොක් ඩවුන් නිසා සමරන්න බැරිවුන රෝයල් බර්ත්ඩේ පාටිය පහුගිය දවසක අපේ රටේ සුපිරි තරු පිරිවරාගෙන චන්දිමාල් ජයටම සමරලා තිබුණා. ඉතින් මේ අපූරු සුන්දර අවස්ථාවට පියුමි හංසමාලි වෙනදා වගේම කැපී පෙනෙන අයුරින් ලස්සනට සැරසිලා සහභාගි වෙලා තිබුණා.

ඉතින් ඒ වගේම ඇයගේ පුංචි පුතාගේ අධ්‍යාපන කටයුතු වෙන්වෙන් ඇය මේ වසර අවසානයේදී විදෙස් ගත වන බවද පහුගිය දවසක පවසලා තිබුණා. ඉතින් ඒ වගේම ඇය කියන්නේ මිනිස්සු ඇයට ගොඩක්ම බනින්නේ ඇය අඳින පළදින විදිහට කියලයි. ඒත් අනිත් මිනිස්සුන්ට කැමති විදිහට මන් අඳින්නේ නැහැ, මට ඕන විදිහටයි මන් අඳින්නේ. නමුත් මන් දැන් ඒ හැමදේකටම සීමාවක් තියාගෙනයි ඉන්නේ කියලයි ඇය පවසන්නේ.

ඒ වගේම මිනිස්සු බලන කෝණය ඇයට වෙනස් කරන්න වුවමනාවක් නැහැ කියලත් ඇය කියනවා. තැනට සුදුසු විදිහට ඇයගේ හැසිරීම වගේම අඳින පළදින කටයුතු කරනවා කියලත්, නමුත් ඇය මේ වනවිට වෙනදා තරම් කෙළිලොල් චරිතයක් නොවී නිවසටම වෙලා ඉන්න ප්‍රිය කරන කෙනෙක් කියලත් පියුමි පවසනවා. ඉතින් ඒ වගේම ඇය ජීවත්වෙන්නේ ඇයගේ පුතා නිසාලු, අයගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව ඇයගේ ආදරණීය පුතා පයිලට් කෙනෙක් වෙනවා දකින එක හෝ ක්‍රිකට කෙනෙක් වෙනවා දකින එක කියලත් ඇය පවසනවා. කොහොම නමුත් මේ සුරූපී නිලි පියුමි හංසමාලි ලස්සනට සැරසිලා චන්දිමාල්ගේ උපන්දින සාදයට සහභාගි වෙලා තිබුණු අපූරුව තමයි අපි මේ විදිහට අරගෙන එන්නට හිතුවේ.