Life Story

මට දැන් ඉන්න හිටින්න තැනක් නෑ සියල්ල නැති භංගස්ථාන උනා..

 අපේ රටේ ටෙලි නාට්‍ය හා සිනමා ක්ෂේත්රය තුල වසර ගණනාවක් ජනප්‍රිය චරිතයක් තමයි ශ්‍රීනාත් මද්දුමගේ කියන්නේ. ශ්‍රීනාත් තමන්ගේ ජනප්‍රියත්වයෙ උපරිම අවධියේ ඉන්න කොට ඔහු රට හැර යනවා. ඔහු යන්නේ ඕස්ට්‍රේලියාවට.

ඒ ඔහුගේ ආදරණීය බිරිදගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා . ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා එහි ජීවිතයට පුරුදු වෙච්ච ඔහුට පහුගිය දවසක කිසිම මනුස්සයෙකුට වෙන්ඩ සුදුසු නැති කරදරයකට මුහුණ පාන්න සිද්ද වෙනවා. ඔහු ඒ කරදරේ පිළිබඳ පැවසුවේ මේ විදියට.

ඒ ඔහු මහන්සියෙන් ගොඩනගාගත් සිය නිවස හා සියලු දෙය කිසිදු හේතුවක් නැතිව ගින්නකින් මුළුමනින්ම විනාශ වෙලා ගිහිල්ලා.  එ ගින්න ඇති වන වෙලාවෙ ඔහු ගේ නිවස කවුරුවත් ඉඳලා නැහැ. හැබැයි 29 වැනිදා ඔහුගේ චරිතාපදානය වන මම ශ්‍රීනාත්  කියන ග්‍රන්ථය දොරට වැඞීමේ උත්සවයට ලංකාවේ ඉඳලා පොත් ටික අරගෙන ආපු අජිත් මෙන්ඩිස්.. පුද්ගලයා තමයි ගෙදර ඉදලා තියෙන්නේ.  හැබැයි ඔහුටත්  කරදරයක් නම් වෙලා නැහැ.

මෙහිදී සිදු වෙච්ච අවාසනාවන්ත කරුණ නම් ඔහු අමාරුවෙන් ගොඩ නගා ගත්හ පොත් 3000ක් පමණ තිබුනු පුස්තකාලය අළු ගොඩක් බවට පමණක් පත්වීම. තවද ඔහු රංගනය තුළින් උපයා ගත් සම්මාන සියල්ලම දැවී අළු විය. ඒ සෝචනීය තත්ත්වය පිළිබඳ ඔහු කිව්වේ මෙන්න මේ වගේ අදහසක්.

අපි ගිණිගත්තු ගෙට ගිහින් බැලුවා ඒක එකම අලු ගොඩක්.. අනතුරක් වෙයි කියලා ඇතුළට යන්න නම් දුන්නේ නෑ. ගෙදර  ඉන්සුරස් කරල තියෙන නිසා.. ගෙදරට වන්දියක් හිම්වෙයි. ඒත් සම්පූර්ණ ගෙයි වටිනාකම හිමිවෙයිද කියලා නම් කියන්න බෑ. එම මුදලින් අලුතින් ගෙයක් හදනවාද නැද්ද කියන්න මම තවම තීරණයක් අරගෙන නැහැ. අපිට තාවකාලිකව ඉන්න හොටෙල් එකක apartment එකක් දුන්නෙ insurance company එක. ඉස්සරහට තාවකාලික ගෙයක් දෙයි. මුහුණ දෙන්න අමාරු දෙයක් වුණත්. ඒකට මුහුණ දුන්නේ ගොඩක් යාලුවෝ අපිට උදව් කරපු නිසා..

සියල්ල නැති උනත් උත්සාහයෙන් ආයිත් සියලු දේ ගොඩනඟා ගන්න. ප්‍රවීණ නළු වටහා ඒ පවුලෙ අයට සියලු ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.