Life Story

ඒ ආදරේ දාලා මට දැන් යන්න හිතන්නෑ නළුවෝ කීපදෙනෙක්ම ආදරෙයි කිව්වත් මං කැමැති වුණේ නෑ – දුෂේනි මියුරංගි

දුෂේනි මියුරංගි කියනවාටත් වඩා ඇය මේ දවස් වල බොහෝ රසික රසිකාවියන් අමතන්නේ බන්ටි කියන නමින්. ඒ මේ දවස් වල අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන පාර දිගේ ටෙලිනාට්‍ය තුළ ඇය රඟ දක්වන බන්ටි කියන චරිතය නිසා. ඉතාමත්ම තාත්වික අන්දමින් එම චරිතයට පණ පොවන ඇය ශ්‍රී ලාංකික රූ රැජනක් ද වෙනවා. ඒ වගේම තමයි ඇය මේ දවස් වල ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වන වීදුරු මල් ටෙලිනාට්‍ය සඳහාත් සිය අපූරු රංගන දායකත්වය ලබා දෙනවා. දුශේනි කියලා කියන්නේ අහිංසක පෙනුමක් තියෙන රුවැත්තියක්. එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියා විසින් ඇය පෙනුම වගේම ඇත්ත ජීවිතේත් අහිංසක ද යැයි නැගූ පැනයකට පිළිතුරු දුන්නේ මේ විදියට.

” මම අහිංසක චරිතයක්. හැබැයි මට තරහ යනවා. ඇත්ත ජීවිතේ මම බන්ටි වගේ නෙමෙයි සරණි වගේ. මොකද මම ඇත්ත ජීවිතේ සද්ධ බද්ධ නැති අහිංසක පාඩුවේ ඉන්න කෙනෙක්. මං ගොඩක් ඉවසනවා. ඉවසල ඉවසල බැරිම තැන තමයි කෑ ගහන්නෙ. මට ගොඩක්ම තරහ යන්නේ මගේ මල්ලි නිසා. මට සරණිගේ චරිතය ආයාසයෙන් තොරව රඟපාන්න පුළුවන්. ඒත් බන්ටිට හැඩගැහෙන්න ලොකු ආයාසයක් ගන්න වුණා. “

ඒ වගේම තමයි ඇය විවිධ නිරූපණ කටයුතුවලට සහ photoshoot සඳහා වැඩිපුරම සිටින්නේ ඉන්දියාවේ. නමුත් පසුගිය කාල වකවානුව තුළ ලෝකය ඇති වූ ගෝලීය වසංගත තත්වය නිසා ඇයට ලංකාවට එන්න සිදුවෙනවා. අතරතුර කාලයේදී තමයි ඇයට පාරදිගේ ටෙලි නාට්‍යයේ බන්ටිගෙ චරිතය රඟපෑමේ අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒ ගැන ඇය දැක්වූයේ මෙවන් අදහසක්.

” ඉන්දියාවේ ඉඳන් ලංකාවට ඇවිල්ලා මම තීරණය කළා ලංකාවේ නාට්‍යවල ආයේ රඟපාන්නේ නැහැ කියලා. ඒත් ඒ අතරතුර මට ලැබුණු පාර දිගේ මගේ මුළු ජීවිතේම ආයේ වෙනස් කළා. මම රඟපාන්න බෑ කියද්දී අම්මායි තාත්තායි තමයි මාව නැවත රඟපාන්න උනන්දු කළේ. දැන් මට ලංකාව දාලා යන්න දුකයි. ඒ තරම් බන්ටිගේ චරිතයත් එක්ක ප්‍රේක්‍ෂක ආදරයක් ලැබෙනවා. ඒ ආදරේ දාලා මට දැන් යන්න හිතන්නෙම නැහැ. මම පස්සේ තීරණය කළා ලංකාවේ වගේම ඉන්දියාවෙත් දෙපැත්තම සමබර කරගෙන වැඩ කරන්න. “

ඒ වගේම තමයි ඇයගේ ආදරය ගැන කතා කළොත් ඇය තවමත් පෙම්වතියක් නොවන බවත් ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය නළුවන් කිහිප දෙනෙක්ගෙන්ම ඇයට ආදර යෝජනා ආවත් ඇය ඒවා ප්‍රතික්ෂේප කර බව තමයි වැඩිදුරටත් කියා සිටියේ. අපි කවුරුත් ආදරය කරන මේ රංගන ශිල්පිනියගේ සියලුම ඉදිරි අනාගත වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.