Life Story

තුර්කි නළුවෙක් වගේ කඩවසම් කෙල්ලො පිස්සු වැටෙන දර්ශන්ගේ අලුත්ම තතු

දර්ශන තවරාජා කියලා කියන්නේ මේ දවස් වල කාගෙත් කතාබහට ලක්වෙන කඩවසම් රංගන ශිල්පියෙක්. උපතින්ම දමිළ ජාතිකයෙකු වන මොහු හට තිබෙන්නේ ජනප්‍රිය තුර්කි නළුවෙකුගේ හැඩහුරු කමක් බව කොයි කවුරුත් පවසනවා. ඒ නිසාම තමයි ඔහුට ලංකාවේ සිටින බොහෝ තරුණියන් ආකර්ෂනය වී සිටින්නේ. දෙරණ නාලිකාවේ විකාශය වූ හිතුවක්කාර ටෙලි නාට්‍යයේ කෙවින් චරිතයට පණ පොවන ලද මොහු සිදූ දෙවැන්නේ ද සිය රංගන හැකියාව විදහා දක්වනවා. වගේම තමයි රයිනි චාරුකා විසින් ගයනා කරන ලද කළුවරට හිත බය හින්දා ගීතයේ රූප රචනාව ට රංගනයෙන් දායක වූ නිසාම බොහෝ දෙනෙක් ඔහු පිළිබඳව සොයන්නට පටන් ගත්තා. ඒ නිසාම අද අපි ඔහු ගැන කතා කරන්න සිතුවා. පහුගිය දිනක දී ඔහු එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු පිළිබඳව පවසා සිටියේ මෙවැන්නක්.

“මම මුලින්ම ශක්ති ටීවී ආයතනයේ presenter කෙනෙක් විදියට තමයි වැඩ කළේ. ඒ අතරතුර කාලයේ ටීවී සීරිස් කිහිපයකට සම්බන්ධ වුණා. මොඩලින් කළා අවුරුදු හතක් අටක්. ඊට පස්සේ මට හිතුණා රඟපෑමෙන් තමයි මට දෙයක් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම 2021 විතර ශක්ති එකෙන් අයින් වෙනවා. ඇත්තටම ගොඩක් අය කිව්වා ස්ථිර රැකියාවක් කරන ස්ථානයකින් අයින් වෙලා රඟපෑමට එන්න එපා කියලා. නමුත් මට හිතුණේම රඟපෑමෙන් තමයි මට දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ විශ්වාසය තිබුණා. අද වනවිට මං ගොඩක් සතුටු වෙනවා මේ ගත්ත තීරණයට. මේ වනවිට නිර්මාණ ගණනාවකට සම්බන්ධ වුණත් මට හිතෙනවා ජනප්‍රිය නළුවෙක් විදියට ඉස්සරහට යන්න ඕනේ නම් අනිවාර්යනේම සිංහල ඕඩියන්ස් එකට ෆේස් කරන්න ඕනේ කියලා.

ඇත්තටම මට මුලදි පිටපත කියවන්න බෑ. මට අධ්‍යක්ෂවරයා ඩයලොග් කියලා දෙනවා. මම ඒක පාඩම් කරලා රඟපානවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ තිළිණ බොරලැස්ස මහත්මයාව. ඔහු මට ගොඩක් උදව් කළා සිංහල ඩයලොග් හදාගන්න. මම ටාගට් එකක් හදාගත්තා මම සිංහල කියවන්න හුරුවෙනවා කියලා. මේ වනවිට මට දැන් සිංහල කියවන්න පුළුවන්.”

මේ විදිහට තමයි ඔහු එහිදී කියා සිටියේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ කඩවසම් නළුවාගේ ඉදිරි අනාගත කටයුතු සියල්ලම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.