Life Story

තාත්තා සුද්දෙක් ද කියලා මාව ලැබුණු වෙලාවේ වෛද්‍යවරු අම්මගෙන් අහලා තියෙනවා – නර්මදා ජයමහ

Travel girl කියපු ගමන්ම අපිට මතක් වෙන්නෙ හරිම සුන්දර රුවකට හිමිකම් කියන ප්‍රියමනාප වාසනාවන්ත යුවතියක්ව.ඒ අපූරු රුවැත්තිය වෙන කවුරුත් නොව නර්මදා ජයසිංහයි.ස්වාධීන රූපවාහිනියේ විකාශය වන travel girl වැඩසටහන ඔස්සේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ප්‍රතිචාර විශාල ප්‍රමාණයෙන් දිනා ගැනීමට හැකි වූ ඇය නිවේදන ක්ෂේත්‍රයෙන් මෙන්ම රංගන ක්ෂේත්‍රයෙන් ද සිය දක්ෂතා පෙන්නුම් කරන අපූරු යුවතියක් කීවොත් මා නිවැරදියි.මේ වන විට ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ද වශයෙන් සේවය කරන ඇය පිළිබඳව අප කතා කරන්න සිතුවා.ඉතින් ඇය ඇගේ කතාව පටන් ගත්තේ මෙහෙමයි.

“නිවේදනය කියලා කියන්නේ මං ඉස්සර ඉඳන්ම ඉදන්ම හරිම ආසාවෙන් හිටපු ක්ෂේත්‍රයක්.මාව ගොඩක් දෙනෙක් අඳුරගත්තේ ස්වාධීන රූපවාහිනියේ විකාශය කරපු travel girl වැඩසටහන ඔස්සේ.ඇත්තටම ඒ වැඩසටහන ඔස්සේ මටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා.ලංකාව වටා සංචාරය කිරීමටත් විවිධ ආකාරයේ මිනිසුන් අදුනා ගැනීමටත් මට ඒ ඔස්සේ හැකියාව ලැබුණා .ඒ වගේම තමයි මට රංගන ක්ෂේත්‍රයටත් ගොඩක් ආරාධනා ලැබිලා තියෙනවා.මම රංගනයෙන් දායක වුණු නිර්මාණ සඳහා ගොඩක් හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර මට ලැබිලා තියෙනවා.ඒ ගැන ඇත්තටම තියෙන්නෙ නිහතමානී සතුටක්.

කාන්තාවකට ලස්සන කියන්නේ ආභරණයක්.හැබැයි ලස්සන නිසාම රැකියාවක් ලැබෙනවා නම් ඒක තාවකාලික දෙයක්.මොකද මම දකින විදිහට අසුන්දර කිසිම දෙයක් මේ ලෝකේ නැහැ.කාන්තාවකට ගොඩක් ගොඩාක් වැදගත් දෙයක් තමයි සුන්දරත්වය වගේම පිරිසිදුකමයි පිලිවෙලයි.ඉතිං ඒවායෙන් සන්නද්ධ කාන්තාවක් පරිපූර්ණ කාන්තාවක් කියල තමයි මම හිතන්නෙ.

ගොඩක් දෙනෙක් මගෙන් අහනවා මම මෙච්චර සුදු උනේ ඉන්ජෙක්සන් පාවිච්චි කරලද කියලා.අනේ නැහැ මේ පැහැය මං උපතින්ම ගෙනාපු දෙයක්.මොකද මගේ අම්මයි තාත්තයිත් ගොඩක් සුදුයි.මං ඉපදුන වෙලාවෙ දී දොස්තරලා අපේ අම්මගෙන් ඇහුවලු මගේ තාත්තා සුද්දෙක් ද කියලා.ඒ තරමටම චූටි කාලෙ මං සුදුයි.” කියලා තමයි අවසාන වශයෙන් ඇය පැවසුවේ.

නර්මදා ජයමහ කියන්නේ වර්තමානයේ සිටින ඉතාම සුන්දර නිහතමානී දක්ෂ තරුණියක්.ඉතින් ඇයගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.