Life Story

ජොබ් කරන බිරිඳන්ගෙ කුස්සිය හරි අපිළිවෙළයි කැතයි ඒ නිසා මේ තීරණය ගැන කලකිරීමක් නෑ – හර්ෂණ බෙත්මගේ

හර්ෂණ බෙත්මගේ කියලා කියන්නේ කලා ලොව තුල සිටින කඩවසම්ම රංගන ශිල්පියෙක්. ඔහුගේ තාත්වික රංගනයත් පෙනුමත් නිසා ම ශ්‍රී ලාංකික බොහෝ රසික රසිකාවියන්ගේ ආදරය සහ ආකර්ෂණය දිනා ගන්නට ඔහුට පුළුවන් වෙලා තියනවා. ඔහු රංගනයෙන් දායක වූ අපි අපි වගේ ටෙලි නාට්‍ය තුළින් කොයි කාගෙත් සිත් දිනා ගැනීමට හැකි වූ ඔහුට තරුණියන් නම් වශී වෙලා තමයි සිටින්නේ. ඉතින් මේ දවස් වල නම් අපට ඔහුව රංගන ක්ෂේත්‍රය තුළ වැඩිය දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඒත් ඔහුට ලැබෙන ආකර්ෂණය නම් තවම අඩුවක් නැහැ.

ඔහු පළමු වරට විවාහ වන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන වොල්ගා කල්පනී සමඟයි. ඇය මේ දවස් වල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍යයයේ ටුටූ කියන චරිතය ඔස්සේ රසිකයන්ගේ නොමඳ ආදරය ලබා ගනිමින් සිටිනවා. ඉතින් හර්ෂණ සහ වොල්ගා ආදරය කර විවාහ වුණත් ඔවුන් දෙදෙනා අතර ඇති වූ යම් යම් මත භේදාත්මක ගැටලු නිසා එම විවාහයෙන් සමු දීමට ඔවුන් තීරණය කරනවා. ඉතින් මේ වන විට හර්ෂණ බෙත්මගේ සුරූපී යුවතියක් වන අරුණි සමඟ සාර්ථක යුග දිවියක් ගත කරන අතර වොල්ගා කල්පනී නම් තනිකඩ ජීවිතයක් තමයි ගතකරමින් සිටින්නේ.

ඉතින් ඔබ අප කවුරුත් දන්නවා හර්ෂණ ව අපට මේ දවස්වල පුංචි තිරය තුලින් වැඩිය දැකබලා ගන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ ගැන ඔහු කියන්නේ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙලා එම නිර්මාණ වලින් හම්බ කරගෙන ජීවිතේ ගෙනියන්නට ඔහුට වුවමනාවක් නැති බවයි. ඉතින් ඔහු කලාව හා සම්බන්ධ වුණේ කලාවට ඇති මහත් ප්‍රියතාව නිසාම බවත් මේ වෙද්දි ඒ ආසාව ටිකෙන් ටික අඩු වෙලා යන බවත් තමයි ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ. ඒ වගේම තමයි ඔහු රැකියාවේ නියුතු කාන්තාවන්ට පෞද්ගලිකව වැඩි ප්‍රියතාවක් දක්වන්නෙ නැහැ. ඒ ගැන ඔහු එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වල තිබුනෙ මේ විදියට.

“ හැමදාම මගේ ජීවිතේ තීරණ ගත්තේ මම නිසා ඒවා වැරදුනත් කාටවත් දොස් කියන්නේ නෑ. මොකද ඒවා මගේ තීරණ. අනිත් එක ජොබ් කරන බිරින්දෑවරුන්ගේ කුස්සිය බලන්න හරි අපිළිවෙළයි කැතයි ජීවිතය සමබර නැහැ. නමුත් ගෙදර යද්දි උදේ වගේම හවසත් ලස්සනට සුවඳට තියෙන්න නම් බිරිය ගෙදර ඉන්න ඕනේ. මේ ජීවිතේ ගැන මං ඉන්නෙ සතුටින්. විවාහයෙන් වෙන් වුන නිසානේ ඒ අත්දැකීමත් ගත්තෙ. ඒ නිසා කිසිම දුකක් කලකිරීමක් නැහැ”

ඉතින් මේ විදියට අදහස් දක්වන ඔහුගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.