Life Story

එයා තමයි මගෙ පළවෙනි සිංහල crush එක දර්ශන් තම ආදරය ගැන පළමුවරට හෙළිකරයි (දර්ශන් තේවරාජා)

දර්ශන් තේවරාජා ගැන කියන්නේ මේ දවස් වල ශ්‍රී ලාංකික තරුණියන්ගේ crush එක කිව්වොත් මං නිවැරදියි. ඒ තරමට ම ඔහුට වහ වැටී සිටින තරුණියන් බොහෝ දෙනා පවසන්නේ දර්ශන්ට තියෙන්නේ තුර්කි නළුවෙකුගේ රුවට සමාන හැඩරුවක් කියායි. ප්‍රථමයෙන් ම වැඩසටහන් නිවේදකයෙක් ලෙස කරලියට පිවිසෙන ඔහු ඉන්පසුව ටීවී සිරිස් ගණනාවකට ම සම්බන්ධ වෙනවා. ඉන්පසුව තමයි ඔහු නිරූපණ ක්ෂේත්‍රය සඳහා අවතීර්ණ වන්නේ. අවුරුදු හතක් අටක් වැනි දිගු කාලයක් මුළුල්ලේ සිට නිරූපණ ක්ෂේත්‍රය හා සම්බන්ධ වී සිටි ඔහු රඟපෑමෙන් තමන්ගෙ සැගවුනු දක්ෂතා මතු කර ගැනීමට හැකි වේ යැයි සිතූ නිසා 2021 වර්ෂයේ දී ශක්ති ටීවි ආයතනයෙන් ඉවත් වනවා.

ඉන්පසුව තමයි ඔහු රඟපෑම් කටයුතු වල නිරත වන්නේ. මේ දවස්වල අතිශය ජනප්‍රිය music වීඩියෝවක් වන රයිනි චාරුකාගේ කළුවරට හිත බය හින්දා ගීතයේ රූප රචනයට දායක වී සිටින්නේත් ඔහුයි. ඉතින් ඔහු දවසෙන් දවස සිය මුහුණු පොත තුළ නොයෙක් ආකාරයේ සටහන් පළ කරනු ලබනවා. ඉතින් පසුගිය දිනකත් එක්තරා සිංදුවක් සමග අපූරු සටහනක් පළ කරලා තිබුණා. ඉතිං එහි සඳහන් වෙලා තිබුණේ ඔහුගේ ප්‍රථම සිංහල crush එක ගැන. මොකද ඔහු උපතින්ම ද්‍රවිඩ ජාතිකයෙක්. ඉතින් ඒ ගැන ඔහු සටහන් කරලා තිබුණේ මේ විදියට.

” පොඩි කාලේ ට්‍රිප් එකක් ගියා. බස් එකේ යනකොට කිරි කෝඩු හිතට සිංදුව play වුණා.ඒ ට්‍රිප් එකට තවත් family එකක් ආවා. ඒක මගේ වයස girl කෙනෙක් හිටියා. එයාට මම ගොඩක් ආස උනා එයත් එක්ක කතා කරන්න ගොඩක් ට්‍රයි කරා බැරි වුණා. ආයෙත් කොළඹ යනකොට family දෙකම දෙපැත්තට ගියා. ආයෙත් ඒ සින්දුවම බස් play වුණා මම විතරයි දන්නේ ඒ සින්දුව් ආයේ මට ඇහෙද්දි මගේ හිතේ එයාගේ මතකයන් සිහිපත්වෙන විදිහ. එදායින් පස්සෙ ආයෙ එයාව දැක්කේ නැහැ එයා තමයි මගේ පලවෙනි සිංහල crush එක.”

ඉතින් මේ විදිහට අදහස් දක්වන මේ ආදරණීය කලාකරුවාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.