Life Story

ගහන්න ගහන්න ගුටි කාලා ඊටත් පස්සේ සැනසීමක් ලැබුනම මොකටද ලෝචනා හදිසියේම එසේ කීවේ ඇයි?

ලෝචනා ඉමාෂි කියන්නේ කලා ලොව තුළ සිටින හැඩකාර දඟකාර කටකාර රුවැත්තියක්. පුංචි තිරය තුළ වගේම සිනමා තිරය තුල දැක බලා ගන්නට ලැබුණු ඇය මේ දවස් වල නම් අපට වැඩිය දකින්නට ලැබෙන්නේ නැහැ. මේ වන විට විදෙස් ගතව සිටින ලෝචනා ඉමාෂි ඉතාමත් සාර්ථක යුග දිවියක් ගත කරන බිරිඳක් වගේම ආදරණීය සුරතල් පුතෙක් ගෙ මවක් ද වෙනවා. ලෝචනා කියලා කියන්නේ දවසින් දවස විවිධාකාරයේ සටහන් සමාජ මාධ්‍ය තුළ පළ කරන කෙනෙක්. ඉතිං පසුගිය දිනකත් ඇය එවන් වූ අමුතු ආකාරයේ සටහනක් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පල කරලා තිබුණු නිසා බොහෝ රසික රසිකාවියන්ගේ අවධානය ඒ වෙත යොමු වී තිබුනා. උපුටා ගැනීමක් ලෙසින් තමයි ඇය එම සටහන පළ කරලා තිබුණේ. ඒ මේ විදිහට.

“ජීවිතේ පුරාවට කී දෙනෙක් ඔයාට ඉවසන්න කියලා ඇත්ද ? ජීවිතේ පුරාවට කී දෙනෙක්ට ඔයා ඉවසන්න කියල ඇත්ද ? ”ඉවසලා ඉවසලා බැරිම තැන තමයි ඉවසිය යුතුම තැන ”කියලා කොච්චර නම් ඇහිලා ඇද්ද ?

ඕක ඔහොම කිව්වට එතන තමයි ගොඩක් මිනිස්සුන්ට වැරදුනම තැන ගහන්න ගහන්න ගුටි කාලා.. බනින්න බනින්න බැනුම් අහලා.. රවට්ටන්න රවට්ටන්න රැවටිලා.. බොරු කරන්න කරන්න නොදන්නව වගේ ඉඳලා .. දුෂ්ට කම් කරන්න කරන්න, දරාගෙන ඉඳලා.. වද දෙන්න දෙන්න, විඳවලා.. ඉතින් ඊටත් පස්සේ සැනසීමක් ලැබුනම කියමුකෝ ඒත් මොකටද ඉතින් සැමියා ළඟ , බිරිඳ ළඟ , ගිණිගෙඩි දෙන මිනිස්සු ළඟ , වද දෙන යාළුවො ළඟ , නැන්දම්මා මාමණ්ඩි ළඟ , ලේලි බෑණා ළඟ , මේ මොන බැඳීම ලඟදි උනත් කවදාකමහරි සැනසෙන්න ලැබෙයිනෙ කියලා හිතාගෙන අසීමිතව ඉවසගෙන බලන් ඉන්නව නම් ඇත්තටම ඒක මුලාවක්,රස්තියාදුවක්,වගේම හෙන පත මෝඩකමක් මොකද එච්ච්ර ඉවසන් ඉන්න තරම් මේ ජීවිතේ දිග නැහැ ඉවසීමෙන් සැනසීම ලැබුණා ලැබුණා කියලා පරසක්වල ගහපු ගොඩක් කථාවල , ඒ අය ලබපු සැනසීමක් නැහැ ,

කාලයත් එක්ක එයාල ඒ දුකට හුරුවෙලා තිබ්බා ,එච්චරයි ජීවිතෙන් වටිනාම කොටසක් නාස්ති උනාට පස්සේ ” සැනසීම ” කියන දේ ලැබිලා තේරුමක් නැහැ ජීවත්වෙන දවස් 40000 ම , බැඳීම් වෙනුවෙන් සියල්ල දරාගෙන කප්පරක් ඉවසපු මිනිස්සුන්ට බොහොමයක් විට අන්තිමට ඉතුරු වුනේ , දිගම දිග හුස්ම වැල් විතරයි ජීවිතේ මොන දේට සීමා නැති උනත් , ”ඉවසීම” කියන දෙයට සීමාවක් තියාගන්න මොන තරම් තද බැඳීමක් වෙනුවෙන් උනත් අසීමිතව ඉවසන්න වෙනවනම් , ඒක එක්තරා විදිහක කරු,මයක් විතරයි නොපෙනෙන , නොදැක්ක සැනසීමක් වෙනුවෙන් අසීමිතව ඉවසපු , ආත්මය මැරුණු මිනිස්සු , ජීවත් වෙනවා කියලා කලේ හුස්ම ගත්ත එක විතරයි ජීවිතේ හොඳම කාළය ගෙවුණු පසු වසන්තය ආවා කියල බම්බු ගහන්නද ඔයා ඉවසන්න, ඒක වැරැද්දක් නෙමෙයි හැබැයි ඒ ඉවසීමට නිශ්චිත සීමාවක් තියාගන්න ඒ සීමාව පැහැදිලි නැත්තම් අන්න ඒක වැරැද්දක් මොකද ඉවසනවා ඉවසනවා කියලා ඔයා මේ ගෙව ගෙව නාස්ති කරන්නෙ ඔරලෝසුවෙ ඔහේ කැරකෙන නිකම්ම නිකම් තත්පර ,පැය ,දවස් එහෙම නෙමෙයි ඒ ඔයාගෙ ජීවිතේ කොටස් ඒ ඔයාට ලස්සනට විඳින්න තියන ජීව තත්පර ආයෙ ,කවදාවත් ආපහු එන්නෙ නැති ජීවිතේ දවස් ඔබත් ,මොකක්ම හෝ බැඳීමක් වෙනුවෙන් , මනුස්සයෙක් වෙනුවෙන් ,හැඟීමක් වෙනුවෙන් ,මොනම හෝ සැනසීමක් බලාගෙන අසීමිතව ඉවසන කෙනෙක් නම් ටිකක් ප්‍රවේසමෙන් ඒ වගේම , දරුවෙකුට ,යාළුවෙකුට ,හිතවතෙකුට නෑයෙකුට අනේ තව ටිකක් ඉවසන්න කියල කියනකොටත් ප්‍රවේසමෙන් අනිශා ජයකොඩි ” ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා.