Life Story

පුතාගේ පාළුවට තමයි අපි බබෙක් හදන්න තීරණය ගත්තේ..

මේ දින වල නම් ඇය ගැන කතා කරන්නේ එතරම් සුභවාදී දේවල් නෙවේ . thilini priyamali සිද්ධිය සම්බන්ධයෙන් ඇයත් ඇගේ සැමියා ගැනත් සමාජ මාධ්‍යයේ මෙන්ම මාධ්‍ය නිතර කතාබහට ලක්වෙනවා. ඇය අපේ රටේ සිටින දක්ෂ නිවේදිකාවක් ඒ වගේම කලා පවුලකින් පැවත එන ඇයගේ සහෝදරිය දක්ෂ ටෙලි සිනමා රංගන ශිල්පිනි චතුරිකා පිරිස්. මුල් විවාහයෙන් වෙන් ව ජනප්‍රිය නිවේදක පේෂළ සමග ව්වාහ වෙලා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන පූර්ණිකා මේ වෙද්දී දෙදරු මවක්.

පූර්ණිකාට ලස්සනට නටන්න ගයන්න මනා හැකියාවක් තියෙනවා. ඇගේ නිවේදන කටයුතු කිසා ඇය මිනිසුන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වවුනා. එක්තරා නාලිකාවක් මුල් කරගෙන තමයි ඇය වෘත්තිමය වශයෙන් සමාජයේ ප්‍රචලිත වුණේ

නමුත් කාලයාගේ ඇවෑමෙන් ඇය තීරණය කළා එම නාලිකාවේ ඉවත් වෙන්න.

වර්තමානයේ ඇය නිදහස් නිවේදිකාවක් ලෙස වැඩසටහන් රාශියකින් විවිධ නාලිකා ඔස්සේ ඔබ හමුවට එනවා. මුල් විවාහයට සමු දුන් ඇය වර්තමානයේ පේෂල් සමඟ ගෙවන ජීවිතය ගැන ඉන්නෙ බොහොම සතුටින්. පළමු විවාහයෙන් ආදරණීය පුතෙකුගේ මවක උනු ඇය . මේ වන විට තවත් ආදරනිය පුතකුගෙ මවක්.. පූර්ණිකා එ සම්බන්ධව කිව්වේ මෙන්න මෙහෙම අදහසක්.

මුලින් අපි හිතුවා පුතාගේ වැඩ කරගෙන අපේ තියෙන දෙයක් එයාට දීලා අධ්‍යාපනය පැත්තෙන් ඉහළටම උගන්නලා. කලා පැත්තෙනුත් දැන හුරුකමක් දෙන්න. ඒත් අපිට කාලයක් යනකොට තේරුණා. එයා තනිවෙලා එයාට කවුරුත් නෑ . එක්කෝ සෙල්ලම් කරන්න අක්කගේ බබා ඉන්න ඕන. නැත්නම් වෙන ඥාති ළමයෙක් එනවා. එයාට කවුරුහරි ඉන්නවනම් හොඳයි කියලා අපිට හිතුනා. අපි තීරණයක් ගත්තා. අපේ පවුලට තව ළමයෙක් ඉන්න ඕනේ. අපේ ජීවිත සම්පූර්ණ වෙන්න. අද අපේ පවුල සම්පූර්ණයි අපි හරි සතුටින් කාලය ගත කරනවා.

ඇගේ ජීවිතය ගෙවිලා යන ආකාරය පිළිබඳව මාධ්‍යයට කියලා එහෙම අදහසක් ඇගේ දරුවන්ටත් ඇයටත් නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.