Life Story

පව් කියන්නෙ ඇයි? නොගැලපෙන නිසා තමයි අපි අයින් වුණේ ගයාන්ගෙන් රසිකාවියකට සැර පිළිතුරක්

ගයාන් ගුණවර්ධන කියලා කියන්නේ සංගීත ලොව තුල සිටින ජනප්‍රියම ගායන ශිල්පියෙක් වගේම ජනප්‍රිය ම රංගන ශිල්පියෙක් වෙනවා. ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනයන්ගේ පුතණුවන් වන ඔහු සිය පියාගේ ආභාෂය එලෙසම රැගෙන විත් තිබීම විශේෂත්වයක්. මේ දිනවල දී අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍යය තුළ ඔහු රඟ දක්වන බානුක කියන චරිතය ඔස්සේ බොහෝ ප්‍රේක්ෂක ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගැනීමට දිනා ගැනීමට සමත් වී තිබෙන ඔහු සැබැවින්ම ඉතාමත්ම තාත්වික රංගන ශිල්පියෙක් වනවා.

ඉතින් ඔබ අප කවුරුත් දන්නා කාරණයක් තමයි ගයාන් ගුණවර්ධනගෙ කලින් පෙම්වතිය තමයි අපි කවුරුත් හොඳින් හඳුනන ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කාවින්ද්‍යා අදිකාරී. නමුත් ඔවුන් දෙදෙනා අතර ඇති වූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් එම සම්බන්ධය නතර කිරීමට ඔවුන් තීරණය කරනවා. නමුත් ඔවුන් දෙදෙනා හොඳම මිතුරන් මෙන් එකිනෙකාගේ දුක සැප බෙදා ගනිමින් සතුටෙන් විනෝදකාමී ව කල් ගත කරනවා. ඉතින් ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි ගයාන් ගුණවර්ධන පූජානි භාග්‍යා සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබෙන බව. ඉතින් ගයාන් ගුණවර්ධනත් නිරන්තරයෙන්ම ඇයගේ සහ ඔහුගේ photos සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කරනු ලබනවා. ඉතින් පසුගිය දිනකත් ඔහු එවැනි ඡායාරූපයක් සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කරලා තිබුන. ඒ මේ විදියේ කැප්ෂන් එකකුත් එක්ක.

” ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි ආසයි පින්තූරේ වගේ ඔබ හිනැහෙන විට මට ලෝබයි “ ඉතින් එයට බොහෝ රැසක රසිකාවියන්ගේ ප්‍රතිචාර ඔහුට ලැබිලා තිබුණා. ඉතින් එක් රසිකාවියක් එයට “කවීටත් ඔහොම කිව්වා ” යනුවෙන් කමෙන්ට් එකක් පළ කරලා තිබුණා. ඉතිං එයට ගයාන් ටිකක් සැර පිළිතුරක් දීලා තිබුණා ඒ මේ විදියට. ” ඔයා කොහොමද දන්නෙ නොගැලපෙන දෙන්නෙක් පස්සේ වෙන් වෙනවට වඩා හොඳ නිසා තමයි හොඳින් අයින් වෙලා ගැලපෙන පාරවල් වල සතුටින් දෙන්නම යන්නෙ. මතුපිටින් බලලා මිනිස්සු මනින්න එපා. “ මේ විදිහට තමයි ඔහු පිළිතුරු කොමෙන්ටුවක් ඇයට දීලා තිබුනෙ. එකෙන් කවුරුත් ආදරය කරන මේ ආදරණීය ගායන ශිල්පියාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.