Life Story

මම විවාහ වෙලා දරුවො ඉන්නවා කියන්න මට ලැජ්ජාවක් නෑ – විරාජ් පෙරේරා

විරාජ් පෙරේරා කියන්නේ මේ දිනවල කාගේත් ආදරය දිනාගත්තු රංගන ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්.ඔහු මේ දිනවල දී වැඩිපුර කතාබහට ලක්වන්නේ පාර දිගේ ටෙලි නාට්‍යයේ රෙක්සි කියන චරිතය ඔස්සේයි.රෙක්සිගෙ චරිතය රොහාන්ට හොඳ මිතුරෙකු වන අතර ඔහුගේ කුතුහලය දනවන ක්‍රියාවන් නිසා ප්‍රේක්ෂකයා අතර මහත් වූ ආකර්ෂණයක් මේ දිනවල දී ලබා ගැනීමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා.ඉතින් ඔහු සමඟ වූ කතාබහකදී ඔහු පිළිබඳව අප සමග පැවසුවේ මේ වගේ දෙයක්.

“මම ඇත්තටම කලා ක්ෂේත්‍රයට පිවිසුණේ මියුසික් වීඩියෝස් හරහා.මේ වන විට මම රූප රචනා 500කට වඩා රංගනයෙන් දායක වෙලා තියෙනවා.ඒවාට මට ලොකු ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙලා තියෙනවා.දැන් මට මගේ වයසත් එක්ක සහ කාලයත් එක්ක පෙම්වතාගේ චරිතයට එහා ගිය චරිත රඟපාන්න රඟ පාන්න සිදුවෙලා තියෙනවා.මට අමල් පෙරේරා කියන අපි කවුරුත් ආදරය කරන දක්ෂ ගායකයාගේ මලවි කියන ගීතයට රූප රචනාවකට සම්බන්ධ වීමට හැකියාව ලැබුණා.ඇත්තටම ඒක මට ලොකු දෙයක්.මොකද අමල් පෙරේර වගේ ක්ෂේත්‍රයේ ඉන්න අති දක්ෂ ගායකයෙකුගේ ගීතයකට රූප රචනාවකින් දායක වෙනවා කියන්නේ මගේ ජීවිතයට ලැබුණු ලොකු අවස්ථාවක්.තාමත් music videos වලට මට තියෙන්නේ ලොකු ඉල්ලුමක්.

පාරදිගේ කියලා කියන්නේ මට ලැබුණු ඉතා විශිෂ්ඨ ගණයේ නිර්මාණයක්.මට තියෙන්නේ රෙක්සි කියන චරිතය නිරූපණය කරන්න.rexy කියන්නේ රෙහාන්ට හොද මිත්‍රයෙක්.රෙහාන්ට ජොබ් එක අරන් දෙන්න රෙක්සි ගහපු ගැට තමයි මේ දවස් වල දී ලිහමින් සිටින්නේ.

මම දැන් විවාහ වෙලා ලබන අවුරුද්දට අවුරුදු දහයක් වෙනවා.එයා ගුරුවරියක්.මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා.සමහරු කැමති නෑ තමන්ගේ පෞද්ගලික ජීවිතය මාධ්‍ය ඔස්සේ කියන්න.නමුත් මම එහෙම කෙනෙක් නෙමෙයි.මොකද බොරුවක් පෙන්නලා ජනප්‍රියත්වය රැකගන්න මට උවමනාවක් වුණේ නැහැ.මම කරන දෙයට ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා නම් ඒක තමයි ගොඩක්ම වටින්නේ.මිනිස්සු දැන් ගොඩක් බුද්ධිමත්.හොඳ පවුල් ජීවිතයක් ගත කරන නළුවෙක් ගැන ඔවුන්ට තියෙන්නේ positive thingking එකක්.මම මේ ජීවිත සමුගන්න දවසක දක්ෂ නළුවෙක් කියන තැන ඉඳගෙන දරුවන්ට ආඩම්බරයක් වෙලා දෙයක් කරලා යන්න තිබුණොතින් මට ඇති.” කියලා තමයි ඔහු පවසා සිටියේ.ඉතින් ඔහුගේ සියලුම බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන් සාර්ථක වේවා කියලා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .