Life Story

ඉටි රූපය වගේ ලස්සන ආදරයේදි කටු ආපු ඇගේ කතාව

අපේ රටේ කාලෙන් කාලෙට පුංචි තිරයේ ජනප්‍රිය වන නිර්මාණයන් හරහා නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් කලඑළි බහිනවා මේ දිනවල ඔයාලා ආදරයෙන් බලන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන පාරදිගේ ටෙලි නාට්‍යයත් අලුත් මුහුණු වලට එළියට එන්න හොඳ තෝතැන්නක්. පාර දිගේ ටෙලිනාට්‍යය හරහා ජනතාව අතරට ආපු නවක රංගන ශිල්පිනියක් තමයි Deshani Nehara කියන්නෙ. පාරදිගේ ටෙලි නාට්‍යයේ ඇය නිරූපණය කරන චරිතය තමයි අන්‍යයා කියලා කියන්නේ.මේ චරිතය එක තමයි මේ විදිහට ප්‍රසිද්ධ වෙන්න ගත්තේ.

ඊට පස්සේ ඇය බොහෝ නිර්මාණවලට එකතු වුණා බොනිකර තරු තරු ආදී බොහෝ නිර්මාණවලින් ඇය රසිකයන් අතරට ආවා ඇය තමන්ගේ පළවෙනි ටෙලි නාට්‍ය අත්දැකීම ගැන කිව්වේ මෙන්න මෙහෙම කතාවක්

ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය වුණු ටෙලි නාට්‍යය මගේ පළවෙනි රංගන දායකත්වය ලබා දෙන ටෙලි නාට්‍ය උන එක ගැන මම හදවතින්ම සතුටු වෙනවා ජනතාව අතරට මෙච්චරයි ඉක්මනින් යෑමට හැකි වීම මම ලද භාග්‍යයක් ඒ වගේම ටෙලි නාට්‍යය ප්‍රවීනයන් අතර දී පවා මට රඟපාන්න බෑ කියලා මාව කෝල් කලේ නෑ.

ඒ වගේම ඒ ටෙලි ටෙලි නාට්‍යයේ ඇයගේ ආදරණීය පෙම්වතාගේ චරිතය රඟ දක්වපු ගයාන් ගුණවර්ධන ශිල්පියා ගෙනුත් ඇයට විශාල සහයෝගයක් ලැබිලා තියෙනවා. ඇය කලාවට වගේම තවත් අංශයකට ආදරය කරපු කෙනෙක් ඇය ඒ ගැන කිව්වේ මෙන්න මේ විදියට

රංගන ශිල්පිනියක් වෙනවා වගේම මට ගුවන් සේවිකාවක් වෙන එක පොඩි කාලේ ඉඳලම තිබ්බ ලොකුම හීනෙ.මගේ අක්කත් ගුවන් සේවිකාවක් මගේ රංගන හීනෙ නම් දැන් හැබෑ වෙලා කොහොමහරි මම මගේ ගුවන් සේවිකාවක් වෙන හීනය හැබෑ කර ගන්නවා මයි.

වෘත්තීය ජීවිතය ගැන ඒ විදිහට කතා කරපු ඇය තමන්ගේ පුද්ගලික ජීවිතය ගැන කිව්වේ මෙන්න මේ වගේ දෙයක් ආදර සම්බන්ධතා වල දී නොයෙක් කටුක අමිහිරි අත්දැකීම් වලට මුහුණ දීපු කෙනෙක්. 

මං ආදරේ කලත් තියෙනවා ආදරයෙන් විඳලා තියෙනවා. දෙන්නම් මං ආදර සම්බන්ධතා වලින් ගොඩක් ඈත් වෙලා තමයි ඉන්නේ . ආදරේ කරල මට ලැබුණේ දුක විතරයි . ඒ නිසා මම හිතනවා මට දැන් ආදරයක් ඕනෙ නැහැ යාළුවෝ විදියට ආශ්‍රය කරලා ඉන්න කැමතියි. ආදරේ කරලා විඳවන්න කැමති නැහැ.

ඇය ඒ විදිහට තමයි ආදරයේ ජීවිතය කලාව ගැන සති අන්ත පුවත්පතකට පවසා තිබුනේ. ඇගේ සියලු කටයුතු සාර්ථක වෙලා ඇගේ රංගන දිවිය තව තවත් ආලෝකවත්ව වෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා.