Life Story

බූට් එකෙන් පස්සේ මං හෙව්වේ අවංක කෙල්ලෙක්. මට මගේ බිරිදව හමු වුණේ එතකොට – මනේජ් සංජය

මනේජ් සංජය කියලා කියන්නේ මේ දවස්වල ගායන ක්ෂේත්‍රය තුළ ඉතාමත්ම ජනප්‍රිය ගායන ශිල්පියෙක්. හිරු ස්ටාර් ගායන රියලිටි වේදිකාව තුළින් මූලු ශ්‍රී ලංකාවක් ම හඳුනාගත් ඔහු මේ වන විට ඔහුගේම ගීත ගණනාවක් ම රසික රසිකාවියන්ට දායාද කරල තියෙනවා. ඔහු ගායනා කරන ලද පණට නමක් ගීතය තුළින් කාගේත් ආදරේ දිනා ගැනීමට ඔහුට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි මිලියන ගාණක් ප්‍රේක්ෂක නැරඹුම් වාර ප්‍රමාණයක් ඔහුගේ ගීතයන් තුළට තිබීමත් විශේෂත්වයක්.

ඒ වගේම තමයි වර්තමානය වන විට කා අතරත් ජනප්‍රිය ගීතයක් වන රැල්ල වෙරලට ආදරෙයි ටෙලි නාට්‍යයේ ඔහු ගායනා කරන ලද ජෝඩු කරගෙන කියන ගීතයත් මේ දවස්වල රසික රසිකාවියන් ඉතාමත්ම කැමැත්තෙන් අසන ගීතයක්. ඔහුගේ කඩවසම් පෙනුමත් ගීත ගායන හැකියාවත් නිසා ම බොහෝ තරුණියන්ගේ ආකර්ෂණය ඔහුට ලැබෙන බව කවුරුත් දන්නා රහසක්. ඒත් ඉතින් මේ වෙනකොට විවාහ වී සිටින ඔහු ඉතාම සාර්ථක පවුල් ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒ වගේම තමයි ඔවුන්ගේ කැදැල්ල තවත් එළිය කරමින් මේ වන විට පුංචි දූ සිඟිත්තක් ඔවුන්ගේ පවුලට එකතු වෙලා තියෙනවා. ඉතින් මනේජ් එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහුගේ බිරිඳ හමු වූ ආකාරය පිළිබඳව පවසා සිටියේ මේ වගේ දෙයක්.

” මට මගේ ආදරණීය බිරිඳ හමුවෙන්නෙ මම ලොකු බූට් එකක් කාලා ටික කාලයක් නිහඩව හිටපු වෙලාවක. මං එයාව පොඩි කාලේ ඉදන්ම දන්නවා. ඇත්තටම ඒ දවස් වල බූට් එකෙන් පස්සේ මම හෙව්වේ අවංකව ආදරය කරන කෙල්ලෙක්ව. ඉතින් මම හිතපු විදියටම ඒ වගේම කෙනෙක් මට ලැබුණා. ඒ කාලේ මම එච්චර ජනප්‍රියත් නෑ. ඒත් ඉතින් එයා මට කැමති වුණා. දැන් අපි ලස්සන ජීවිතයක් ගත කරනවා “

ඉතින් මේ විදියට අදහස් දක්වන මේ ආදරණීය ගායන ශිල්පියාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.