Life Story

ඒ දරුවා නැතිවුණ එක මට දරාගන්න බැරි වුණා. දුවගේ තාත්තා මගෙ ළඟ හිටියෙ එවෙලෙ

කලා ක්ෂේත්‍රය තුළ සිටින අති දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියලා කියන්නේ. සිය තාත්වික රංගනය ඔස්සේ රසික රසිකාවියන්ගේ නිබද ආදරය සහ ගෞරවය දිනාගෙන සිටින ඇය බොහෝ සිනමා නිර්මාණයන් තුළත් ටෙලි නිර්මාණයන් තුළත් අපට දැකබලා ගන්නට පුලුවන් වෙනවා. ඇය මේ වන විට ස්වේතා නමින් හඳුන්වන සුන්දර දියණියකගේ ආදරණීය මවක් වනවා. ඇය විවාහ වන්නේ අපි කවුරුත් දන්නා හඳුනන ආදරණීය කලා ශිල්පියෙක් වන මධුමාධව අරවින්ද සමඟයි. ඒත් ඉතින් ඔවුන් දෙදෙනා අතර ඇතිවූ යම් යම් නොගැළපීම් නිසා ම එම විවාහයට සමුදීම ට ඔවුන් දෙදෙනා තීරණය කරනවා .

නිල්මිණි තෙන්නකෝන් මේ වන විට ගත කරන්නේ තනිකඩ ජීවිතයක්. හැබැයි ඉතින් මධුමාධව අරවින්ද නම් මේ වන විට තුන්වරක් ම විවාහ වෙලා අවසානයි. මේ වන විට සිය තුන්වැනි බිරිඳ වන එරන්දි සමඟ ඔහු ඉතාමත් ප්‍රීතිමත් විනෝදකාමී සැහැල්ලු ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉතින් නිල්මිණි තෙන්නකෝන් පහුගිය දිනක දී එක් වූ එක්තරා මාධ්‍ය වැඩසටහනක දී ඇයගේ ජීවිතයේ සුන්දරම පණිවිඩය වන මව් පදවිය ලැබීම පිළිබඳව අදහස් දක්වලා තිබුණා. ඒ මේ විදියට.

” ඇත්තටම කුසට දරුවෙක් ඇවිල්ල කියල දැනගත්තම මට කියන්න වචන නෑ. අපි රත්මලානෙන් ගෙයක් ගත්තා. මම ප්‍රෙග්නට් කියලා දැනගත්තට පස්සෙ ඒක මට කියන්න වචන නෑ. මොකද අපිට පණිවිඩයක් ආවා ඩුබායි වලින් මගේ ඥාති කෙනෙක්, එයාගේ දරුවා නැතිවුණා කියලා. ඒ ෂොක් එක මට දරාගන්න බැරිවුණා. ඒ වෙලාවේ මගේ අම්මා මගේ ළඟ හිටියා. දුවගේ තාත්තා ළඟ හිටියා. මම ඇත්තටම upset ගියා. මගේ Situation එක හොඳ නෑ කියලා දැණුනා. අම්මා ඩොක්ටර් කෙනෙක් ගාවට ගෙනිහිල්ලා බැලුවම තමයි දැනගත්තෙ Pregnant කියලා. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා.