Life Story

ලෝකයට ඕනෑ හැටියට නොව තමන්ට ඕනෑ හැටියට ජීවත් වෙන හිත් හැමදාම සතුටින් – සාරංග දිසාසේකර

කලා ලොව තුල සිටින දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියලා කියන්නෙ. ඔහුගේ ආදරණීය පියා වන නාරද දිසාසේකරයන් ගේ ගායන ආභාසය එලෙසින් ම උරුම කරගත් ඔහු දක්ෂ ගායන ශිල්පියෙක් විදිහට ද අපට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔහුගේ මවත් කලා ලොව තුල සිටින දැවැන්ත චරිතයක් වෙනවා. ඉතිං සාරංග දිසාසේකර ගැන කතා කරනකොට කතා නොකරම බැරි මාතෘකාවක් තමයි ඔහුගේ විවාහය. ඉතිං කවුරුත් දන්නව සාරංග පළමු වරට විවාහ වන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන උමාලි තිලකරත්න සමගයි. වසර ගණනාවක් ආදරය කරලා ජයටම මංගල උත්සවයක් අරන් විවාහ වුණත් විවාහ ජීවිතය තුළ ඔවුන් අතර ඇතිවූ යම් යම් මත භේදාත්මක තත්ත්වයන් නිසා එම විවාහයට සමු දීමට ඔවුන් තීරණය කරනවා.

ඉතින් මේ වෙනකොට උමාලි තිලකරත්න තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ. නමුත් සාරංග දිසාසේකර මේ වන කොට දිනක්ෂි ප්‍රියසාද් සමග විවාහ වී පුංචි දියණියකට උපත ලබා දීලත් අවසානයි. ඉතින් මෙම සිදුවීම ලංකාවේ කොයි කාගෙත් අවධානයට යොමු වුන පුවතක් වුනා. ඒ දවස් වල බොහෝ දෝෂාරෝපණය රසික රසිකාවියන්ගෙන් ඔවුන්ට එල්ල වුණත් ඒ කිසිදු දෙයක් පිළිබඳව ඔවුන් ගණනකටවත් ගත්තේ නැහැ. ඒ හැම දෙයකටම ඉතාම ඉවසිලිවන්තව මුහුණ දුන් ඔවුන් දෙපළ මේ වන වනකොට ඉතාම සුන්දර පවුල් ජීවිතයක් ගත කරනු ලබන බව සමාජ මාධ්‍ය තුළින් නිරන්තරවම අපට දැකගන්නට පුළුවන්. ඉතින් පසුගිය දිනකදී සාරංග සිය මුහුණු පොතෙහි දිනක්ෂිගේ සහ ඔහුගේ ඡායාරූපයක් සමඟ හරි අපූරු ආදරණීය සටහනක් පළ කරලා තිබුණා. ඒ තමයි ,

” එකිනෙකාව හොඳින් වටහා ගත් හිත් එකිනෙකාව වෙනස් නොකිරීමට වග බලා ගත් හිත් තමන්ට තමන් වීමට ඉඩ ලැබුන හිත් ලෝකයට ඕනෑ හැටියට නොව තමන්ට ඕනෑ විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන හිත් හැමදාම හිටියෙ හරිම සැහැල්ලුවෙන් සතුටින් ඒකයි ඇත්ත “

kඉතිං ඉතාමත් සැහැල්ලුවෙන් සතුටින් විනෝදකාමී ව කල් ගතකරන මෙම ආදරණීය යුවලට හැමදාම ඒ සතුට රඳවා තබා ගැනීමට හැකිවේවායි රසිකයන් විදිහට අපි ප්‍රාර්ථනා කරනවා.