Life Story

කෙනෙක් ජීවිතේ නැති කරගත්තට පස්සෙ අඬලා දොඩලා කවි ලිව්වට වැඩක් නෑ ඉන්න කාලෙයි බලන්න ඕනේ

ශලිනි තාරකා කියලා කියන්නේ මෑත කාලීනව බිහි වූ රංගන ක්ෂේත්‍රය තුළ සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක් කිව්වොත් මා නිවැරදියි. ඉතාමත්ම තාත්වික රංගන හැකියාවකට හිමිකම් කියන ඇයට පහුගිය දවස්වල බොහෝ දෙනා කතා කළේ අසේකා කියන නමින්. ඒ අතිශය ජනප්‍රිය වෙමින් ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ මීනු ටෙලිනාට්‍යයේ ඇය රඟ දැක්වූ චරිතය නිසයි. ඉන් පෙරත් ඇය ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වු ගිරි දේවි ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය සඳහා පණ පෙවූ අතර ඒ සඳහාත් විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගැනීමට ඇයට පුළුවන්කම ලැබුණා. ඉතින් පසුගිය දිනක දී ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පිළිබඳව බොහෝ කරුණු මෙලෙස විදහා දැක්වූවා. ඉතින් එහිදී මාධ්‍යවේදියා විසින් මිනිස්සු ඇයට බනින දේවල් ඇය කොහොමද දරාගෙන ඉන්න කියලා ඇසූ පැනයට ඇය දුන්නේ මෙවන් පිළිතුරක්.

” ඇත්තටම මම හරි ම කැමතියි මිනිස්සු බනිනවට. බැනලා comment කරනවා නම් ඊට වඩා සතුටක් නෑ. මිනිස්සු මට බනින්න බනින්න මං මට පෙන්නන්නම් කියලා තමයි ඉන්නෙ. ගෙදර අය වුණත් එපා කිව්වොත් දෙයක් කරලා පෙන්වන්න තමයි මං නිතරම try කරන්නෙ. පහුගිය කාලේ වුණත් මට මිනිස්සු බැන්නා. ඒගොල්ලොන්ගේ තියෙන Pressure එකකටනෙ බනින්නේ. එක අතකින් මම පිනක් කරගන්නෙ එයාලගේ pressure එක release කරගන්න. මම කැමතියි ඒගොල්ලො මට බැනලා මාව තවත් motivate කරනවට. “

ඒ වගේම ඇය මානසික ආතතිය පිළිබඳව කතා කළේ මේ විදිහට…

” ඇත්තටම ඒක මට විස්තර කරන්න තේරෙන් නෑ. සමහර අයට එනවා පුදුමාකාර තනිකමක්. කොච්චර මිනිස්සු වටවෙලා හිටියත් පුදුමාකාර තනිකමක් දැනෙනවා. ඒ කෙනාට ඒක කියාගන්න බැරි වුණාම තනිකම දැනෙනවා. ඒ වෙලාවට තමයි counselling ඕනි වෙන්නෙ. ලංකාවේ මිනිස්සු හිතනවා ඒක පිස්සුවක් කියලා. එහෙම නෑ. කෙනෙක් ජීවිතේ නැති කරගත්තට පස්සෙ අඬලා දොඩලා කවි ලිව්වට වැඩක් නෑ. ජීවත් වෙලා ඉන්න කාලේ හොයලා බැලුවෙවත් නැත්තම් “

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.