Life Story

ඔයා මගේ ජීවිතේට මේ දෙන හයියෙන් තමයි මගේ පණ මට ඔයාට හයියක් වෙන්න හිත හයිය වෙන්නේ – සුලෝචනා වීරසිංහ

සුලෝචනා වීරසිංහ කියලා කියන්නේ සිංහල සිනමාව තුළ ආන්දෝලනාත්මක චරිත මැවූ අපූරු රංගන ශිල්පිනියක්. තන්හා රතී රඟා සිනමාපටය වැනි සම්භාව්‍ය ගණයේ චිත්‍රපට තුළ සිය රංගන හැකියාව විදහා දක්වන ඇය සැබැවින්ම කලා ක්ෂේත්‍රය තුළ සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක් වනවා. ඒ වගේම තමයි ඇය සැබෑ ජීවිතය තුළත් නිහතමානි කාන්තාවක් වන අතරම මේ වන විට ආදරණීය මවක් ද වනවා. ඉතින් සුලෝචනා කියලා කියන්නේ නිරන්තරයෙන්ම ඇයගේ ජීවිතයේ පෞද්ගලික අත්දැකීම් පිළිබඳව සිය මුහුණ පොත තුළ පළ කරන රංගන ශිල්පිනියක්. ඉතින් පසුගිය ලෝක ළමා දිනය වෙනුවෙන් ඇය තම දියණියට හරි අපූරු ආදරණීය සටහනක් සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුම ඔස්සේ මෙලෙස පළ කරලා තිබුණා. ඉතින් ඒ සඳහා බොහෝ රසික රසිකාවියන්ගේ උණුසුම් ප්‍රතිචාරත් ඇයට ලැබී තිබුන. ඇය සටහන් කරලා තිබුණේ මේ වගේ දෙයක්.

” පහුගිය දවස් දෙක එයත් එක්ක ගෙවුනේ මෙහෙම. බ්‍රහස්පතින්ද එයාව ඉස්කෝලෙන් දාලා අම්මාව මහරගමින් නුවර බස් එකට දැම්මා කෑගල්ලේ යන්න. අම්මාට 30 එහේ clinic යන්න තිබුණා. අම්මා දැන් සති තුනක වගේ ඉදන් අපිත් එක්ක හිටියේ. ඉතින් වෙනදා school van එකේ ඇවිත් බහින එයාව ගෙදර අරන් යන්නේ අම්මා. එදා අම්මා නැති නිසා මම office එකේ ඉදන් ඇවිත් එයාව නාවින්නෙන් අරන් ආයෙත් office ගියා. එයාට නම් හරිම හැපී කාලෙකින් අම්මාගේ office ගිය නිසා. හවස මගේ ඇදුම් වගයක් ෆිටෝන් කරන් කෙලින්ම office off වෙලා බොරලැගමුවෙ ගියා. ඒ අවිත් අපි රෑට නූඩ්ලස් හදාගෙන කාලා නිදා ගත්තා.

30 ඉස්කෝලේ ලෝක ලමා දිනේට ඉවෙන්ට් එකක් තියෙනවා කිව්වා. ඉතින් එයා ඉස්කෝලේ යන්න ආසාවෙන් හිටියේ. ඊයේ දවස මට අලුත්ම ටෙලිඩ්‍රාමා එකක ෂූටින් යන්න තිබුණ පළවෙනි දවස. අම්මා කෑගල්ලේ යද්දී එයා යවන්න පුලුවන් උනත් නොයැව්වේ ආසාවෙන් ඉස්කෝලේ යන්න තිබුණ දවස එයාට මිස් කරන එක පව් නිසා. එයා ඉස්කෝලෙන් දාලා මම location එකට ගියා. 12.30 ට එයාව ගන්න මම ගියා location ඉදලා. එයා එදාට අරගෙන එන්න වෙනව කියලා මම AD ඇතුලු කීපදෙනෙක් දැනුවත් කරලා තිබුණේ.

අලුත්ම වැඩක පලවෙනි දවස කියන්නේ actor කෙනෙක්ට හැම පැත්තෙන්ම ටිකක් චැලේන්ජින් පැය කීපයක්. මොකද අලුත් character එකක් , අලුත් director කෙනෙක් ,අලුත් set එකක්, කලින් වැඩ නොකරපු actors ලා. මේ හැම දේමත් එක්ක අවධානෙන්,අවබෝධයෙන් ඒ පැය කීපය වැඩ කිරීම උඩ තමයි තමන් කරන චරිතෙට වගේම තමන් එක්ක නිර්මාණයට සම්බන්ධ උනු අයටත් සාධාරණයක් වෙන්නේ. ඉතින් ඊයේ දවසේ දවල් 12.45 ඉදන් රෑ 8 වෙනකම් එයා set එකේ මට පේන දුරින් ඉදන් මට මගේ අලුත් crew එකත් එක්ක සැහැල්ලුවෙන් වැඩ කරන්න ,පුන්චි දරුවෙක් විදිහට පුලුවන් උපරිමෙන් එයාගේ අම්මාට උදව් කරා. මගේ මැණික. ලෝක ළමා දිනයෙදි විතරක් නෙවෙයි මට ඔයා ඔයාගේ ජීවිත කාලෙම සතුටින් සැහැල්ලුවෙන් විනෝදෙන් ඉන්නවා දකින්නයි ඕන. ඔයා මගේ ජීවිතේට මේ දෙන හය්යෙන් තමයි මගේ පන මට ඔයාට මම මැරෙනකම් හය්යක් වෙන්න හිත හය්ය වෙන්නේ. එයා වගේ මේ ලෝකේ ඉන්න හැම දරුවෙක්ටම ආදරය,රැකවරණය ,සතුට,සැහැල්ලුව පිරි සුන්දර ළමාවියක් ලැබේවා ” ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.