Life Story

අපි දෙන්නම ආසාවෙන් හිටිය පුතෙක්ට නිසා ස්කෑන් එකේ දුවෙක් කිව්වම විශ්වාස කළේ නෑ – නිපුනිකා හේවාගමගේ

නිපුණිකා හේවාගමගේ කියලා කියන්නේ කාලයක් පුංචි තිරය හැඩ කළ ආදරණීය රංගන ශිල්පිනියක්. ඇයටම ආවේනික වූ ඉරියව් සහ කතාබහ නිසාම බොහෝ රසික රසිකාවියන් පිරිසක් ඇය වටා එක්රොක් වී සිටිනවා. හැබැයි දැන් නම් අපට ඇයව වැඩිය පුංචි තිරය තුළ දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඒ දැන් ඇය ආදරණීය බිරිඳක් සහ මවක් විදිහට සිය වැඩ කටයුතු කරගෙන යමින් සිටින නිසයි. ඉතින් ඔබ අප කවුරුත් දන්නවනේ නිපුනිකා මේ වන විට ආදරණීය දියණියකට උපත දීලයි තියෙන්නෙ. ඉතින් ඒ ආදරණීය අත්දැකීම ගැන ඇය පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට පවසා තිබුණේ මේ විදිහට.

” දුව ඉපදුණේ පෞද්ගලික රෝහලක. ඒ නිසා මාත් එක්ක ළඟින්ම ළහිරුටත් ඉන්න අවස්ථාව ලැබුණා. දුව ලැබෙන්න වෛද්‍යවරුන් දීලා තිබුණු දිනයට සතියකට කලින් මට ගෙදරදි පොඩි වේදනාවක් දැනුණා. ළහිරුගේ චූටි අම්මා හෙදියක්. එයාට ඇමතුමක් දීලා රෝහලට එක්ක යන්න කියලයි කිව්වෙ. ඒ නිසා අපි ලෑස්තිවෙලා ගෙදරින් එළියට යද්දි ළහිරුගෙ අම්මා අපි ඉස්සරහට සුදු මල් දාපු වතුර වීදුරුවකුත් අරගෙන ආවා.

කොහොම හරි එහෙම ගිහින් පැය දොළහකට විතර පස්සෙ සාමාන්‍ය දරු උපතකින් දුව අපිට ලැබුණා. ඒ වෙලාවෙත් ළහිරු මම ළඟින්ම හිටියා. ළහිරු ගැනත් මට ලොකු බයක් දැනුණා. එයා හරිම සංවේදී කෙනෙක්. එයාට මේ වගේ දෙයක් දකිද්දි දරාගන්න පුළුවන් වෙයිද කියන බය අපිට තිබුණා. එයාගේ ගෙදර අය වුණත් ඒ දරාගැනීමේ ශක්තිය ගැන පුදුම වුණා. එයා ළඟ හිටපු නිසා මට කිසිම බයක් දැනුණෙ නැහැ. “

ඒ වගේම තමයි ඈ පවසන විදිහට ඔවුන් දෙදෙනාම කැමැත්තෙන් ඉදල තියෙන්නෙ පුතෙක්ට. එනිසාම ඔවුන් scan පරීක්ෂණයේදී දුවෙක් කිව්වම වත් විශ්වාස කළේ නැහැ ලු. නමුත් දැන් නම් දුව දකිනකොට ඇයගේ මුළු ජීවිතයම සම්පූර්ණ වුනා වගේ හැඟීමක් දැනෙනවා කියලා තමයි ඇය කියා සිටින්නේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.