Life Story

මම single නැහැ. දැං මේ ලමයි දෙන්න ගැන විතරක් නෙවෙයි අපේ ජීවිතවලට එකතු වෙන කෙනා ගැනත් සිතිය යුතුයි 

නර්මදා යාපා අබේවර්ධන කියලා කියන්නේ මේ දවස් වල කවුරුත් හොඳින් හඳුනන ආදරණීය චරිතයක්. හිරු ටීවී නාලිකාවේ විකාශය වන copy chat වැඩ සටහනේ නිවේදිකාවක් ලෙසින් අප හමුවට එන ඇය රූ රැජන තරගාවලිය සඳහා ඉදිරිපත් වූ රුවැත්තියක් ද වෙනවා. Tik tok සමාජ මාධ්‍ය ජාලය ඔස්සේත් නිරන්තරවම රසික හමුවට එන ඇය බොහෝ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ගේ නිරන්තර ආදරය සහ ආකර්ෂණය දිනාගත් කාන්තාවක්. මේ වන විට දරුවන් දෙදෙනකුගේ මවක් වන ඇය විවාහ ජීවිතයෙන් වෙන් වී දරුවන් දෙදෙනා සමඟ තමයි කාලය ගත කරන්නේ. නමුත් මේ වන විට ඇයට පෙම්වතෙක් සිටින බව තමයි අපට ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙන්නේ. කොහොම නමුත් මේ වන විට ඇයගේ නවතම තොරතුරු රාශියක් පසුගිය දිනක එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පවසලා තිබුණා. ඇගේ විවාහය පිළිබඳව අදහස් දක්වල තිබුන මේ විදියට.

“නැවත විවාහ වෙන්න නම් කිසිම බලාපොරොත්තුවක් නැහැ. මම බොරු කියන්න අකමැතියි. මම single නම් නැහැ. මට ආදරය කරන, මම ආදරය කරන, මගේ ජීවිතයේ දුක සතුට බෙදාගනිමින් මාව තේරුම් ගත්ත කෙනෙක් ජීවිතයේ ඉන්නවා.

ජීවිතයේදී අපි හැමෝටම වැරැදීම් විය හැකියි. වැරැදුණා කියා පසුතැවෙමින් ඉන්න බැහැ. සතුටින් හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න මමත් කැමතියි. ඉදිරියේදී සියල්ල සාර්ථක වේවි යැයි විශ්වාස කරනවා. ජීවිතයේදී කොළයකට පමණක් යටත් වන්න මට අවශ්‍ය නැහැ. පළමුව දෙදෙනා හොඳින් තේරුම් ගත යුතුයි. දැන් මම විතරක් නෙමෙයි මට දරුවෝ දෙදෙනෙක් සිටිනවා වගේම අපේ ජීවිතවලට එකතු වෙන කෙනා ගැනත් සිතිය යුතුයි. ඒ නිසා නිසි අවබෝධයක් නැතිව තීරණ ගන්න බැහැ වගේම කිසි දේකට ඉක්මන් විය යුතු නැහැ.”

ඉතින් මේ විදියට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.