Life Story

මම දෙමළ මනුස්සයෙක් බැන්දහම එයා හතුරෙක් වෙනවද? 83දී සිංහල මිනිස්සු එයාගේ ගෙවල් විනාශ කළා

දමිතා අබේරත්න කියලා කියන්නේ සිංහල සිනමාව තුළ මෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඕනෑම චරිතයක් කිසිදු අභියෝගයකින් තොරව නිරූපණය කිරීමට හැකියාව ඇති ඇය ඇත්තෙන්ම කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම රංගන ශිල්පිනියක් වනවා. මීට බොහෝ කලකට පෙර ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වු බට්ටි ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත සඳහා සිය රංගන දායකත්වය ලබා දුන් ඇය ඒ නිසාම බොහෝ රසික රසිකාවියන්ගේ ආකර්ෂණය සහ ආදරය දිනා ගැනීමට සමත් වුණා. ඉතින් දමිතා අබේරත්න කියලා කියන්නේ මේ වන විට විවාහක කාන්තාවක්. බොහෝ කලකට පසු විවාහ දිවියට ඇතුළත් වූ ඇය ඉතාම සතුටෙන් සහ සාර්ථකව තමයි බිරිඳක් විදිහට සිය යුතුකම් වගකීම් ඉටු කරනු ලබන්නේ.

ඉතින් දමිතා අබේරත්න කියලා කියන්නේ රංගන ශිල්පිනියක් ම පමණක් නොවේ. මිනිසුන් වෙනුවෙන් පෙනී සිටිමින් පහුගිය දවස් වල ගාලු මුවදොර පිටියේ පැවති ජන අරගලය සඳහා සක්‍රිය දායකත්වයක් ලබා දුන් ඇය එහි දී ඇති වූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසාම සිපිරි ගෙයි දින ගණනාවක් ගත කරනු ලැබුවා. ඉතින් එහිදී බොහෝ දුක් කම්කටොලු වලට මුහුණ දීමට ඇයට සිදු වූ අතර ඒ පිළිබඳව සියලුම කරුණු මාධ්‍යයට පැවසීමටත් ඇය අමතක කළේ නැහැ. ඉතින් එහිදී ඇයට එම තත්වය උදා වීමට බලපෑ හේතු ගණනාවක් තිබුණා. අරගලය මුවාවෙන් මුදල් ගසා කෑමෙ සිද්ධියට අමතරව ඔහුගේ සැමියා දමිළ ඩයස්පොරාවේන් මුදල් ලබා ගත්තා කියන චෝදනාව ඇයට එහි දී එල්ල වුණා. එයට ප්‍රධාන වශයෙන් ම බලපෑ හේතුව තමයි ඇයගේ සැමියා දමිල ජාතිකයෙක් වීම. ඉතින් ඒ ගැන දමිතා එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට කරුණු ඉදිරිපත් කරන්නටත් අමතක කරලා තිබුණේ නැහැ.

එහිදී ඇය පවසා තිබුණේ ඇයගේ සැමියා මේ අරගලයට කිසිසේත් සම්බන්ධයක් නැති බවත් ඔහු අධ්‍යාපනය හදාරනු ලැබුවේ එංගලන්තයේ බවත් මේ රටේවත් ජීවත් වෙච්ච නැති කෙනෙක් බවත්ය. ඒ වගේම තමයි ඔහුගේ මව සිංහල ජාතිකයෙක් වන බවත් පියා කේරල ජාතිකයෙක් වන බවත් ඔහු ලංකාවේ දෙමළ ජාතිකයෙක් නොවන බවත් ඇය වැඩිදුරටත් කියා සිටිනවා. ඒ වගේම තමයි 83 ජූලි කලබල කාලයේදී ඔහුගේ ගෙවල් සිංහල මිනිසුන් විසින් විනාශ කරනු ලැබූ බවත් ඇය කියා සිටිනවා. ඒ වගේම ඔහු දැන් විවාහ වී සිටින්නේ බුද්ධාගම අදහන සිංහල ජාතික කාන්තාවක් නිසා දමිල ජාතිකයෙකු වූ ඔහු හතුරෙක් වෙනවද කියලත් එසේ වන්නේ නම් මොන වගේ රටකද අපි ජීවත් වෙන්නේ කියලාත් ඇය කියා සිටිනවා. කෙසේ නමුත් ඉතින් ඇයට මෙම ගැටළු සියල්ලම විසඳාගැනීමට පුලුවන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.