Life Story

මගේ දෙවැනි විවාහය තමයි මම මේ තාක් ගත්ත නිවැරැදිම තීරණය – රොෂාන් පිලපිටිය

රොෂාන් පිලපිටිය කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පියෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්.ඒ වගේම තමයි ඔහු ඉතාමත්ම නිහතමානී පුද්ගලයෙක් ද වෙනවා.ඒ නිසාමයි බොහෝ රසික රසිකාවියන් පිරිසක් අදටත් ඔහු වටා එක් රොක් වී සිටින්නේ.මේ දිනවල දී ඔහුව බොහෝ දෙනා හඳුන්වන්නේ නානායක්කාර යන නමින්.එයට හේතුව වන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ මේ දිනවල ඉතා ජනප්‍රියව විකාශය වන පාර දිගේ ටෙලි නාට්‍යයේ ඔහු රඟ දක්වන චරිතයේ තිබෙන තාත්වික බව නිසාය.

රොෂාන් පිලපිටිය සිය පළමු විවාහයෙන් වෙන් වී සිටින අතර මේ වන විට දෙවන වරට රිද්මා පිලපිටිය නම් ඉතාමත්ම සුරූපී යුවතියක් සමග විවාහ වී ආදරණීය පුතෙක්ගේ පියෙක් වී අවසානයි.ඔහු පළමු වරට විවාහ වන්නේ ඔබ අප කවුරුත් දන්නා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන චතුරිකා පිරිස් සමඟයි.ඔවුන් දෙදෙනාගේ විවාහය යම් යම් ගැටලු හේතුවෙන් දෙදරා යන අතර ඉන්පසු ඇය ගයාන් වික්‍රමතිලක නම් ජනප්‍රිය රංගන ශිල්පියා සමඟ විවාහ වෙනවා.මේ වන විට ඔවුන් දෙපළටත් සිඟිති දියණියත් සිටිනවා.ඉතින් පසුගිය දිනකදී ඔහු එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහුගේ නවතම තොරතුරු රසිකයා සමඟ බෙදා ගත්තේ මේ අයුරින්.

“මේ දවස් වල නම් රාහු, නීල පබළු, රාජයෝගය නාට්‍ය ත‍්‍රිත්වයේම මේ දවස්වල වැඩ කරගෙන යනවා. අලූත් වැඩ කිහිපයකුත් ඉදිරියට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. මට ලැබෙන හොඳ ඕනම නිර්මාණයක් මම භාරගන්නවා.මං වැඩියම කැමති රංගන ක්ෂේත‍්‍රයට කියලා මම වෙන්කරලා නැහැ. මම වැඩිපුර කැමති සිනමාවට. කලාව කියන්නේ වෘත්තියක් කියලා ගොඩක් අය හිතාගෙන හිටියට කලාව කියන්නේ වෘත්තියක් නෙමෙයි. මිනිස්සු රඟපාන්නේ ආසාවට. ලංකාවේ කලාව වෘත්තිය මට්ටමක නැහැ. කලාවට ජාතික ප‍්‍රතිපත්තියක් දෙන්න ඕන. අන්න එදාට කලාව වෘත්තියක් වේවි.

මිනිහෙකුට ජීවිතේ හරියන, වරදින පසුතැවෙන තැන් ඕන තරම් තියෙනවා. මිනිහෙකුට හරියන්න වරදින්න ඕන. රිද්මා කියන්නේ මාව ගොඩක් තේරුම් ගත්ත කෙනෙක්. දැන් අපි දෙන්නා විවාහ වෙලා  බොහොම සතුටින් අපි දෙන්නා ජීවිතේ ගතකරනවා. ඇත්තටම මගේ දෙවැනි විවාහය ජීවිතේ මම මේ තාක් ගත්ත වැදගත්ම සහ නිවැරදිම තීරණය කියලා හිතනවා. ජීවිතේට ලැබෙන දේවල් ගැන සතුටුවෙනවා. දේවල් නොලැබුණා කියලා දුක් වෙන්නෙත් නැහැ.”

යනුවෙන් තමයි ඔහු පවසා සිටියේ.ඉතින් ඔහුගේ සහ ඔහුගේ පවුලේ සියලුම දෙනාගේ ආරණීය බලාපොරොත්තු සියල්ලම සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.