Life Story

වැරදි කමෙන්ට් දාන අය හරි පව්. පොත්ත සුදු නම් පසුවදා සිට ඕනෑම චරිතයක් කරන්න පුළුවන් – මේධා ජයරත්න

කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂතම සහ ජනප්‍රියම රංගන ශිල්පිනියක් තමයි මේධා ජයරත්න කියලා කියන්නේ. නිරූපණ ක්ෂේත්‍රය තුළත් අපට ඇයව වැඩි වශයෙන් දැකබලා ගන්නට පුලුවන් වෙනවා. බොහෝ ටෙලි නාට්‍යය තුළත් සිනමා නිර්මාණයන් තුළත් ඇය සිය රංගන කටයුතු සිදු කළ අතර මේ දවස්වල නම් වැඩිය ඇයව අපට දැකබලා ගන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි රංගනයට අමතරව ඇය නර්තනය සඳහාත් දස්කම් දක්වනවා. 6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා නර්තනය විෂයක් ලෙස හදාරපු ඇය විශ්වවිද්‍යාලයේදී තෝරාගනු ලබන්නේ ජනසන්නිවේදනය සිංහල සහ ලලිත කලා කියන විෂයන්. ඉතින් එහිදී ඇය සාම්ප්‍රදායික නර්තනය පිළිබඳව හදාරා තිබීමත් විශේෂත්වයක්. ඉතින් ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ක්ෂේත්‍රයට පැමිණි නවක පරපුර පිළිබඳව දැක්වුයේ මෙවන් අදහසක්.

” දක්ෂයෝ සිටිනවා. සෑම කලකදීම දක්ෂයෝ සහ අදක්ෂයෝ යන දෙපිරිසම කලාවට එකතු වෙනවා. එදා සිට මේ දක්වා ඒ අය හැසිරුණු ආකාරය, තම හැකියාවන් සහ වපසරිය, තමාගේ පසුබිම මතයි ඔවුනගේ පැවැත්ම තීරණය වුණේ. එය සාපේක්ෂයි. අද ඕනෑම අයකුට දේශපාලනයට වගේම කලාවටත් ඉතා පහසුවෙන් අවතීර්ණ විය හැකියි. ඒ සඳහා කිසිදු සුදුසුකමක් හෝ හැදෑරීමක් අවශ්‍ය නැහැ. විදේශ රටවල කලාවට එහෙම එන්න බැහැ. එයට ඩිප්ලෝමා හෝ උපාධි පාඨමාලාවන් හදාරා රංගනය ගැන හොඳ අවබෝධයකින්, අධ්‍යයනයකින් පැමිණිය යුතුයි. ලංකාවේ පොත්ත ටිකක් සුදු නම් පසුවදා සිට ඕනෑම චරිතයක් කරන්න පුළුවන්. අපේ මේ කලා ක්‍ෂේත්‍රය දිනෙන් දින කඩා වැටිල තියෙන්නෙ ඒ වගේ අය ආපු නිසා තමයි. “

ඒ වගේම තමයි ඇයට සමාජ මාධ්‍ය තුළින් ලැබෙන නරක ප්‍රතිචාර පිළිබඳව ඇය දැක්වූයේ මෙවන් අදහසක්.

” එවැනි වැරදි කමෙන්ට්ස් දාන අය ඇත්තටම හරි පව්. මොකද අපි සෝෂල් මීඩියා සමඟ ගනුදෙනු කරන සෑම තප්පරයකදීම ඒ තුළින් අපගේ ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමට, අපේ විවිධ marketing වැඩසටහන්වලට පවා වාසි සහ ලාභ රැසක් ලැබෙනවා. අපි සමාජ මාධ්‍ය භාවිත කරන්නේ ප්‍රයෝජනයක් ලැබෙන ආකාරයටයි. නමුත් ඉතින් බහුතරයක් තමන්ගේ අතින් පාඩු විඳගෙන, data කපාගෙන අපේ දේවල්වලට වැරදි කමෙන්ට් දානවා, මඩ ගහනවා නම් ඇත්තටම ඔවුන් පව් තමයි. “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.