Life Story

ඇන්ටි කෙනෙක් බැන්දේ ඇයි කියලා මිනිස්සු දිනේෂ්ගෙන් අහනවා මට ඇහෙන්නම – දිනේෂ් තරංගගේ බිරිඳ

දිනේෂ් තරංග කියලා කියන්නේ නව ගායන පරපුරේ සිටින කාගේත් ආදරය දිනාගත් කඩවසම් ගායන ශිල්පියෙක්. හැදුනද රිදුනද හිත මාගේ , මීවිත පිරුනා මැදියම් රෑ , ඉරණම් ගමනේ ආදී හදවත ස්පර්ශ කරන ඉතාම මියුරු ගායනයන් සංගීත ලොවට දායාද කර දුන් ඔහු මේ වන විට ආදරණීය දියණියකගේ පියෙක් වී අවසානයි. ඔහුගේ බිරිඳ ව්‍යාපාරික කාන්තාවක් වන අතර ඇය ඔහුව විවාහ කරගනු ලබන්නේ ඇගේ දෙවන විවාහය ලෙසයි. දිනේෂ්ව විවාහ කර ගන්නා විටත් ඇයට දියණියක් සිටියා. දිනේෂ් තරංග එම දියණියට ද පියෙක් මෙන් ම ආදරය කරන අතර මේ වන විට ඔවුන් ඉතාම ආදරයෙන් එකිනෙකා පිළිබඳ හොඳ වැටහීමකින් යුතුව ජීවිතය ගෙන යනු ලබනවා.

දිනේෂ් තරංග සහ ඔහුගේ බිරිඳට සමාජය විසින් නොයෙකුත් දේවල් පවසනවා. ඒ ඔවුන් දෙපලගේ වයස් පරතරය නිසයි. නමුත් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකරන ඔවුන් මේ වන විට විවාහ වෙලා වසර 12 කුත් ගතවෙලා. එදා මෙන් ම අදටත් ඔවුන්ගේ ආදරයේ කිසිදු වෙනසක් නොමැති අතර පසුගිය දිනක දී ඔවුන් එක් වූ එක්තරා මාධ්‍ය වැඩසටහනක දී දිනේෂ් ගේ බිරිඳ ඔවුන්ට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කිව්වේ මේ වගේ දෙයක්.

” මම මුලින්ම ප්‍රාර්ථනා කරන්නේ අපි දෙන්නගෙ වගේ ආදර කතා මිනිස්සුන්ට අරුමයක් නොවේවා කියලා. ඇන්ටි කෙනෙක් බැන්දේ ඇයි කියලා මිනිස්සු දිනේෂ්ගෙන් අහනව මට ඇහෙන්නම. මම විවාහ වුණේ වුනේ මට අවුරුදු 29 දී. එතකොට දිනේෂ්ට අවුරුදු විස්සයි. ඒ කාලේ මම ඇන්ටි කෙනෙක් නෙවෙයි මම හිතන්නේ. අපි දෙන්න කසාද බැඳලා දැන් අවුරුදු 12ක් වෙනවා. අපි හරිම සතුටින් ජීවත් වෙනවා. සමහර අය කියනවා අම්මයි පුතයි වගේ කියලා. ඔව් බොහොම සුළු අවස්ථාවන් වල දී හැරෙන්න අනෙක් වේලාවන් වලට මම දිනේෂ්ට අම්මා තමයි. “

මේ විදිහට තමයි එම වැඩසටහනේදී ඇය අදහස් දැක්වූයේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය යුවළගේ සියලුම වැඩ කටයුතු ඔවුන් සිතන පතන අයුරින් ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.