Life Story

තුෂාරි ෆීල්ඩ් එකට ආපු කවුරුත් නොදන්න විදිය

අපේ රටේ පුංචි තිරයේ කාලෙන් කාලෙට අලුත් මුහුණු එකතු වෙනවා. සංගීතය ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයන් අතරට එකතුවුණු අලුත් මුහුණක් තමයි. දුමි වන්නියාරච්චි කියන්නෙ. පෙර පාසල් යන කාලෙ ඉඳලම කලාවට ගොඩක් දක්ෂතා දක්වපු කෙනෙක් තමයි ඇය.

පෙරපාසලේ ඇගේ දස්කම් හඳුනා ගත්තු ගුරුවරයා ඇයව කලාවට යොමු කරන්න කියලා මවුපියන්ට කියලා තියෙනවා. පස්සේ පාසල් ජීවිතයට ඇතුළත් උනහම ඇය නර්තනය හදාරන්න තෝරගෙන තියෙන්නේ.

සියලු දේවල් සිද්ධ වෙන්නේ ආදරණීය අම්මා නිසා ගුරුවරු ඇගේ දක්ෂතාවය හඳුනාගෙන දරුවා මොන අංශ වලට යොමු කරන්න ඕනෙද කියලා තීරණය කරාට පස්සේ අම්මා තමයි ඇගේ හැම සාර්ථකත්වය ම පිටිපස්සේ ඉඳපු සෙවනැල්ල. දුමි අම්මා ගැන කිව්වේ මෙන්න මෙහෙම කතාවක්.

මගේ ආදරණීය අම්මා නොහිටින්න මම බොහෝ දුරට කලා විෂයන් වලට මුල් තැනක් දීලා කටයුතු කරන්න තිබුණා. ඒක තේරුම් ගත්ත අම්මා කලා විෂයයන් මෙන් ම අධ්‍යාපන කටයුතු ද සමබරව කරගෙන යන්න පාර පෙන්නුවා.

ඊට පස්සේ ඇය උසස් පෙළින් ඉහළම සාමාර්ථ ලබාගෙන සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ගන්න වාසනාව ලැබෙනවා.විශ්ව විද්‍යාල ඇදුරු මණ්ඩලය මගපෙන්වීමත් එක්ක තමයි ඇය රංගනයට අවතීරණ වෙන්නෙ.

එහෙම ආපු ගමනෙදි තමයි ඇය සංගීතය ටෙලිනාට්‍ය තුෂාරිගේ චරිතය නිරූපණය කරන්නේ. ඇයට මේ වෙද්දි ඉහළ ප්‍රේක්ෂක ආදරයක් හිමි වෙලා තියෙනවා . ඇයට කලා ලෝකය තුළ දවසින් දවස සාර්ථක වෙන්න වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.