Life Story

තව අවුරුදු 10 කින් ලෝකය වෙනස් වන විදිහ. 2032 දී ලෝකය මොනවගේ වෙයිද?

ඉන්ටර්නෙට්,, එහෙමත් නැත්නම් අන්තර්ජාලය, අද වන කොට මුළු ලෝකයම වෙනස් කරලා.. සාමාන්‍ය මිනිස්සු මීට අවුරුදු 20 කට 30 කට කලින් හිතන්නේ නැතිව ඇති අන්තර්ජාලය මෙච්චර ලෝකය වෙනස් කරයි කියලා.. ඒත් ඒ සාමාන්‍ය මිනිස්සු.. මේ ලෝකයේ සමහර අය ලෝකේ ඉස්සරහට යන ට්‍රෙන්ඩ් එක දැක්කා.. එහෙම දැකලා ඒ ට්‍රෙන්ඩ් එකට අප්ඩේට් වුනා.. එහෙම දෙන්නෙක්ගේ නම කියාන්නද? එක්කෙනෙක් තමයි ඉලෝන් මස්ක්.. අනෙක් කෙනා තමයි ජැක්මා.. ඉලෝන් මස්ක් ඇමරිකාවේ ඉදන් තමන්ගේ පළමු ව්‍යාපාරය ZIP 2 පටන්ගන්න කොට ජැක්මා චීනයෙ ඉදන් අලිබබා ව්‍යාපරය පටන් ගත්තා.. ඉතින් අද වෙනකොට මොවුන් ලෝකයේ ඉන්න ඉහළම කෝටිපතියන්.. අනාගතය කලින් දැකීමේ වාසිය තමයි මේ..

ඉතින් මොකද කියන්නේ.. අපි බලමුද තව වසර 10 කින් ලෝකය මොනවගේ වෙනස් වෙයිද කියලා.. අවුරුදු 10 කින් කිවට මේ වීඩීයෝ එකේ දක්වන කරුණු අවුරුදු 10 ත් 30 ත් අතර සැබෑවිය හැකි දේවල් කියලා හිතාගෙන මේ වීඩීයෝ එක බලන්න.. ඔයා මෙහෙම හිතන්න, ඔයාගේ ජංගම දුරකථනය. ඔයාගේ මුදල් පසුම්බිය, ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එක, ඔයාගේ ඩෙබිට් කාඩ් එක, මේ ඔක්කොම වෙනුවට එකක් තිබ්බොත් කොහොමට තියෙයිද? එකක් කියන්නේ සිහින් කාඩ්පතක්.. ඉතින් මේ කාඩ්පතෙන් ඔයාට කෝල් ගන්න, සින්දු අහන්න, වීඩීයෝ බලන්න විතරක් නෙවෙයි අන්තර්ජාලය හරහා සැරිසරන්නත් පුලුවන්. හැබැයි මේක නිකන්ම නිකන් පොඩි හීනියට තියෙන කාඩ් එකක් විතරයි.. මේකට කියන්නේ ස්මාර්ට් කාර්ඩ් සංකල්පය කියලා.. මේ වන විටත් යම් තරමකට දියුණු රටවල් වල ස්මාර්ට් කාඩ් සංකල්පය ටිකෙන් ටික කරලියට බහිමින් පවතිනවා.අනාගතයේදී ලෝකය විප්ලවීය වෙනසකට භාජනය කිරීමට මේ ස්මාර්ට් කාර්ඩ් වලට හැකියාව ලැබේවී.. අනෙක් අතට මේ සදහා ඔයාට ස්පර්ෂ තිර ටච් කිරීමට ඔයාට අවශ්‍ය නෑ.. ඉලෝන් මස්ක්ගේ නියුරලින්ක් ප්‍රොජෙක්ට් එක නිසා සිතුවිලි මගින්ම මේවා ක්‍රියාත්මක කරන්නට පුළුවන්.

ඒ වගේම ඇමේසන් ආයතනය මේ වනකොට කුණුබක්කියක් නිර්මාණය කරනවා.. කුණුබක්කියක් කිව්වට මේක ස්මාර්ට් කුණුබක්කියක්. ඔයා කන බොන දේවල් , භාවිතා කරන දේවල් මේ කුණු බක්කියට දැම්මම කුණුබක්කිය දැනගන්නවා ආ , මෙයා මේ වගේ දේවල් තමයි කන්න බොන්නේ මේ වගේ දේවල් තමයි භාවිතා කරන්නේ කියලා.. ඊට පස්සේ මේ දත්ත ඔක්කොම යනවා ඇමේසන් ඩේටාබේස් එකට. මේ නිසා පරිඝණක වලට හැකියාව ලැබෙනවා ඔයා නිතර භාවිතා කරන දේවල් ගෙන අදහසක් ලබාගන්න.. ඉතින් ඊලග පාර අන්තර්ජාලයට ගියාම ඔයාට ඔයා භාවිතා කරන දේවල් වල ඇඩ්වටීස්මන්ට් අන්තර්ජාලයෙන් බලාගන්න පුළුවන්.

ඒ වගේම අනාගතයේදි 3D ප්‍රින්ටින්ග් තාක්ෂණය විශාල වශයෙන් ජනප්‍රිය වෙනවා.. කොටින්ම කියනවනම් ආහාර පවා 3D ප්‍රින්ටින්ග් තාක්ෂණය මගින් නිපදවීමට පටන් ගනියි..ඉතින් අනාගතයේ නිවෙස් වල උදුන් නැති වෙයි.. ඒ වෙනුවට 3D ප්‍රින්ටර් තියෙයි.. කරන්න තියෙන්නේ අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ඇතුල් කරලා අවශ්‍ය ආහාරය ගෙන තොරතුරු 3D ප්‍රින්ටරයට ඇතුළත් කිරීම පමණයි..

ඒ වගේම ඔයාට ඉන්ධන වලින් වැඩ කරන වාහන තවදුරටත් බලාගන්නට බැරි වේවී.. ඒ වෙනුවට ඉලෙක්ට්‍රික් වාහන ඔයාට හැමතැනම බලාගන්නට හැකි වේවී.. ඒ වගේම මේවා සෙල්ෆ් ඩ්‍රයිවින්ග් වාහන වේවී.. ඔයා වාහානය පදවන්න ඕනේ නෑ.. වාහනය විසින්ම වාහනය පදවාගෙන යනවා. ඒ වගේම ඉලෝන් මස්ක්ගේ හයිපර්ලූප් වගේ සංකල්ප නිසා ඔයාට පැය දෙක තුනකින් වෙනත් රටකට ගිහිල්ලා එන්නත් පුලුවන් වෙයි. ඒ වගේම මිනීස්සු විනෝද චාරිකා සදහා අභ්‍යාවකාශයට යන්න පටන් ගනිවී.. මේ වන විටත් ඔයාට මුදල් යහමින් තිබේනම් අභ්‍යාවකාශ සංචාරයක් සදහා පිටත්ව යන්න පුලුවන්. මේ සදහා දින දෙකක කෙටි පුහුණුවක් අවශ්‍ය වෙනවා. නමුත් මේ සදහා අධික මුදලක් වැය වන නිසා දැනට මෙම සේවාව ලබාගන්න පුළුවන් සුපිරි කෝටිපතියන්ට පමණයි.. කෙසේ වෙතත් අභ්‍යාවකාඅශය කියලා කියන්නේ මුදල් ආකාරයක් කියලා කිව්වොත් ඒකේ කිසිම වරදක් නෑ. ඒක නිසා තමයි ලෝකයේ ලොකුම කෝටිපතියෝ මේකට වැඩි වැඩියෙන් මුදල් ආයෝජනය කරන්නේ. මේ වන විට මෙම තරගයේ ඉදිරියෙන්ම ඉන්නේ ඉලෝන් මස්ක්, ජෙෆ් බෙසෝස් හා රිචඩ් බ්‍රැන්ඩ්සන් යන කෝටිපතියන්. ඒ වගේම අනාගතයේදී මිනිසුන් අගහරු ලෝකය තුල ජනාවාස හදනවා.. මේකට වර්තමානයේ මූලිකත්වය අරගෙන වැඩ කරන්නේ ඉලෝන් මස්ක්.

ඒ වගේම ඔයාගේ මුළු නිවසම ස්මාර්ට් වේවී.. සිතුවිලි වලින් පමණක් ඔයාගේ ජංගම දුරකථනය, ඔයාගේ පරිඝණකය හසුරුවන්න ඔයාට පුළුවන් වේවී. ඒ වගේම ඔයා මෙහෙම හිතන්න.. ඔයා කාමරයක් ඇතුලට රෑට යනවනම් ඔයාට කාමරයේ ස්විච් එක ඔන් කරන්න වෙනවා.. ඒත් මේ නියුරලින්ක් නිසා මේක තවදුරටත් අදාල වෙන්නේ නෑ.. ඔයාට ලයිට් ඔන් වෙන්න කියලා හිතුවම ඒක හොදටම ප්‍රමාණවත්. ඒ වගේම ඔයා වාහනයට නැගලා වාහනය ස්මාර්ට් වෙන්න කියලා හිතුවම ඇති.. වාහනය නිකන්ම ස්මාර්ට් වෙනවා.
ඒ ඉලෝන් මස්ක්ගේ නියුරලින්ක් තාක්ෂණය නිසා. නියුරලින්ක් තාක්ෂණය මගින් කරන්නෙ මනස හා පරිඝණකය එකට ඒකාබද්ධ කිරීම. මේ නිසා හදිසි අනතුරු වලින් ආබාධ ඇතිවෙන අයට කෘතිම අතපය නිපදවන්න පුළුවන්.,. තමන්ගේ අතපය වගේම සංවේදන ලබාදෙන. ඒ වගේම අන්ධ මිනිසුන් හා බිහිරි මිනිසුන් ලෝකයේ නැති කරන්න මේ තාක්ෂණය හරහා පුළුවන්. කතාකරන්න බැරි අයට කතාකරන්න පුළුවන් විදිහට හදන්න පුළුවන්. මේ සදහා කරන්න ඕනේ මොළයේ තිබෙන දත්ත ඩිජිටල් සංඥ්ඥා බවට පත් කරලා ඒකේන් කෘතිම වොයිස් එකක් හදාගෙන ඒක ස්පීකර් එකකින් ප්ලේ කිරීම පමණයි.

ඒ වගේම මිනිසාට ඇතිවෙන විවිධ මානසික රෝග සදහා ප්‍රතිකාරත් මේ නියුරලින්ක් හරහා ලබාදෙන්නට පුළුවන්. ඒක වෙන්නේ මිනිසාගේ DEEP BRAIN එකේ තියෙන දත්ත කියවාගැනීම තුලින්.. ඒ වගේම අනාගතයේ ජීවත් වෙන අයට පාඩම් කිරීමේ අවශ්‍යතාවයක් නෑ.. ඒ අවශ්‍ය දැනුම නියුරලින්ක් හරහා ඩවුන්ලෝඩ් කරගැනීමට හැකිවීම නිසා.

ඒ වගේම ඔයාට සින්දුවක් රසවිදින්න තවදුරටත් හෙඩ්පෝන් එකක් , හෑන්ඩ් ෆ්රී එකක් ඕන වෙන්නේ නෑ .. ඔයාට නියුරලින්ක් වලින් පුළුවන් මේ දෙය ඔයාගේ මොළය ඇතුලෙම ප්ලේ කරන්න.

ඉතින් ලෝකයේ අනාගතය ගෙන කතාකරද්දි අපිට මෙටාවර්ස් ගෙන අමතක කරන්නම බෑ. මේ හරහා කෘතිමව නිර්මාණය කල පරිඝණක ලෝකයක් වෙත පිවිසීමට ඔයාට පුළුවන්. ඉතින් ඔයාට ඇත්තම ලෝකයක ජීවත් වෙනවා වගේ හැගීමක් ඒ හරහා ලැබේවී. අනෙක් අතට ඔයාගේ පෙනුම හෝ ශරීරය ගෙන ඔයාට සතුටක් නැත්නම් තමන්ට කැමති ශරීරයකින් පෙනී සිටින්නට මේ මෙටාවර්ස් වලදි ඔයාට පුළුවන්. ඔයාට ඕනේනම් සත්වයෙකුගේ රූපයකින් වුනත් පෙනී ඉන්න පුළුවන්. ඒ වගේම මෙටාවර්ස් තුල ඔයා කැමතිම තැනකට ඉතාඉක්මනින් ගමන් කරන්න පුළුවන්. ඉතින් ඔයාට ඕනනම් මෙටාවර්ස් හරහා කාලය හරහා ගමන් කරලා එතන වෙන දේවල් බලාගෙන ඉන්න පුළුවන්.. හැබැයි මේ සදහා එවැනි දේවල් මෙටාවර්ස් එක තුල නිර්මාණය කර තිබිය යුතුයි. ඉතින් දැන් යොවුන් වියේ දරුවන් හා තරුණයන් ජංගම දුරකථනයට ඇබ්බැහි වෙලා ඉන්නවා වගේ ඒ කාලයේ ළමයින් හා තරුණයන් වගේම වැඩිහිටියනුත් VR හෙඩ් සෙට් හරහා මෙටාවර්ස් වල සැරිසරනවා අපිට බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම මෙටාවර්ස් හරහා පරිඝණක මගින් නිර්මාණය කල ස්වභාවික ලෝකයේ ඇති තැන් වලට බොහෝ ස්ථාන වලට යන්න පුළුවන් නිසා සැබෑ ලෝකයේ ගමන් බිමන් ගොඩක් අඩු වෙයි. කොටින්ම කියනවනම් මිනිස්සු හැමෝම මෙටාවර්ස් වලට ඇබ්බැහි වෙයි.. ඒ නිසාම මෙටාවර්ස් තුලට වෙළෙද ආයතන පවා පැමිණීම සිද්ධ වෙයි. ඒ වගේම රැකියා කරන්නත් මිනිස්සු මෙටාවර්ස් එක ඇතුලට යයි. කෙසේ හෝ මේවා සංවේදනය කිරීම සදහා ඒ කියන්නේ ඇත්තටම වෙන දේවල් වගේ දැනීම සදහා දැනටත්මත් සංවේදක සහිත විවිද ඇදුම් නිර්මාණය කරලා තියෙනවා.. ඒ වගේම අනාගතයේදී මෙයට නියුරලින්ක් තාක්ෂණයත් එකතු වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ වීඩීයෝ එක බලන ඔයා ඕන තරම් පරිඝණකය හෝ ජංගම දුරකථනය භාවිතා කරලා ගේම් ගහනවා ඇති.. ඒත් කවදාවත් ඔයාට ගේම් එක ඇතුලට යන්න පුළුවන්ද? ඉතින් අනාගතයේදී නියුරලින්ක් තාක්ෂණය හා සමග බැදීපවතින මෙටාවර්ස් එක තුල ඇත්තටම මේ දේ කරන්න ඔයාට පුළුවන්. ඒ කියන්නේ මේකට ක්වොන්ටම් පරිඝණක තාක්ෂණයත් එකතු වුනොත් අපි මේ ඉන්න ලෝකයට සමාන ලෝකයක් පරිඝණකය තුල නිර්මාණය කරලා ඒ ලෝකයන් අතර සැරිසරන්න.. ඒත් එතකොට ඔයාට මායාව හා යථාර්තය කියන්නේ මොකක්ද කියලා අමතක වෙයි.