Life Story

එවන් දේ දිහා බලාගෙන ඉන්න ඒ පිරිමින්ගේ බිරින්දෑවරුන්ට ලැජ්ජ නැද්ද? ඕෂධීට හදිසියේම මල පනී

රංගන ක්ෂේත්‍රය තුළ සිටි ඉතාමත්ම දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි ඕෂධී හේවාමද්දුම කියලා කියන්නේ. ඇය තුළ ඇති ඇයටම ආවේණික තාත්වික රංගන හැකියාව නිසාම බොහෝ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ගේ නිරන්තර ආදරය සහ ආකර්ෂණය දිනා ගැනීමට ඇයට පුළුවන් වුණා. බොහෝ ටෙලි නිර්මාණ තුළත් සිනමා නිර්මාණ තුළත් සිය රංගන හැකියාව විදහා දක්වන ඇය මේ වනවිට නම් අපිට පුංචි තිරය තුළ දකින්නට ලැබෙන්නේ නැහැ. පසුගිය දවස්වල දේශපාලන වේදිකාව තුළ ක්‍රියාකාරී සාමාජිකාවක් විදිහට කටයුතු කළ ඇය මේ වන විට සුපුරුදු පරිදි ඇයගේ වැඩ කටයුතුත් සමග කාලය ගත කරනවා. ඉතින් පසුගිය දිනක දී ඇය මුහුණු පොත ඔස්සෙ ටිකක් සැර ප්‍රකාශයක් රසික රසිකාවියන්ට සටහන් කරලා තිබුණා. ඉතින් ඒ සඳහා බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ඇයට හිමිවෙලා තිබුණා. ඉතින් ඇය තබා තිබුණෙ මෙවන් දෙයක්.

“ආදරනීය බිරින්දෑවරුනි / පෙම්වතියනි, ඔබේ සැමියා , පෙම්වතා ෆේස්බුක් තුල (තමාට කිසිම වරදක් නොකල) තවත් ගැහැනියකට ,තරුණියකට, නිලියකට හෝ ජනප්‍රිය චරිතයකට අසභ්‍ වචන/ කුනහර්ප වලින් comments දායි නං, ඔබ එයට විරුද්ධ වන්න, එපා කියන්න. එය වීරකමක් නොවේ. බොහෝ විට අසා ඇත්තේ ගැහැනියක් තවත් ගැහැනියකට ඉරිසියයි කියා උනත් වර්තමානයේ facebook වීරයින් බවට පත්වී සිටින පිරිමි පාර්ශවය බොහෝ කාන්තාවන්‍ට කුන හර්ප වලින් පිළිතුරු දැමීම රැල්ලක් වී ඇත. එවන් දේ දිහා බලාගෙන ඉන්න ඒ පිරිමින්ගේ බිරින්දෑවරුන්, පෙම්වතියන්, සහෝදරියන් ට ලැජ්ජාවක් හිතෙන්නේ නැතිද? එපා කියන්න වත් හිතෙන්නේ නැතිද? කාන්තාවකගේ සෙවනැල්ලක් තවම නැති පිරිමියෙක් නං කමක් නෑ කියමුකො. එහෙම නැත්තං කාන්තාවක් නිසා රැවටුන කෙනෙක් නම් පොදුවේ කාන්තා සංහතිය දිහා වැරදි ඇහැකින් බැලීමත් සාදාරනයි කියමුකො. හැබැයි ඒ කිසිම හේතුවක් නැතුව ඉන්න අයත් තමන් දැකල වත් නැති ගැහැනුන්ට/ ජනප්‍රිය චරිත වලට අසභ්‍ය වචන වලින් බැන වදින්නේ ෆේස්බුක් එකේ අවදානය දිනාගන්නටද? පිටින් පමනක් පෙනෙන, වචන වලින්, ඇදන් ඉන්න ඇදුමෙන් පමනක් දකින , page වලින් උලුප්පා දමන දේට වඩා ඔබ නොදන්නා කතා එම කාන්තා චරිත ඇතුලාන්තයේ තිබිය හැක. ඔබ මෝඩියෙක් කියා බනින තරුනිය ඇතැම්විට ඔබේ සහායිකාවට වඩා උගත් කෙනෙක් විය හැක.

ඔබ හාල් කෑලි කියා බනින කෙනාට ඔබේ සහායිකාවට වඩා දේපල තිබිය හැක. ඔබ ගොන් ගෑනු කියා බනින කෙනාට ඔබේ සහායිකාවට වඩා රැකියාවන් තුල හැකියාවන් තිබිය හැක. මීටත් වඩා අන්ත අපුල වචන වලින් බොහෝ තරුනියන්ට හා ජනප්‍රිය චරිත වලට බැන බැන හංවඩු ගසන නෝන්ඩි කරන බොහෝ දෙනෙක්ගේ සහායිකාවන්, සහෝදරින් සර්ව සම්පූර්න ගැහැනු නොවේ.
සම්පූර්න ගැහැනියක් සිටින පිරිමියෙක් අනික් ගැහැනුන්ට අසභ්‍ කමෙන්ට්ස් දාන්නෙත් නැත.
බොහෝ facebook page වලින්ද එවන් ගැහැනු චරිත ඇති තරම් හංවඩු ගසයි. ඒ ගමන් ඒ පේජ් වලින්ම ඩිප්‍රෙශන් හැදී සිය දිවි නසාගත් අයට හෑලි ලියයි. මඩ ගහන්න. තමන්ගේ පැත්තෙන් මඩ නැත්තං පමනක්.” ඉතින් මේ විදියට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා.