Life Story

ගැහැණු ළමයි දිහා බලන්න මට තහනම් instar එකේ මට එන මැසේජ් බලන්නෙත් එයා – පියුමි හංසමාලිගේ පෙම්වතා ප්‍රගීත්

පියුමි හංසමාලි කියලා කියන්නේ වර්තමානයේ බොහෝ දෙනාගේ අවධානයට සහ ආකර්ෂණයට ලක්ව ඇති අපූරු චරිතයක්. Instagram facebook සමාජ මාධ්‍ය ජාලා තුළ බොහෝ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් පිරිසක් ඇය වටා එක්රොක් වී සිටිනවා. ඒ පිළිබඳව දිනක් යුරේනි නොෂිකාත් ප්‍රසිද්ධ youtube නාලිකාවක් තුළ පවසා සිටියා. නිරූපිකාවක් විදිහට කලා ලොව තුල සිටින ඇය වෙළෙඳ දැන්වීම් වලත් music videos තුළත් photoshoot වලත් අපට ඇයව බොහෝ වෙලාවන් වල දී දැක බලාගන්නට පුළුවන්.

ඉතින් ඔබ අප කවුරුත් දන්න දෙයක් තමයි පියුමි හංසමාලිට කාවිංග නමින් හඳුන්වන පුතෙක් සිටින බව. ඉතින් ඇය පියෙක් නොමැතිව වුවත් කිසිදු අඩුවක් නොකර ඔහුව උස්මහත් කරනවා. ඉතින් ඒ නිසාම සමාජයේ බොහෝ දෙනා අතර ඇය පිළිබඳව ඇත්තේ යහපත් ආකල්පයක්. නමුත් ඇයගේ කතා විලාසයත් ඇඳුම් පැළඳුම් ආදියත් නිසා සමහර රසික රසිකාවියන් ඇයට විවිධ ආකාරයේ දෝෂාරෝපණත් එල්ල කරනවා. නමුත් ඇය ඒවා පිළිබඳව තැකීමක් නො ගන්නා අතර ඉතාම විනෝදයෙන් යුතුව සතුටින් ඇය කාලය ගත කරනවා.

ඉතින් පසුගිය කාල වකවානුවේ දී ඇයගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලුනා. ඒ තමයි ඇයගේ අලුත් පෙම්වතා ප්‍රගීත්. කලින් පෙම්වතාගෙන් ඇය ලද විරහව නිසාම නැවත විවාහයක් සහ ආදරයක් ගැන ඇය සිතන්නේ නැහැ කියලා කිව්වත් ප්‍රගීත් ඇයගේ ජීවිතය වෙනස් කළා. මේ වන විට ඉතාමත් ආදරණීය පෙම්වතුන් ලෙස ඔවුන් කර ගත කරන බව සමාජ මාධ්‍ය තුළින් අපට නිරන්තරවම දැක බලාගන්නට පුළුවන්. ඉතින් පසුගිය දිනක ප්‍රගීත් එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී පියුමි සහ ඔහුගේ සම්බන්ධය ගැන පවසා සිටියේ මේ විදියට.

“ මම බොහොම අමාරුවෙන් තමයි ආදරේ ඉල්ල ගත්තෙ එයා ආයෙ ආදරය කරන්නැහැ කියන තැන හිටියේ. කොච්චර ආදරේ තිබ්බත් එයාට මදි. එයා පොඩි දේටත් හිත උනුවෙන සංවේදී කෙනෙක්. ඒ නිසාමයි මම එයාගේ ගතිගුණ වලට ආදරේ කරන්නෙ. මට සමාජය කියන කතා අදාල නෑ. හේතුව තමයි එයාව මම හොඳින් දන්න නිසා. ඒ වගේම මමත් එයාගේ පුතාට ආදරේ කිසිම වෙනසක් මම එයාට කරන්නේ නැහැ. ඒක පියුමිත් දන්නවා පුතත් පියුමිගෙ අම්මත් මට ගොඩක් ආදරෙයි. ගැහැණු ළමයි දිහා බලන්න නම් මට තහනම්.ඒත් ඉන්ස්ටගෑම් එකේ මට එන මැසේජ් බලන්නෙත් එයා.”

ඉතින් හැමදාමත් මේ විදිහට ඔවුන්ට ආදරයෙන් කල් ගත කරන්නට හැකිවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.