Life Story

මැනිකේ මගේ හිතේ ගැයෙන thankgod චිත්‍රපටය හරහා ශලනි අන්තර්ජාලයම අවුලයි

ශලනි තාරකා කියලා කියන්නේ කලා ලොව තුල සිටින අති දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. බොහෝ ටෙලි නාට්‍ය හා සිනමා නිර්මාණ හරහා ඇය ඇගේ දස්කම් විදහා දක්වා තිබෙනවා. ඇයගේ එම අපූරු රංගන කුසලතාවය නිසාම තමයි හොඳම නිළියට හිමි සම්මානය සහ ජනප්‍රියම නිළියට හිමි සම්මානය යන ද්විත්වයම ඇයට දිනා ගැනීමට පුළුවන්කම ලැබුණේ. ඉතිං ඔබ අප කවුරුත් දන්නවා මේ දවස් වල යොහානි ගායනා කරන ලද මැනිකේ මගේ හිතේ version එක ගැයෙන බොලිවුඩ් සිනමා පටයක් වන thankgod චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ඊයේ දිනයේ දී ටී -series වෙත මුදා හරිනු ලැබුවා. ඒ වගේම තමයි එම ගීතයත් මේ වන විට අතිශය ජනප්‍රිය අන්දමින් රූපවාහිනිය තුළ සහ සමාජ මාධ්‍ය තුළ විකාශය වෙනවා.

ඉතින් මේ චිත්‍රපටයත් සමඟ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු සිදුවීම තමයි එම බොලිවුඩ් චිත්‍රපටයේ නළු නිළි නාමාවලියේ ශලනි තාරකාගේ නම තිබුණේ ඇයි දැයි කියන එක. ඉතිං ඇත්තටම මේක කුතුහලය දනවන කරුණක් නිසාම ගොඩක් පිරිස් මේ දේ විශ්වාස කර විවිධ ඡායාරූප සහ පෝස්ට් පළ කරමින් ශලනිට සුබපැතුම්පත් එක්කරලා තිබුණා. හැබැයි ඇත්තටම මේක ගූගල් වලට වෙච්ච වැරැද්දක් කියලා තමයි කියන්නේ.මොකද විකිපීඩියා වලවත් ටී සීරිස් ප්‍රචාරක පටයේ ශලනිගේ නම යන්තමින්වත් සඳහනක් නැති බව තමයි දැනගන්නට ලැබෙන්නේ. ඉතින් මේ පිළිබඳව වැඩි විස්තර සඳහන් වෙන සටහනක් අපට මුහුණු පොත තුලින් හමු වුණා. එහි සඳහන් කරලා තිබුනෙ මේ වගේ දෙයක්.

” Thankgod හින්දි චිත්‍රපටය සදහා ශ්‍රී ලාංකික සුරූපී නිළි ශලනි තාරකා හට තම රංගන දායකත්වය ලබා දීමට හැකියාව ලැබී ඇති බව සමහර සමාජ පිටු ඔස්සෙ දැකීම නිසාමයි මෙ පෝස්ට් එක දාන්න හිතුවේ . හෙව්වා හෙව්වා හොයලා බැරිම තැන ලියන්න පටන් ගත්තා. ශලනි තාරකා මෙම සිනමා පටයෙහි ඉන්නවා කියලා ගූගල් එකේ cast එක බලද්දී පේනවා . නමුත් මීට මාස ගානකට පෙර බලද්දී අපේ රටේ දේශපාලනයට සම්බන්ධ අයගෙන් නමුත් දාලා තිබිලා තියෙනවා .

මේ කාලය කොටස් වලට ගත්තොත් වසකට සීමා කරොත් ශලනි තාරකා ගිය වසර අතරේ යම් යම් යූටිඋබ් නාලිකා වල ඉන්ටවිව් වලට ඇවිත් තියෙනවා නමුත් කොතනකවත් මෙහෙම ඉන්දියාවේ සිනමා පටයක් සදහා ඇය සහභාගි වෙනවා කියලා කීවේ නැහැ. අනික තමා මේ මේ අදාල artist ලගේ fans ලා පෝස්ට් ලියලා තියෙනවා පේජ් හරහා පහත ස්ක්‍රීන් ශොට් එකේ ආකාරයට . ඒ පෝස්ට් වලට අදාල කලා කරුවන් ඇවිත් කමෙන්ට් දාලත් තියෙනවා නමුත් කිසිවෙක් ඇත්ත නැත්ත කියන්නේ නැහැ .

අනික තමා යූටිඋබ් , ගූගල් එකේ වැටෙන සියල්ලමත් සත්‍ය තොරතුරු නොවන බවත් . Official වෙබ්සයිඩ් එකකින් එලියට දැම්මොත් තමා විශ්වාස කරන්න පුළුවන් බවත් තමා මගේනම් නිගමනය . විශේෂයෙන් යූටියුබ් එකේ තනිකරම තියෙන්නේ එඩිට් ඉන්දියාවේ. එතකොට මොකක්ද ඇත්ත කියලා ශ්‍රී ලංකාවේ තියා ඉන්දියාවේ උන්වත් නොදනී . ඉන්දියාවේ ඉදලා දවල් cast එක බලද්දී shalani tharaka කියලා මට පෙන්නුවේ නැහැ . ඊටපස්සෙ මම ශලනි තාරකා කියලා එයාගෙ wikipedia බලද්දී තමා ෆිල්ම් එකේ නම දැක්කෙ . මට හිතාගන්න බැරි ඇය ඇත්තටම මේකට සම්බන්ධ නම් ඇයි අඩුම මිලියන ගානක් ඉන්න නිළියක් පොඩි දෙයක්වත් නොකීවේ කියලා . සප්රායිස් කියාගෙන එන්න ඉන්නවා ද දන්නෙ නැහැ .

කොහොම හරි ශලනි තාරකාට මේකට අවස්ථාව ලැබිලා නම් රටක් විදිහට සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් තමා . චමත් සංගීත් මේකේ මියුසික් ඩිරෙක්ට් කරා කියලා සහා යොහානි ඉන්නවා කියලා ඉන්දියාවේ officially දාලා තියෙනවා දැක්කා සතුටුයි . නමුත් ශලනි ගැන කිසිම කතාවක් නැහැ . මට හිතෙන්නේ ඒක බොරුවක් කියලමයි . මැනිකේ සිංදුව මැද්දෙන් කකුලක් දාලා අතක් වනලා යන්න ශලනි ඉන්නවා කියලා හිතන්න බැහැ නේ. කෙසේහෝ ෆිල්ම් එක ආපුවම ඉස්සරෝම සැරේ බලද්දී මුලින්ම බලන්න ඕනේ ශලනි ඉන්නවා ද කියලා . ඊටපස්සෙ දෙවෙනි පාර ෆිල්ම් එක බලමු Nethmi Kavisha Ranathunga “

ඒ විදියට තමයි එම සටහනේ පළ කරලා තිබුණේ. නමුත් ශලනි තාරකා නම් මේ පිළිබඳව තවමත් කිසිම දෙයක් සදහනක් කරන නැහැ. කොහොම නමුත් මැනිකේ මගේ හිතේ ගීතය බොලිවුඩය වැනි විශාල කලා තෝතැන්නක ගායනා කිරීම ශ්‍රී ලාංකිකයන් ලෙස ඇත්තටම අපිට ආඩම්බරයක්.