Life Story

බීලා කාලා මුදල් නාස්ති කරන්නෙ නැති මහේෂි

ලංකාවෙ සිනමාවට දිගටි ඇස් තියෙන නිලියක් ආව නම් ඇය තමයි මහේෂි මධුශංකා කියන්නෙ.ඇය තමන්ගෙ රංගනය පටන් අරගෙන තියෙන්නෙ වයස අවුරුදු දහ අටෙන්.ඒ මුතු වරුසා ටෙලි නාට්‍යය තුලින්.ඉන් පස්සෙ මෑත කාලයේ ඇ⁣ය රගපෑ ඇය නාට්‍යය හින්දත් ගොඩක් අය ඇයව අදුනගත්තෙ වෙනස් විදිහේ චරිත කරන කෙනෙක් විදියටයි.

” පොඩි අය එක්න මෙි කාලෙ නම් ගෙදර ගත කරන ජීවිතය අතිශය සුන්දර වෙලා තියෙනව.මෙික ලෝකෙටම නරක කාලයක් වගේම පවුලේ අය හැමකෙනෙක්ම එකතුවන කාලයක්. ඉතින් ඒ කාලය තුල උපරිම ප්‍රයෝජනය ගන්න තමයි හිතන්නෙ”

ඇගේ දියණිය තෙනුලිට දැන් මාස අටක් වෙනවා.ඒ වගේම අයිය තෙනොල්ට අවුරුදු තුනහමාරක් වයසයි.දෙන්නගෙ දගේ එක්ක වුනත් මහේෂි සමබරව ගෙදර වැඩ කරගෙන යන බවයි දැනගන්න ලැබිල තියෙන්නෙ.

” පහුගිය කාලය පුරාවටම මම රගපාපු නාට්‍ය කිහිපයක්ම දකින්න ලැබුන නිසාම මම රංගන ක්ෂේත්‍රයේ ගොඩක් ජනප්‍රියත්වය පවත්වාගෙන යන්න ඉඩසර ලැබුන.විශේෂයෙන්ම කියන්න ඔිනා අම්ම හෙවනැල්ල වගේ මෙි වැඩ කටයුතු වල ඉන්න නිසාම මටහැමදෙයක්ම කරගන්න පුළුවන් වුනා”

ඇය තමන් තරුණියක් විදියට අවුරුදු දහ අටෙන් රංගනයට පැම්ණීමම අභියොගයක් බවත් පවසනවා.

” රංගනය කියන්නෙ ගෞරවාන්ත ක්ෂේත්‍රයක් .ඒ වගේම ගෙවීම් නම් හොදට ලැබෙනව.ඉතිත් එහෙම කියල ඒ සල්ලි බීලා කාලා නාස්ති කරන තැන මම නෑ.අවුරුදු විසි වෙද්දි මට දරුවන් දෙන්නෙක් ඉන්නව ඒ අයට හැමදේම කියාදීලා ඉදිරියට යන්නයි මගෙ බලාපොරොත්තුව වෙන්නෙ”

ඇයගේ ආච්චි අම්මා සැකසුරුවමට කැමති කෙනෙක් බවත් ඇය කවදාවත් ගෙදර රණ්ඩු කරගෙන නැති බවත් පවසන ඇය තමාත් හැදෙන්නෙ එලෙස බවයි පවසන්නේ.

” මගේ මහත්තයා තහංචි පනවන කෙනෙක් නෙවෙි.අනික හොදින්ම මාව තේරෙනය.මට ලස්සන වෙන දේවල් පවා ගේන්නෙ එයා තමයි”

විවාහය ගැන ඇය දකින්නෙ සමබර විදියට කියලයි ඇය කියන්නෙ.ඒ වගේම තමන්ගෙ ආදරය රැකගැනීම වගේම මවක් විදියට කටයුතු කරන එක ගැනත් ඇය අත්දැකීම් ලබන බවත් පවසනවා.