Life Story

ගොඩක් ලස්සන ලේලිලා හිටපු එයාගේ පුතාට මගේ පෙනුම හරි ගියේ නෑ මධුමාධවගේ බිරිඳ කියන කතාව

මධුමාධව අරවින්ද කිව්වම කව්ද නොදන්නෙ. මියුරු ගීතයක් ගණනාවක් සංගීත ක්ෂේත්‍රයට දායාද කල ජනප්‍රිය ගායකයෙකු වන ඔහු දේශපාලන පීඨිකාව තුලත් ක්‍රියාකාරී සාමාජිකයෙකු විදිහට පසුගිය කාල වකවානුවේදී ක්‍රියා කළ බව අප දන්නවා. ඉතින් ඔබ අප කවුරුත් දන්නවා මධුමාධව පළමු වරට විවාහ වී සිටියේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟයි. නමුත් ඔවුන් අතර ඇතිවූ යම් යම් ගැටලු හේතුවෙන් එම විවාහයෙන් වෙන්වීමට ඔවුන් තීරණය කරනවා. ඉන්පසු මධුමාධව අරවින්ද තවත් විවාහයක් කර ගන්නා අතර එයත් වැඩි කලක් පැවතුණේ නැහැ. නැවතත් තෙවැනි වරටත් ඔහු තවත් බිරිඳක් සරණ පාවා ගන්නවා. ඉතින් ඇය ඔහු සමඟ ඉතාම විනෝදයෙන් සහ සතුටින් කල් ගත කරන බව සමාජ මාධ්‍ය තුළින් නිරතුරුවම අපට දැකබලා ගන්නට පුළුවන්. ඉතින් පසු ගිය දිනක දී ඇය හදිසියේම විදෙස් ගත වනවා. නමුත් ඇය තම ආදරණීය සැමියා වන මධුමාධව පිළිබඳව නිරතුරුවම සමාජ මාධ්‍ය තුළ ආදරණීය වදන් පළ කිරීමට අමතක කරන්නේ නැහැ. ඉතින් ඇය පළ කරන ලද එවැනි වදනක් අද ඔබට ගෙන ඒමට අප සිතුවා.

‘ ලොකෙ හොඳම in laws ඉන්නෙ මට. ඔව් ලොකෙ හොඳම නැන්දම්මා මාමන්ඩි ලොකු මස්සිනා ඉන්නෙ මට තමයි. එක ලස්සන කතාවක්. වයස ආදාලම නැ කෙල්ලෙක් තමන්ගේ කියන හැම කෙනෙක්ම අත් හැරල. මට එහෙම අත් හරින්න කාත් කවුරුත් නැ තමන් ජිවත් උන ගම රට අතහැරල. තමන්ව සුරක්ෂිත කරපු හයිය කරපු රැකියාව අතහැරල ඇත්තම කිව්වොත් තමන් තමන්ව අත හැරල පිරිමි අතක එල්ලෙන්නෙ තමන් හරිම සුරක්ෂිතයි කියන හැඟීමකින්. පුංචි කාලයේ අපිට කවුරු හරි රිද්දුවොත් ඔයාලට මතකද අපි කියනව ඉන්න මම අපේ තාත්තාට කියන්නම් අපේ තාත්තා හරි වසයි කියල. එ තමයි ගැහැණු ලමයකු ගෙ ජිවිතයේ ඉස්සල්ලම හඳුනා ගන්න වීරයා ඊටත් පස්සෙ අපි වැඩිහිටි ගැහැණු වෙලත් සමාජයේන් එන අනාරක්ෂිත පිරිමි විහිළුකදි අපහාසයකදි අපි කියනවා මම මගෙ මහත්තයට කියනවා කියල අපි එ අයට කියන්නේ අපිට ඔහුගෙන් දැනෙන පිරිමි රැකවරණය මහ හුඟක් නිසා. අන්න එ පිරිමි රැකවරණය ලැබෙන බිරිඳක් නම් සත්තයි ඔබට දැනෙවි, ඔබට රැජිනක තරම් ආඩම්බරයක් අභිමානයක්. එතැන් පටන් බිරිඳ කියන කිරුල පැළඳ ඉන්න අපි රකින්නේ සැමියාගේ අභිමානයම නෙමෙයි සැමියාගේ අභිමානය රකින බිරිඳකට සමාජයෙන් ලැබෙන ගෞරවය. අන්න එ ගෞරවය තියෙන ගැහැණු චරිත මහ රැ 12ට වත් පාරට බහින්න බයක් නැ හෙතුව යොධ සෙවනැල්ලක අවතාරය තමන් මතට වැටිලා ඇති බවත් එ අවතාරය තමන් ආරක්ෂා කරන බවත් ගැහැනිය විශ්වාස කරනවා.
හැබැයි මෙ අවතාරය අවතාරයක්ම උනොත්

මහ විශාල ලොකයක් තරම් විශ්වාස කරල තමන් ආදරය කරන පිරිමියා තම ආදරණීය බිරිඳට හො පෙම්වතියට ලොකයකින් නෙමෙයි ඔහුගේ දෙමාපියන්ගේ ගෞරවය වත් ලබා දෙන්න හැකියාවක් නැති කෙනෙක් උනොත් එ ගැහැනිය බිරිද ඔබව විශ්වාස කරල ඇවිත් ඇය ඇයට කර ගන්නේ ලොකු වරදක්. මෙ 2018 එක්තරා දියනක සත්‍ය සිදුවිමක්. මගෙ vacation එකකට ලංකාවට ඇවිත් දැන් හස්බන්ඩ් උනාට එ කාලයේ පෙම්වතා එයා එක්ක 2019 අපි අපේ වෙඩින් එකට සමහර දෙවල් ලැස්ති කරනවා. මෙ කියන දවසෙ අපි අපෙ වෙඩින් සාරි එක ගෙනත් මදු අයියගෙ අම්මට පෙන්නන්න එදා හරිම සතුටු දවසක්. එකපාරටම තාත්තා මට කියපු කතාවක් නිසා හැමගේම හිනාව අතුරුදහන් උනා. එ කියන්නේ ගොඩක් ලස්සන ලෙලිවරුන් හිටිය ඔහුට මගෙ පෙනුම පුතාට නොගැලපෙන බවක් තමයි දැනුනේ. මට දුක නොහිතුණාම නොවේයි. මම නොහිතපු විදිහට ඔහු එ මොහොතේම මගෙ පැත්තේ සිට ගත්තා. මා වෙනුවෙන් කතා කරා. දෙමාපියන්ට උනත් තමා තොරා ගත් බිරිඳට වචනයක් අගෞරව නොකරන ලෙස අවවාද කරා. මා එ මොහොත අමතක කරන්න කිවත් ඔහු එ මොහොතේ මා අල්ලා ගත්තෙ නිවැරදි දැතක් බව ප්‍රත්‍යක්ෂ කලා. එ සිදුවිමට පසුව කිසිම දවසක එක බැල්මකින් වත් කවදාවත් මට රිදවිල්ලක් එ දෙමාපියන්ගෙන් මට සිදු වෙලාම නැ.

මෙ මොහොතෙත් ඔනම දෙයක් කියන්න මට ඉන්න හොඳම මිතුරිය නැන්දම්මා (අම්මා) මට හස්බන්ඩ් එක්ක වෙන ප්‍රශ්නයක් උනත් ඇය සමඟ කියල ඇය සමඟ එකතු වෙලා ඇගෙ පුතාල බැනල මගෙ හිත සැහැල්ලු කරන තරම් තෙරුම් ගත්ත නැන්දම්මා කෙනෙක් ඇය.

එ කියන්නේ බිරිඳ මොනවා කලත් ඇයගේ පැත්ත ගෙන දෙමාපියන් අසරණ කරන්න කියන එක නෙමෙයි එත් බිරිඳට හිමි ගෞරවය ආදරය විශ්වාසය ඇයට ලබා දෙන ගමන්ම බිරිඳ ගෙන් සැමියාගේ දෙමාපියන්ට ලැබිය යුතු ගෞරවය යුතුකම් සහ ආදරය වෙනුවෙන්නුත් ඔහු පෙනි සිටිනවා නම්. බැඳීමක් හයිය වෙද්දී තමන් තොරා ගත් ගැහැනියකගේ වටිනාකම දෙමාපියන්ටත්. අයියා මල්ලි ගැටුම් වලට මගෙ දායකත්වයක් නොදිම කුලියට තරහ නොවිමත් මම වග බලා ගන්නවා තමන්ගේ දෙමාපියන්ගේ වටිනාකම බිරිඳටත් කල් වෙලා ඇතිව පැහැදිලි කරනවා නම්. ඇයත් තෙරුම් ගනිවි දෙමාපියන් යනු ඔහුගේ ශරිරයේ කොටසක් බව. එකිනෙකා ගෙ වටිනාකම සහ තෙරුම් ගැනිම පවුලක් ඇතුලේ ආදරණීය කමි මහ හුඟක් තියෙවි. ‘ ඉතින් මෙම දෙපළට හැමදාම මෙලෙස සතුටින් ආදරයෙන් සිටීමට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරනවා.