Life Story

කිසිදු නඩත්තු වියදමකින් තොරව මගේ දරුවො දෙන්නා බාරගන්න අදටත් මම ලෑස්තියි

මේධා ජයරත්න කියන්නේ කලා ක්ෂේත්‍රයකට සිටින ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්.බොහෝ ටෙලි නාට්‍ය තුළ මෙන්ම සිනමාව තුළද අපට ඇයගේ රංගන හැකියාව දැක බලාගන්නට පුළුවන්.මේධා ජයරත්න කියන්නේ නිරන්තරයෙන්ම පුවත් මවන්නියක් වනවා.ඇයගේ තාත්ත්වික රංගන හැකියාව නිසාම බොහෝ රසික රසිකාවියන් ඇයට ආදරය කරන්නට පටන් ගන්නවා.

ඇය විවාහ වී සිටියේ කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ අධ්‍යක්ෂවරයෙක් මෙන්ම නිෂ්පාදකවරයෙක් වූ සුරංග ලක්මාල් සෙනෙවිරත්න සමඟයි.ඉතින් ඔවුන්ගේ පවුල් ජීවිතයේ ඇති වූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ඉතා අවාසනාවන්ත ලෙස මේ දෙපලට නීතියෙන් වෙන් වීමට සිදු වනවා.

දරුවන් දෙදෙනෙක් සිටින මවක් වුවත් ඇයගේ රූප සොබාව නම් එදා මෙන් ම අදටත් සුන්දරයි.ඒ නිසාම ඇයට තවමත් තරුණයන්ගේ ආකර්ෂණය නම් අඩුවක් වෙලා නෑ.ඉතින් පසුගිය දිනෙක එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්චාවකදී ඇගේ නවතම තොරතුරු පිළිබඳව පවසා සිටියේ මෙවැන්නක්.

මම සති දෙකකට වරක් මගෙ දරුවා දෙන්න බලන්න යනවා.මම මගේ දරුවොත් එක්ක තියෙන බැඳීම කවදාවත් නැති කර ගන්නේ නෑ.මම කවදාවත් කැමැති වුණේ නැහැ වැඩිහිටියන්ගේ ප්‍රශ්න ඉදිරියේ මොනම හේතුවක් නිසාවත් දරුවන් අතරමැදියන් කරගෙන එයාලව පීඩාවට පත් කරන්න.ඒ නිසා ඒ අවස්ථාවේදී මම යම් තීරණයක් ගත්තා.නමුත් මම අදටත් මගේ දරුවො දෙන්නා බාරගන්න ලෑස්තියි.කිසිදු වන්දි මුදලක් හෝ නඩත්තු වියදමක් නොමැතිව.

ජීවිතයට ආදරය කියන දේ අත්‍යවශ්‍යයයි.මමත් ආදරේ විඳින කෙනෙක්.එයා මට වඩා අවුරුදු දෙක තුනක් බාලයි.නමුත් අපේ ආදරේට වයස් බේදයක් නැහැ.මම විවාහ වෙනවා නමුත් තාම ඒ පිළිබඳව දින වකවානු යොදාගෙන නැහැ.මගේ ජීවිතයට ආදරයක් ඕන නිසා මිසක් කිසිදු ආර්ථික අපහසුතාවක් නිසා නෙවෙයි මම ආදරය කරන්නේ.මොකද මම ආර්ථික පැත්තෙන් ශක්තිමත්.

සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයට බැඳුණා නම් මාසය පුරාම වැඩ කරලා රුපියල් හැට හැත්තෑ දාහක වැටුපක් ලබන්න පුළුවන් වෙයි.නමුත් කලාකරුවන් විදිහට දවස් කිහිපයක් වැඩ කරලා අපි ඒ ගාන හොයනවා.වැඩසටහනක නිවේදන කටයුතු මෙහෙය වුවොත් සාමාන්‍යයෙන් දවසකට රුපියල් හතළිස් දාහක් පනස් දාහක් විතර මුදලක් ලැබෙනවා.ඉතින් රාජ්‍ය සේවකයෙක් මාසය පුරා වැඩකරලා හොයන පඩිය අපි එක දවසකින් හොයන වෙලාවල් තියෙනවා.” යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතිං ඇයගේ ඉදිරි අනාගත කටයුතු සියල්ල සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා.