Life Story

මගේ මහත්තයා ගොඩක් ලස්සනයි. මම එයාගෙ ෆොටෝ එකක් බිත්තියෙ ගහගෙන හිටියා

මේනකා පීරිස් කියන්නේ අපේ රටේ හැමෝම දන්නේ නර්තනයට හැකියාවක් තියෙන නව පරපුරේ දක්ෂ රංගන ශිල්පීනියක්. ඇයි ජනප්‍රියත්වයෙ උපරිම තලයේ සිටින කොට ඇය විදේශයක වාසය කරන නීතිවේදියෙක් සමඟ සිය ප්‍රථම විවාහයට එළඹෙන අතර කාලයක් යත්ම අදහස් නොගැළපීම නිසා ඇය එම විවාහයෙන් වෙන් වෙනවා.

පසුව ප්‍රසිද්ධ රංගන ශිල්පී රනිල් කුලසිංහ සමඟ සබඳතාවයක් පවත්වන ඇය ටික කාලයක් ක්ෂේත්‍රයේ ඉතාමත් ජනප්‍රිය යුවලක් ලෙස වැඩ කටයුතු සිදු කරනවා. ජීවිතයේ නරක කාල වලට ප්‍රශ්න පිට ප්‍රශ්න එනවා වගේ ඇයටත් ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා . ඇය එම සබඳතාවයෙන් මිදිලා. රංගන ක්ෂේත්‍රයෙන් ඈත්ව කාලයක් ගත කරනවා.

සියළු ක්ෂේත්‍රවල දුරස් ගතකරන මෙම කාලය තුළ ඇයට ජීවිතය යළි ලැබෙනවා . ඒ ඇය වර්තමානයේ විවාහ වෙලා ඉන්න. ඇගේ ආදරණීය සැමියා ඔවුන් දෙදෙනාට දාව ලස්සන පුතෙකු සිටිනවා. ඇය තමන්ගෙ වර්තමාන සැමියා පිළිබඳ මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙන්න මෙහෙම අදහසක්..

මේනකගේ පුතු නමින් රෝවෙන් විද්වත් පතිරණ මගේ පුතා සීයට සීයක් හස්බන්ගේ රූපයමයි තියෙන්නෙ. පුතා ලැබෙන ඉන්න කාලේ අම්මා මට පෙන්නුවා හස්බන්ඩ්ගෙ ෆොටෝ වගයක් එයා ඒ හරිම ලස්සනයි මමත් කිව්වා මටත් ඒ වගේ පුතෙක් ඕනේ කියලා. හස්බන්ඩ්ගෙ නැන්දා කෙනෙකුත් කිව්වා එහෙම පුතෙක් තමයි ලැබෙන්නේ කියලා. අද අපි සතුටින් ඉන්නවා. මේනකා තමන්ගේ අතීතය ගැන කිව්වේ මෙන්න මෙහෙම අදහසක්.

අතීතය කියන්නේ අතීතයට ඒක දැන් අවුරුදු දෙකක් පරණයි මම බලන්න අනාගතය විතරයි අපි දැන් සතුටින් ඉන්නේ. අපි හැමෝම මේනකාගේ ජීවිත සාර්ථක වෙන්න කියලා හදවතින්ම ආශිර්වාද කරමු.