Life Story

එක්කෙනෙක් ඉන්නවා හිතන් ඉන්නෙ හරි නිළිය කියලා රැගුවට කමක් නැ හරි විදියට. ෂෙරිල්ට හොදටම මල පනී

ෂෙරිල් ඩෙකර් කියලා කියන්නෙ කලා ක්ෂේත්‍රය තුල සිටින ජනප්‍රියම රංගන ශිල්පිනියක්. මීට වසර ගණනාවකට පෙර ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වු අමා ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වූ ඇයට එම චරිතය ඔස්සේ බොහෝ රසික රසිකාවියන්ගේ ආදරය සහ ආකර්ෂණය දිනාගැනීමට පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි ඇය photoshoot සදහාත් music video සඳහාත් වෙළඳ දැන්වීම් සඳහාත් නිරන්තරයෙන්ම සිය දායකත්වය ලබා දෙනවා. අහිංසක පෙනුමකට හිමිකම් කියන ඇයට ඇත්තේ ඇයටම ආවේණික වූ අපූරු සුන්දරත්වයක්.

ඇය විවාහ වන්නේත් ලංකාවේ ඉන්න ප්‍රසිද්ධම පුද්ගලයෙක් සමග. ඒ තමයි කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන රුවන් හෙට්ටිආරච්චි සමඟයි. නොදැක ඉන්න බෑ , ඇමතුමක් ආදී ඉතාමත්ම මියුරු ගීතයන් ඔස්සේ රසික රසිකාවියන්ගේ සවන් පිනවූ ඔහු, ඔහුගේ බොහෝ ගීත වල රූප රචනය සඳහා දායක කර ගන්නේ ඔහුගේ බිරිඳ වන ෂෙරිල් ඩෙකර්වයි. ඉතිං මෑතකදී සිය ෆේස්බුක් ගිණුමේ ෂෙරිල් ඉතාමත්ම සැර ප්‍රකාශයක් එක්තරා කාන්තාවක් සඳහා සටහන් කරලා තිබුණා. නමුත් ඇය එහි නම් ගම් පිළිබඳව නම් සටහන් කරලා තිබුනෙ නම් නෑ. ඇය තබා තිබුණේ මෙවන් දෙයක්.

“එක්කෙනෙක් ඉන්නවා හිතන් ඉන්නෙ හරි නිලිය කියලා. ඔයිට වඩා ඒවා අපි දැකලා තියෙනවා ඉතින්. අනිත් අයව හෝදනවට වඩා වැඩක් නැ එ උත්තමාවියට. මෙහෙමයි ඉතින් රැගුවට කමක් නැ හරි විදියට. කාවවත් නිකන් කපාගෙන යන්න හදනවනම් තමන් ගෙ තැන හදාගන්නැතුව ඒක ඔයාගෙ අවුලක්. අපිටත් කියන්න පුලුවන් ඒත් අපි කියන් නැ. මොකද එතකොට ඔයාගෙයි මගෙයි වෙනසක් නැති වෙනවා. ඒ නිසා ප්ලීස් පඩුවෙ ඉන්න මැඩම් I love you “

කොහොම නමුත් ඉතිං ඇය මේ වගේ ප්‍රකාශයක් කරලා තියෙන්නේ කාටද කියලා ඔයාලත් ගෙස් කරලා බලන්න. ඉතින් ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියල අපි ප්‍රාර්ථනා කරනවා.