Life Story

මගේ ආදරණීය සැමියා මට අරන් දෙන බොහෝ විලාසිතාවන් මිල අධිකයි – විනූ සිරිවර්ධන

විනූ සිරිවර්ධන කියලා කියන්නෙ කලා ලොව තුල සිටින දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් වනවා. ශ්‍රී ලාංකික රූ රැජිණක් වශයෙන් කරළියට පැමිණි ඇය නිවේදන ක්ෂේත්‍රය ඔස්සේ අපට දැකබලා ගන්නට පුලුවන් වෙනවා. පුංචි තිරයේදී අහිංසකාවියක් වන ඇය සැබෑ ජීවිතය තුළත් ඉතාම නිහතමානි ගති පැවතුම් වලින් යුතු නිරහංකාර තරුණියක් වනවා. ඒ නිසාම තමයි බොහෝ ශ්‍රී ලාංකික රසික රසිකාවියන්ගේ ආදරය සහ ආකර්ෂණය නිරන්තරව ම ඇයට ලැබෙන්නේ. ඒ වගේම තමයි ඇයගේ ජීවිතය තුල ඔබ කවුරුත් නොදන්නා විශේෂිත හැකියාවක් තියෙනවා. ඒ තමයි ඇයට හොඳට චිත්‍ර අඳින්න පුළුවන් හැකියාව. එයින් ඇය සමස්ත ලංකා ජයග්‍රහණ පවා ලබාගෙන තියෙනවා.

ඉතින් මේ වෙනකොට නං විනූ සිරිවර්ධන කෝටිපති ගුරුවරයෙකු සමඟ සාර්ථක විවාහ දිවියක් ගත කරමින් තමයි සිටින්නේ . ඉතින් ඇයගේ විවාහ මංගල උත්සවය උත්සවයත් ඉතාමත්ම උත්සවශ්‍රීයෙන් පැවැත්වුන අතර ම බොහෝ කලාකරුවන් පිරිසක් එයට සහභාගි වී තිබුණු බව අපට දැකගන්නට ලැබුණා. ඒ වගේම තමයි ඇය විවාහ වන ආචාර්යවරයා ලංකාවේ සිටින ප්‍රසිද්ධම ආර්ථික විද්‍යා ගුරුවරයෙක් වනවා . ඉතින් ඒ නිසාම ඔහුටත් බොහෝ පිරිසකගේ ආදරය ලැබෙන බව කිව යුතුමයි. පසුගිය දිනකදී නිකුත් වූ උසස් පෙළ ප්‍රතිඵලින් islandrank සහ district rank ලබාගත් බොහොමයක් සිසුන් ඔහුගේ පන්තියට සහභාගී වූ අය බව එක්තරා වීඩියෝවක් මගින් විනූ සිරිවර්ධන රසික රසිකාවියන්ට කියා තිබුණා. ඉතින් ඉතාමත් ආදරණීය විදියට පවුල් ජීවිතය ගත කරන ඇය ඉතාම සුන්දර විලාසිතා තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ ගැන ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී පවසා සිටියේ මෙවැන්නක්.

“මම ගොඩක් ආස ලොකු ලොකු මුදු පලදින්න. ඉහළ මිල ගණන් යටතේ තියන විලාසිතා කරන්න ඕනි බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින්න ඕනෙ කියන මතය ඇත්තටම මට නැහැ. මට ගැළපෙනවා නම් මිල ගැන මම ලොකුවට හිතන්නේ නැහැ. නමුත් මගේ ආදරණීය සැමියා නම් මට අරන් දෙන්න බොහෝ විලාසිතාවන් මුදලින් වැඩියි.”

ඒ වගේම තමයි ඇය වැඩිදුරටත් පවසා සිටියේ ඇයගේ ආදරණීය සැමියා ඇයට ගොඩක් ආදරය කරන බවත් ඔහුගේ රැකවරණය නිරන්තරවම ඈ සතු වන බවත් එවැනි සැමියේකුගේ ආදරය ලබන්නට ඇය ගොඩක් වාසනාවන්තයි කියලයි. ඒ වගේම ඇය විවාහ ජීවිතය ඉතාම සතුටෙන් සැහැල්ලුවෙන් ගත කරන බවත් ඇය පවසා සිටිනවා. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.