Life Story

විවාහය නැතිකර ගැනීම සිම්පල් දෙයක් අපි දැන් බැඳලා අවුරුදු 10ක් වෙනවා – රුවන් හෙට්ටිආරච්චි

රුවන් හෙට්ටිආරච්චි කියලා කියන්නේ නව පරපුරේ සිටින අති දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ඔහු ගායනා කරන ලද නොදැක ඉන්න බෑ , හිරු මල් , දුක වැඩි නෙතේ , රැවටුන තරම් ආදි ගීත ශ්‍රී ලාංකික බොහෝ රසික රසිකාවියන් ඉමහත් ආදරයෙන් යුතුව වැළඳ ගනු ලැබුවා. ඔහුටම ආවේණික වූ හඬ පෞරුෂයක් සතු රුවන් හෙට්ටිආරච්චි විවාහ දිවියට එළඹෙන්නේ ඔබ අප කවුරුත් දන්න ආදරණීය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ෂෙරිල් ඩෙකර් සමගයි. ඔවුන්ගේ ආදර කතාවත් හරිම ආදරණීයයි. රුවන් හෙට්ටිආරච්චි ගේ ගීතයක් නිසා තමයි ඇයව ඔහුට හමුවන්නේ.

ෂෙරිල් කියනවාටත් වඩා ඇයව ගොඩක් දෙනෙක් අදටත් හඳුන්වන්නේ අමා කියන නමින්. ඒ එවකට ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වු අමා ටෙලි නාට්‍යය තුළ ඇය රඟ දැක්වූ චරිතය නිසයි. ඉතින් ඇය ඉන්පසු නිර්මාණ කිහිපයකට රංගන දායකත්වය ලබා දුන් අතර music videos ඔස්සේත් photoshoots ඔස්සේත් අපට නිරන්තරව ම ඇයව දැකබලා ගන්නට පුලුවන් වෙනව. ඉතින් පසුගිය කාල වකවානුව තුළදී ඇය පිළිබඳව බොහෝ දෙනෙක් නොයෙක් ආකාරයේ දෝෂාරෝපණ එල්ල කරනු ලැබුවා. ඒ ඇය නිරන්තරවම සුරතල් සතුන් කෙරෙහි අවධානය යොමු කළත් දරුවෙක් පිළිබඳව සිතන්නෙ නැතැයි කියායි.

නමුත් ඇයත් රුවනුත් පමණක් දන්නා දුක්බර සිදුවීමක් තිබෙනවා. ඒ තමයි ඇය දෙවරක් ම මව් පදවිය ලැබීමට වාසනාවන්ත වුණත් එම දරුවන් ඔවුන් හැර යාම. ඉතින් ඇයගේ මෙම දුක්බර කතාවෙන් පසුව බොහෝ දෙනා ඔවුන්ගේ වැරදි කතන්දර ගැන පසු තැවී ඇයට කිරි සිහිනය සැබෑ වීමට ආශිර්වාද කරනු ලැබුවා. පසුගිය දිනක දී රුවන් සහ ෂෙරිල් එක් වූ එක්තරා උත්සවයක් අතරතුරදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට රුවන් හෙට්ටිආරච්චි හරි අපූරු පිළිතුරක් ලබා දෙනවා.

“ අපි දෙන්නා බැඳලා දැන් අවුරුදු 10ක් වෙනවා. ඉතින් ජීවිතයට අභියෝග ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. නොයෙකුත් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ හැම අවස්ථාවකදීම දෙන්නගෙ තේරුම් ගැනීම වැදගත් වෙන්නෙ. ඒ තේරුම් ගැනීමත් එක්ක අපි ඉස්සරහට යන්න ඕනි. මොකද විවාහ වීම ඉතාමත් අමාරු දෙයක්. ඒක නැති කරගැනීම සිම්පල් දෙයක්. ”

ඉතින් කවුරුත් ආදරය කරන මෙම දෙපළගේ සියලුම සිතුම් පැතුම් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.