Life Story

මගෙ දුප්පත්කම නිසා එදා මට පෙම්වතියව නැති උනා අදටත් එයා කතා කරනවා – සචින් ලියනගේ

සචින් ලියනගේ කියනවාටත් වඩා ඔහු මේ වනවිට කොයි කවුරුත් හඳුන්වන්නේ නිර්වාන් කියන නමින්.ඒ සිරස නාළිකාවේ විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ඔහු රඟ දක්වන චරිතය නිසයි.ඔහු මේ වන විට තරුණියන්ගේ සිහින කුමරා කුමරා වී අවසානයි.ශලිනි තාරකා සමඟ අපූරු රංගනයක යෙදෙන ඔහු පසුගිය දිනක දී එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු පිළිබඳව අප නොදත් විස්තර බොහොමයක් රසිකයා සමඟ සමඟ බෙදා ගනු ලැබුවා.

ගොඩක් අය මාව අඳුනන්නේ සචින් ලියනගේ යනුවෙන්.නමුත් මගේ නම ලියනගේ දොන් සචින් සමීර. මේ දවස් වල මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය ඔස්සේ.මේක මගේ දෙවැනි ටෙලි නාට්‍යය.මීට කලින් මම අහස් මාලිගා මාධ්‍ය ඔස්සේ රංගනයෙන් දායක වුණා.ඊට අමතරව මම වෙළඳ දැන්වීම් 51ක විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා.ඒ වෙළෙඳ දැන්වීම් වලින් වඩාත් ජනප්‍රිය වුණේ සන්කුයික් ගෙදර බොන බීම එක නිසා.එකෙන් පස්සෙ මට ගොඩක් අය බෝඩිමේ පුතා කියලා කතා කරන්න ගත්තා.

මම අද ඉන්න තැනට එන්න ගොඩක් කට්ට කෑවා.මම ඒ දවස් වල රුපියල් 500 ටත් වැඩ කරලා තියෙනවා.මේසන් වැඩ ෂෙඩ් වල තෙල් ගහන වැඩ වහලවල් ගහන වැඩ ආදී රැකියාවන් 12ක් විතර මම මෙතනට එන්න කලින් කළා.මම හාබර් එකේ වැඩ කර කර ඉන්නකොට තමයි මට කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ස්ක්‍රීන් ටෙස්ට් එකට සහභාගි වෙන්න අවස්ථාව ලැබෙන්නේ.ඊට පස්සේ සතියකින් විතර මට ආරංචියක් ලැබෙනවා මාව එම ටෙලිනාට්‍යයේ ප්‍රධාන ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට තෝරගෙන කියලා.ඉතින් ගොඩක් සතුටුයි මේ ආපු ගමන ගැන.

මගේ පෙම්වතියව මට අහිමි වෙන්නෙ මට එදා සල්ලි තිබුණේ නැති නිසා.එයාලගේ ව්‍යාපාර කටයුත්තක දී සිදුවුණු පාඩුවක් මත ලක්ෂ 70ක් වගේ ලොකු මුදලක් එයාලට ගෙවන්න වෙනවා.ඉතින් ඇගේ දෙමව්පියෝ මට කිව්වා ඒ සල්ලි දුන්නොත් මට පෙම්වතියව දෙනවා කියලා.ඇත්තටම ඒ දවස් වල මට ඒ තරම් ලොකු මුදලක් දෙන්න සල්ලි තිබුණේ නෑ.ඒ නිසා ඒ සම්බන්ධය නතර කළා.හැබැයි අදටත් අපි දෙන්නා හොඳ යාළුවෝ.මගේ ආදරය නැති වෙලා වසර දෙක තුනක් වෙනවා.ඊට පස්සේ තවම ආදරය ගැන හිතුවේ නෑ.මට හිතෙන්නෙ මම වෙනුවෙන් කාලයක් දෙන්න.

යනුවෙන් තමයි ඔහු පවසා සිටියේ.ඉතින් ඔහුගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.