Life Story

සංඝ හොඳම බැට්ස්මන් කෙරේ ජේසු ඔයා එයාව විශ්වාස කරන්න

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ සදා නොමැකෙන නාමයක් බවට පත්වුනෙ. සුපිරි පිතිකරු කුමා සංගක්කාර. රට වෙනුවෙන් අන්තර්ජාතික වාර්තා රැසකට හිමිකම් කියූ ඔහු. අපේ ක්‍රිකට් ඊළඟ තලයට ඔසවා තබනු ලැබුවා. ඔහු නිසාම මගේ බිරිඳ අපේ රටේ ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා. වෙළඳ දැන්වීම් රැසකම ඇය පෙනී සිටියා.

පසුගිය දවසක සංගක්කාරගේ බිරිය බෝර්න් අගේන් ක්‍රිස්තියානි නිකායේ ප්‍රචාරාත්මක වැඩසටහනකට එක් වෙමින් සිදු කළ ආන්දෝලනාත්මක කතාවක් මේ වෙද්දි සමාජ ජාල තුළ කාගෙත් කතාබහට ලක්වෙනවා.

එහිදී ඇය ප්‍රකාශ කර තිබුණේ මෙන්න මෙහෙම අදහසක්. මම උපතින් සාම්ප්‍රදායික ක්‍රිස්තියානි පවුලක. මම දැන් අලුත් නිකායේ. මට කුමාර්ව මුලින්ම හම්බ උනේ අවුරුදු 17දි. අපි ආදරය කරලා විවාහ වුණා. එයා ක්‍රීඩාවෙන් ගොඩාක් උඩට ගියා ලෝකෙ හොඳම බැට්ස්මන් වුණා. මං දන්නවා ඒ සියල්ලම උනේ අපි යාඥා කරපු නිසා කුමාර් අවුරුදු 15 ක් රිකට් ගැහුවා. ඒ කාලේ ඔහුට සියලු දේවල් ලැබුණා.ඒ සියලු දේවල් අපිට ලබා දුන්නේ අපිට කරගන්න පුළුවන් උනේ දෙවියන් වහන්සේ නිසා.T20 world cup එකේ එයා හොඳට සෙල්ලම් කරේ මම දෙවියන්ගෙන් යාඥා කළ නිසා.මගේ අම්මගේ බඩට මාව ආවේ jesus නිසා. අසනීප වුණු දරුවන් සුව වුණා. අපේ යාලුවන්ට ක්‍රිකට් ජීවිතේ ප්‍රශ්න ආවහම විසඳුවා ඔබට කියනවා jesus විශ්වාස කරන්න කියලා. ඔහු ඔබට කතා කරයි.

මං කියල තියනවා දෙවියන් වහන්සේට මාව යූස් කරන්න තව කෙනෙකුගේ කරදරේ නවතන්න. දවසක් මං පාරෙ යද්දි හරි දුකින් යන ගෑනු කෙනෙක් හම්බ වුණා. මං වාහනේ නවත්තල කතා කරා. එයා කිව්වා මහත්තයා හිරේ ගියා කියලා. මං ගෙදර ගිහාම ජීසස් කියනවා මෙතැනින් ඉවර නැහැ කියලා. මට පහුවදාත් හම්බවුණා. මං එයාගෙන් ෆයිල් නම්බරේ ඉල්ල ගත්තා. මෙයා වැරදි කරල නෙමේ.. මිනියක් මරලා කියල හිරේ ගියාට කෙනෙක්ව ආරක්ෂා කරන්න ගිහින් වෙලා තියෙන්නෙ. මං ප්රේ කරපු නිසා එයා බේරුණා.දවස් දෙකින් නිදහස් වුනා.

හැමදේම දණගහල අපට වෙනස් කරන්න පුළුවන්. අද දෙවියන් ඉන්නවා අපිට කතා කරන්න පුළුවන්…