Life Story

මං දෙයියන්ගෙන් අහන්නේ යන්න ඉන්න අපිව ගන්නැතුව ඇයි මේ තරුණයො ගන්නෙ කියලා දර්ශන් වෙනුවෙන් සංවේදී වූ සුසිලා

පහුගිය දවස් වල කලා ලොවට මහත් වූ ඛේදජනක සිදුවීමකට මුහුණ දෙන්නට වුණා. ඒ අපි කවුරුත් ආදරය කරන නිහතමානි ද්‍රවිඩ රංගන ශිල්පියෙක් වන දර්ශන් ධර්මරාජ් මහත්මාගේ හදිසි වියෝව නිසාවෙන්. අසනීප තත්ත්වයෙන් පසු වූ ඔහු හදිසියේම මෙලොව හැරයන්නේ පවුලේ උදවිය කලාකරුවන් පමණක් නොව මුළු ශ්‍රී ලාංකික රසික රසිකාවන් සියල්ලක්ම හඬවමින්. ජීවිතයේ අති දුෂ්කර හැරවුම් ලක්ෂ පහු කරමින් බොහෝ බාධක මැද රංගන දිවියට ප්‍රවිශ්ඨ වන ඔහු සැබැවින්ම නිහතමානි නිරහංකාර කලාකරුවෙක් බව කිව යුතුමයි.

ඒ නිසාම තමයි ශ්‍රී ලාංකික මුළු කලා ලොවේම කලාකරුවන් ඔහුගේ අවසන් කටයුතු වෙනුවෙන් සංවේදී කඳුළු හෙළමින් සහභාගී වී සිටියේ. ඉතින් ඒ අතර පැමිණ සිටි කලා ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි සුසිලා කෝට්ටගේ මහත්මිය. ඉතින් ඇය දර්ශන් මහතාගේ මේ හදිසි වියෝව ගැන සංවේදී වෙමින් එක්තරා රූපවාහිනී නාලිකාවකට මේ විදිහට සිය සංවේගය පළ කරලා තිබුණා.

” දර්ශන් ධර්මරාජ් අපේ සහෝදරයා , දරුවා , මං හිතන් නෑ අපිට මේ අඩුව පුරවන්න කෙනෙක් ලැබෙයි කියලා. ඒ තරම් නිහතමානී වගකීමකින් වැඩ කරපු කෙනෙක් ඔහු. මං දෙයියන්ගෙන් අහන්නේ යන්න ඉන්න අපිව ගන්නැතුව ඇයි මේ වගේ තරුණ දරුවෝ අරගෙන යන්නේ. දර්ශනගේ පාඩුව විඳදරා ගන්න මට අමාරුයි මොකද මම ඔහුත් එක්ක කරට කර රඟපාලා තියෙනවා.

ඒ රඟපාපු වෙලාවට මට කෑ ගහනකොට ඒ කෑ ගහන අවස්ථාව ඉවර වෙලා විනාඩි පහක් විතර මාව බදාගෙන ඉන්නවා. වාව ගන්න බෑ අක්කට බැන්න එක කියලා. කොහොම කරත් විශ්වය අපිට දීපු දඬුවමක්. ඇයි අපේ කලාකරුවන්ට මෙහෙම වෙන්නේ. හැබැයි ස්වභාධර්මය හැටියට ටිකක් හිතුවක්කාර නිසා වෙන්න ඕනේ. බෙහෙත් හේත් ටික හරියට ගත්ත නං දර්ශන තාම ඉන්නවා. ඉතින් ඔබට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ආත්ම ගණනාවකට අපිටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දර්ශන. ඔබට පුතේ නිවන් සුව “

ඒ වගේම සුසිලා කෝට්ටගේ මහත්මියගේ දයාබර සැමියා වන රහල් මහත්මාත් ඒ අවස්ථාවේදී මේ විදිහට සංවේදීව අදහස් දක්වනවා.

” ලොකු කට්ටක් කාගෙන දුර ගමනක් යන්න ආපු හිතවත් සහෝදරයා ඔයාට ලොකු අනාගතයක් තිබුණා. අපේ අවාසනාවකට ඔයා අපිව දාලා ගියා. මම ඔයාට සුභ ගමන් ප්‍රාර්ථනා කරනවා පුතේ අපේ ආගමේ හැටියට ඔයාට නිවන් සුව ලැබෙනවා පුතෙ. “

ඉතින් දැයෙන් සමුගත් දර්ශන ධර්මරාජ් ආදරණීය කලාකරුවානනි ඔබට නිවන් සුව.