Life Story

ජීවිතයේ එයා එක්ක ප්ලෑන් කරපු මට ඒ වේදනාව දරාගන්න බැරි වුණා..

කලා ලෝකය ගැන කතා කරද්දී හැමෝගෙම නෙත ගැටුණු සුන්දර කලාකාරිනියක් තමා රශිපබා සංදීපනි නර්තනයට උපන් හපන් හැකියාවක් ඇති ඇය එය ඉතා එය ඉතා කෙටි කාලයකින් පුංචි තිරය ආක්‍රමණය කරපු රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය සිනමාවට ද සම්බන්ධ වූ සුරුපිනියක් . මෑතක සිට බොලිවුඩ් වරම් ලැබීමට පවා ඇය වාසනාවන්ත නිළියක් වුණා.

මෑතක සිට ඇය ජනප්‍රිය වෙන්නේ හිරු නාලිකාවේ සිහින ගෙනෙන කුමාරිය ටෙලි නාට්‍යය හරහා . වශීකරන රූ සපුව මෙන්ම සහජ දක්ෂතා හේතුවෙන් ඇය ඉන්දීය සිනමාවට ද පිවිසෙනවා.

ගොඩක් දෙනා කියන්නේ ඉන්දීය සිනමාවට පිවිසෙන්නෙ ඇය හින්දි නිලියකට සමාන රූපයක් තිබෙන නිසයි කියලා . මේ වෙද්දී ඇය ඉන්දියාවට ගිහිල්ලා තමන්ගේ සිනමා කටයුතු වල නිරත වෙනවා කියලත් අපිට කියලා අපිට ආරංචියක් ලැබුණා. පසුගිය දවසක ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවක් වන හරි tv සමග ඉදිරිපත් කළ සාකච්ඡාවකින් ඇය ජීවිතයේ ගත කරපු දුෂ්කරම කාලයක් පිළිබඳ හෙළිදරව්වක් සිදුකළා.

මම ගොඩක් සංවේදී චරිතයක් වගේම මිනිස්සුන්ට අසීමිතව ආදරය කරන කෙනෙක් . යාලුවෝ කියලා මම ගොඩක් අය ඇසුරු කරන්නේ නැහැ. ඒත් මගේ ළඟට ගන්න අයට මගේ ලෝකෙ කරගෙන ආදරේ කරනවා . නමුත් මිනිස්සු අයුතු ප්‍රයෝජන ගන්නවා ඒ වගේ අත්දැකීමක් මම අත්වින්දා.

මටත් හිටියා හොඳ යාලුවෙක් මට විශ්වාස කරන්න බැරි දෙයක් එයාගෙන් වුණා. යහළුවෙකු උනහම චරිත විනාස කරන්න කතා කරන්න හොඳ නෑ. ඒ සිද්ධිය නිසා මට depression තත්ත්වයක් ඇති වෙනවා. මම ඒක මගේ ගෙදර අයට වත් පෙන්නුවෙ නෑ . ෆෝන් එක පාවිච්චි කළේ නැහැ ඇඳ ඉදගෙන ඇඬුවා. මම කෙනෙක් එක්ක ජීවිතේම ප්ලෑන් කරා ඒකයි යාලුවාගේ වෙනස්වීමයි එකට ආවේ ඒක මට දරා ගන්න බැරි උනා.

රශිපබා තමන්ගෙ අඳුරු අතීතය මේ විදිහට තමයි මාධ්‍ය හමුවේ මතක් කරලා තියෙන්නෙ .ඒත් දැන් ඇය ජයග්‍රාහී ගමනක් යන නිළියක් ඇගේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු.