Life Story

නෙහාරා තම දෙවැනි දූ සිඟිත්තියගේ පළමු ඡායාරූපය සමාජ මාධ්‍යට මුදා හරී

නෙහාරා පීරිස් කියලා කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින ඉතාමත්ම සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වු මුතු කිරිල්ලී ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය චරිත සඳහා රංගන දායකත්වය ලබා දෙමින් කලාවට පිවිසි ඇය එය ඔස්සේ බොහෝ රසික රසිකාවියන්ගේ ආදරය සහ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වුණා. ඇයගේ හුරුබුහුටි පෙනුමත් කතා විලාශයත් නිසාම බොහෝ දෙනා ඇයට ප්‍රිය කරනවා. ඉතින් කවුරුත් දන්නවනේ ඇය මේ වන විට විවාහ වී ආදරණීය දියණියන් දෙදෙනෙකුගේ මවක් වී අවසානයි.

කුඩා කල පටන් ම ඇය පොඩි දරුවන්ට හරිම ආදරෙයි. ඇය විවාහ වන්නේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින කඩවසම් දක්ෂ සහ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන මේනක රාජපක්ෂ සමඟයි. මේනක පිළිබඳව මෑත කාලීනව බොහෝ දෙනා කතා කරන්නට පටන් ගත්තේ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වු මීනූ කියන ටෙලි නාට්‍යයේ ඔහු රඟ දක්වපු චරිතය නිසයි. බොහෝ දෙනා එහිදී ඔහුට ඔහුගේ සැබෑ ජීවිතය අලලා නොයෙකුත් දේවල් කියන්නටත් පටන් ගත්තා. එසේ වූයේ මේනක රාජපක්ෂ පළමු විවාහයෙන් වෙන් වී දෙවන වරට නෙහාරා පීරිස් සමඟ විවාහ දිවියට එළබෙන නිසයි. පළමු විවාහයෙන් ඔහුට දරුවෙක් ද සිටිනවා.

ඉතින් කොහොම නමුත් මේ වන විට නෙහාරා සහ මේනක ඉතාමත්ම සාර්ථක පවුල් ජීවිතයක් තමයි ගත කරන්නේ. ඔවුන් දෙදෙනාට මේ වන විට ආදරණීය දියණියන් දෙදෙනෙක් ම සිටිනවා. ඔවුන්ගේ වැඩිමහල් දියණිය වන මෙයිලිව නම් රසික රසිකාවියන් බොහෝ දෙනා දන්නවා. ඉතින් පසුගිය දිනකදී නෙහාරා ඇගේ දෙවන දරු ප්‍රසූතිය සිදු කරනු ලැබුවා. ඉතිං එහිදී ඉපදුනු පුංචි දූ සිඟිත්තියගේ අතක ඡායාරූපයක් සමඟ හරි අපූරු සටහනක් ඇය සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන් කරලා තිබුණා.

” හෙලෝ ලෝකය, මුණගැහෙන්න අපේ දෙවැනි පුංචි දියණියව නෝරි මාරියා රාජපක්ෂ “

ඉතින් දෙවැනි වරට මව් පදවිය ලැබූ නෙහාරාට උණුසුම් සුබ පැතුම් එක් කරන අතරම ඔවුන්ගේ ජීවිතය හැමදාම සතුටෙන් ගෙවන්නට පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.