Life Story

පූර්ණිකා සහභාගි වන වැඩසටහන් නිවේදනය කරන්න මම යන්නෑ මං කැමති නෑ එහෙම කරන්න – පේෂල මනෝජ්

පේශල මනොජ් කියල කියන්නෙ මේ දවස්වල වැඩිපුරම කතා බහට ලක්වන ජනප්‍රිය චරිතයක්. ඉතාමත්ම දක්ෂ තබ්ලා වාදන ශිල්පියෙක් ලෙසට ප්‍රසිද්ධ ඔහු දක්ෂ ගායන ශිල්පියෙක් ද වනවා. ඒ වගේම තමයි මේ දවස් වල අතිශය ජනප්‍රිය වෙමින් දෙරණ නාලිකාවේ විකාශය වන රියැලිටි වැඩසටහනක් වන derana champion stars unlimited වැඩසටහනේ නිවේදන කටයුතු සිදු කරන්නටත් ඔහු දායක වනවා. ඒ මාධව සහ සචිනි සමගින්. ඉතාමත්ම විනෝදකාමී අන්දමින් එම වැඩසටහන මෙහෙයවන ඔහුට සමහර අයගෙන් නම් විවිධාකාර දෝෂාරෝපණ එල්ල වෙනවා. ඒ ඔහු එම වැඩසටහනට එන බොහෝ කලා ශිල්පීන්ව නොයෙක් කතා කියමින් විහිළුවට ගන්නා නිසයි. ඒත් ඉතිං ඔහු එම දේවල් සිදු කරන්නේ විහිලුවට නිසා ගොඩක් දෙනෙක් එම වැඩසටහනට මහත් වූ ප්‍රියතාවක් දක්වනවා .

ඉතින් ඔබ අප කවුරුත් දන්නවා පේශල මනෝජ් විවාහ වන්නේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය නිවේදන ශිල්පිනියක් වන පූර්ණිකා පීරිස් සමගයි. ජනප්‍රිය නිලි චතුරිකා පිරිස්ගේ නැගණිය වන ඇය පළමු වරට විවාහ වන්නේ කවුරුත් දන්න දක්ෂ නිවේදන ශිල්පියෙක් වන සහන් සමඟයි. ඔවුන් දෙදෙනාට ආදි නමින් පුතෙක් සිටින අතර ඔවුන්ගේ පවුල් ජීවිතය තුළ ඇති වූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසාම එම විවාහයෙන් සමු දී පේෂල සමග දෙවන වරට යුග දිවියක් ගත කිරීමට ඇය තීරණය කරනවා. ඉතින් මේ වන විට පේශලට සහ සහ පූර්ණිකාට අභිමන්යු නමින් සුරතල් පුතෙක් සිටිනවා. පේශල ආදිටත් කිසිදු වෙනසක් නොකර තමන්ගෙම පුතෙක්ට වගේ තමයි සලකන්නෙ.

ඉතින් ඔබ අප කවුරුත් දන්නවා පේෂල සහ පුර්ණිකා කියන දෙපළම දක්ෂ නිවේදක ශිල්පීන් වනවා. නමුත් පේෂල සහභාගි වූ එක්තරා වැඩසටහනක දී පවසා සිටියේ පූර්නිකා පිරිස් සහභාගි වන වැඩසටහන් වල නිවේදනයට ඔහු යන්නේ නැතැයි කියායි. මොකද ඔහු කැමති නැතිලු එහෙම කරන්න. වගේම ඔහු හැම වෙලාවකම කියන්නේ වෙනුවට වෙන කෙනෙක්ව ගන්න කියලා ලු. ඒ වගේම තමයි ඔහු කැමති නෑලු පූර්ණිකා ඔහුගේ බිරිඳ කියලා ඇය මොනවා හරි දෙයක් කරන්න යනවා නම් ඊට බාධා කරන්න. ඒ නිසා ඊටම කටයුතු නිදහසේ කරගෙන යන්නට ඔහු අවස්ථාව ලබා දීලාලු තියෙන්නේ. ඉතින් ඒ වගේම ගොසිප් ගැන ඔහු දරන්නේ මේ වගේ අදහසක්

” මම කැමතියි නරක gossip හරි හොද gossip හරි මොන දේකින් හරි මිනිස්සු අපි ගැන කතා වෙනවට. නරක දෙයක් ගැන කිව්වත් අපේ හිත දන්නවනම් අපි නිවැරදියි කියලා අව්ලක් නෑනේ. කවදහරි දවසක ඇත්ත එලි වෙනවනේ. ඒ නිසා මොන විදියට gossip ගියත් කතා වෙන්නෙ අපි ගැනනම් ඉතින් මම කැමතියි. “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඔහුගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.