Life Story

‘මමත් ලෑස්තියි තනි තටුවෙන් පියාබන්න’ මධුමාධවගේ එක් කකුලක් ඉවත් කරයි ?

මධුමාධව අරවින්ද කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රිය කලාකරුවෙක්. ඒ වගේම තමයි කලක් දේශපාලන වේදිකාවේ ක්‍රියාකාරී සාමාජිකයෙක් විදිහටත් ඔහු වැඩ කටයුතු කළා. ලබ සවන් පත් තුළින් ආදී ඉතාමත්ම මියුරු ගීතයන් කිහිපයක්ම කලා ලොවට දායාද කර දුන් ඔහුට ඉතාමත්ම මියුරු කටහඬක් උපතින්ම උරුම කර ගෙන තිබෙනවා. ඉතින් ඔහු ගැන කතා කරද්දි කතා නොකරම බැරි කාරණාවක් තමයි ඔහුගේ විවාහය. පළමු වරට ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන නිල්මිණි තෙන්නකෝන් සමග විවාහ දිවියක් ගත කරන ඔහුට ස්වේතා නමින් සුරූපි දියණියක් ද සිටිනවා.

කොහොම නමුත් ඔවුන්ගේ ජීවිතය ඇති වූ ගැටලුකාරී තත්ත්වයන් නිසාම එම විවාහ දිවියට සමු දෙන ඔහු නැවතත් විවාහයන් දෙකක්ම සිදුකරනු ලබනවා. ඔහුගේ දෙවැනි විවාහයත් අසාර්ථක වන අතර තුන්වැනි වරට විවාහ වූ එරන්දි සමග තමයි ඔහු මේ වනවිට විවාහ ජීවිතය ගත කරන්නේ. ඉතින් දැන් නම් ඔහු ඉතාමත් සතුටින් විනෝදකාමී ව තමයි සිටින්නේ. ඉතින් පහුගිය දවස් වල ඔහු ගැන කවුරුත් කතා කරන්නට පටන් ගත්තේ ඔහු තම ෆේස්බුක් ගිනුමේ තබා තිබූ සටහනක් හේතුවෙන් සහ ඡායාරූප කිහිපයක් නිසාය. එහිදී කකුලක් ඉවත් කරන ලද ඡායාරූප කිහිපයක් සමඟින් ඔහු මෙවන් සටහනක් තබා තිබුණා.

” තනි තටුවෙන් පියාබන්න… නැති පිහාටු අත හරින්න.. පන තියෙනව දරාගන්න…. ආසයි ආයෙත් දුවන්න… හනි හනිකට හුස්ම ගන්න…  තනි තටුවෙන් පියාබන්න… අපි හිතනදේවල්මද… උනේ… වෙන්නේ…. වෙන්න නියමිත….. අපි හැමෝටම තියෙනවා අවසානයක්…. අන්න ඒ අවසානය එනකම්….. වෙන හැමදේම දරා ගමු……. අපිට වඩා ගොඩාක් දේ…  ගොඩාක් අයට නැති උනා…  ඉතිං, මමත්……  ලෑස්තියි……  තනි තටුවෙන් පියාබන්න…  ස්තූතියි උදව් කල හැමෝටම.. “

ඉතින් කොහොම නමුත් අසනීප තත්ත්වයෙන් පසුවන ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතරම ඔහුගේ සියලුම ඉදිරි අනාගත වැඩකටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.