Life Story

විජය නන්දසිරිගේ පුත් ගුවන් නියමුවෙකු ලෙස සේවයට

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ සිටි ප්‍රවීණයෙක් විජය නන්දසිරි හාස්‍ය උත්පාදක නිර්මාණ තුළ ඔහුගේ හැකියාවන් කැපී පෙනුනා එතුමා රූපවාහිනී මාලානාටකය අදටත් ජනතාව අතර මතකයෙ රැව් පිළිරැව් දෙනවා. චිත්‍රපටි කර්මාන්තය ගත්තොත් suhada koka අමතක කරන්න බැරි නිර්මාණයක්. අපේ රටේ මිනිසුන්ගේ මුවට සිනාවක් ගෙනාපු මේ අපූරු කලාකරුවා අපෙන් වෙන්වෙලා ගිහිල්ලා ක් දැනට වසර කිහිපයක්.

අද අපි ඔයාලට කියන්න යන්නේ විජේ නන්දසිරි මහත්මයාගෙ ආදරණීය පුතණුවන් ජීවිතයේ අධ්‍යාපන කඩයිම් ජයගෙන ගුවන් නියමුවෙකු ලෙස සේවයට එක් වුණු කතාව.

රසාංජන නන්දසිරි සිය පියා වගේම කලා කටයුතුවලටත් දක්ෂතාවය ඇති තරුණයෙක් සිය පියාගේ අභාවයෙන් පසුව ඔහු වෙළෙඳ දැන්වීම් කිහිපයකට සිට ඇති අතර . සිනමා රංගන ශිල්පියකු ලෙස ගිරිරාජ් කෞෂල්‍ය මහතා අධ්‍යක්ෂණය කළ කතුරු මිතුරු සිනමාපටයට දායක වී තිබෙනවා . නුදුරේදීම ඔහු රිදී තිරයෙන් ඔබට දැකබලා ගන්න පුළුවන්.

විජයගේ ආදරණීය පුතණුවන් ගුවන් නියමුවාට ලෙස රැකියාවට ගිය පළමු දිනයේ තම ෆේස්බුක් ගිනුමේ එක්කර තිබුනෙ මේ වගේ සටහනක්

මට මේ හැම දෙයක්ම ලබාගන්න ලබාගන්න පුළුවන් වුණේ මගේ ආදරණීය අම්මා මගේ ආදරණීය තාත්තා නිසායි ඔයාලගේ ආදරය නැත්තං ජාතික ගුවන් සේවයේ නියමුවෙකු විදියට පියාසර කරන එක මට ජීවිත කාලය පුරාවටම හීනයක්. ඒ හැමදේටම මං ඔයාලට ණයගැතියි.

මං ඔයාලට ආදරේයි අම්මේ තාත්තේ මට සහය දුන් මගේ සහෝදරියටත් ස්තුතියි. මගේ හොඳ කාලවලදී වගේම නරක කාල වලදී මගේ ළඟින් හිටපු මගේ ආදරණීය මිතුරන් සිහි කරන්න ඕන. තවද මේ ගමන එන්න මට උපකාර කළ මගේ ආදරණීය උපදේශකවරු බැතියෙන් සිහිකරන්න ඔනෙ. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අවුරුදු 8ක මහන්සිය.

අපිත් ප්‍රාර්ථනා කරනවා තාත්තා වගේම කලා ලෝකයටත් සේවය කරලා තමන්ගෙ වෘත්තිය තුළ ඉහළටම යන්න ඔහුට ශක්තිය ධෛර්යය.