Life Story

මං ඔයා ගිහාම කඩා වැටුනා තාත්තේ අනිත් මිනිස්සු බොරු කරද්දි ඔයාගේ ආදරේ කවදාවත් බොරුවක් තිබ්බේ නෑ

පියුමි බොතේජු කියලා කියන්නේ ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක්. ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ පබා ටෙලි නාට්‍යයේ හිමාලි කියන චරිතය ඔස්සේ කාගෙත් හිත් තුළ මතක සටහනක් තැබීමට සමත් වූ ඇය බොහෝ ටෙලි නිර්මාණ තුළත් සිනමා නිර්මාණයන් තුළත් වේදිකා නාට්‍ය නිර්මාණයන් තුළත් අපට දැකබලා ගන්නට පුලුවන් වෙනවා. ඉතින් පියුමි බොතේජු කියලා කියන්නේ නිරන්තරයෙන්ම තම පෞද්ගලික ජීවිතයේ සිදුවන විවිධාකාර සිදුවීම් සිය මුහුණු පොත තුළ සටහන් කරන කලාකාරිනියක්. පසුගිය දිනක ඇගේ ජීවිතයේ ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකට ඇයට මුහුණ දෙන්නට සිදුවුණා. ඒ තමයි ඇය බෙහෙවින් ආදරය කළ සිය ආදරණීය පියාණන්ගේ හදිසි වියෝව. අසනීප තත්ත්වයෙන් පසුව රෝහල් ගතව සිටි ඔහු හදිසියේම පහුගිය දිනක අප අතරෙන් අතරින් සමුගත්තා. ඉතින් ඒ ගැන දුක් වෙමින් ඇය ඉතාම සංවේදී සටහනක් සිය මුහුණු පොත තුල තබා තිබුනෙ මේ විදිහට.

” මට තාමත් හීනයක් වගේ තාත්තී ඔයා hospital එකේ ඉන්නවා කියලාමයි හිතෙන්නේ , ඊයේ ඔයාගේ බඩු ටික අස්කරද්දී ඔයා අන්තිමට ඔලුව තියන් හිටපු කොට්ටේ දැක්කහම මගේ පපුව පත්තු වුනා තාත්තේ, ඔයා නැති ලෝකයක් මන් කවදාවත් හිතලා තිබුන්නෑ. අපේ ගෙදර කොහොම ඉන්නද කියලා මට තේරෙන්නෑ තාත්තේ ගෙට ඇතුල් වෙනකොට බලාගෙන ඉන්න ඔයා අද නෑ ඔයාගේ පුටුව හිස් වෙලා මේ තනිකම මට දරාගන්න අමාරුයි තාත්තේ , අන්තිම මොහොතෙත් මගේ දිහා ඔයා බැලුවේ ඒකයි නේද මට ඕන දෙයක් දරාගන්න පුලුවන් කිව්වට මං ඔයා ගිහාම කඩා වැටුනා තාත්තේ අනිත් මිනිස්සු බොරු කරද්දි ඔයාගේ ආදරේ කවදාවත් බොරුවක් තිබ්බේ නෑ, ඉස්සෙල්ලම කාර් එකක් ගන්න මගේ අතට සල්ලි දිලා කාර් හොයන්න අපි දෙන්නා ඇවිද්ද හැටි, කාර් එක අරන් ඔයා ඉස්සරහා සීට් එකේ හරි ආඩම්බරයෙන් වාඩිවෙලා ආපු හැටි මට මතක් වෙනවා.

රණ්ඩුකරන්න ආදරේ කරන්න විහිලු කරන්න සිංදු කියන්න හැමදේටම මට හිටියේ ඔයා අනේ මන්දා මට තේරෙන්නෑ තාත්තී මන් කොහොම ඉන්නද කියලා. ඔයා හරි නරකයි මාව මෙහෙම තනි කරලා යන්න හිත හදාගත්තනේ ආයි මේ ගේ ඇතුලේ දයානී දයානී ගගා කෑ ගහන්න කෙනෙක් නෑ බේබි කියටද එන්නේ කියලා අහන්න කෙනෙක් නෑ මැච් එකක් බලනකොට කරදර කර කර ස්කෝර් එක කියද කවුද දිනුවේ කියලා අහන්න කෙනෙක් නෑ බොතේජු ගූඩ් මෝනින් කියලා මන් කාගේ නිකට මිරිකන්නද තාත්තේ මේ දැනුත් ඔයාගේ පුටුව දිහා බලාගෙන මං හුල්ලනවා මන් දන්නවා අවුරුදු ගානක් බෙහෙත් බීලා කටු ගහලා ඔයාට එපාවෙලා හිටියේ කියලා දැන් ඒ හැමදෙයින්ම ඔයා නිදහස් ඔයා සැපට නිදි ඇති දැන් ඔයාගේ බේබි විතරක් නෙවෙයි මිලෝ ජේලෝ ඔයාගේ කාමරේට ඇවිල්ලත් බලනවා.. අපි ඔක්කෝටම මේක දරාගන්න අමාරුයි. ඒත් අනිවාර්යයෙන්ම ඔයා හොද තැනක ඇති ඔයා පිං කදක් ආයේ ඉතින් කාගේ කොණ්ඩේ රැවුල් කපන්නද මන් බාබර් සාප්පු close forever ” ඉතිං ඇයගේ ආදරණීය පියාණන්ට නිර්වාණ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා.