Life Story

මට මේක නතර කරගන්න බැරුව හිටියේ අම්මා මාව අංගොඩට ගෙනිච්චා මාව මේ සමාජෙන් ඈත් කරන්න – දමිත් අසංක

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට නොමැකෙන ගීත ගණනාවක් දායාද කරදුන් ආදරණීය හඬ පෞරුෂයක් තමයි දමිත් අසංක කියලා කියන්නේ. ඔහුටම ආවේණික වූ ආදරණීය කටහඬ නිසාම ශ්‍රී ලාංකීය රසික රසිකාවියන් ඔහුට අමතන්නේ හදවතෙ ගායකයා කියලයි. ඔහු ගායනා කරන ලද මං හින්දා කවදාවත් , මට දුන්න දුක් ගින්න , නුවරඑළිය සිසිල් බවයි , මේ අනන්ත රාත්‍රියේ ආදී ගීතයන් අදටත් රසික රසිකාවියන් රස විඳින්නේ ඉතාමත්ම ආසාවෙන්. මේ වන විට ආදරණීය දරුවන් තිදෙනෙකුගේ පියෙක්වන ඔහු පසුගිය දිනක දී ඕස්ට්‍රේලියාවේ පවත්වන ලද සංගීත ප්‍රසංගයකටත් සහභාගි වෙලා සිටියා.

ඉතින් ඔබ අප කවුරුත් දන්නවා දමිත් අසංක දිගු කාලයක් මුළුල්ලේ සිට සංගීත ක්ෂේත්‍රය තුළ ගීත ගායනා කළේ නැහැ. ඔහු දිගු කාලයක් නිහඬව තමයි සිටියේ. ඔහුගේ ජීවිතය තුළ ඇති වූ නොයෙකුත් ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන් නිසාම දමිත් අසංක කරළියට පිවිසුනේ නැහැ. අධික ලෙස මත්ද්‍රව්‍ සඳහා ඇබ්බැහි වී සිටි ඔහු කාලයක් අංගොඩ මූලික රෝහලේනුත් ප්‍රතිකාර ලබා ගත්තා. ඉතින් පසුගිය දිනකදී ඔහු එක් වූ එක්තරා you tube මාධ්‍ය සාකච්ඡාවක දී ඇත්තටම ඔහුට වෙච්ච සිදුවීම් පිළිබඳව රසිකයන් සමඟ බෙදා ගත්තා.

“මට ආදරේ කරන පිරිස වැඩියි. පහුගිය අවුරුදු 10 මට මුණගැහුනු මිනිස්සු. ඒ මිනිස්සු අතේ සිකර්ට්, සුරුට්ටු, බීඩි තිබ්බා. එතනින් එහාට අයිස් කියලා එකක්, කොඛෙන් කියලා තිබ්බා. කේරළ ගජා කියලා එකක් ආවා. මම ඒවා විතරක් බිව්වා කාලයක්. ඒකත් නවත්තන්න හිතාගෙන අම්මා මාව අංගොඩ මූලික රෝහලට ගෙනිච්චා. මොකද සාමාන්‍ය රෝහලක තියන්න බෑනේ. රසිකයෝ ඉන්නවනේ. තැඹිලි ගෙඩියේ කසප්පු දාගෙන ආපු අයනේ හිටියේ. අපේ අම්මා දාන්න ඕනි හොඳම තැන තිබ්බේ. මම පිස්සෙක් නිසා නෙවෙයි, මාව මේ සමාජෙන් ඈත් කරන්න.

කලාකරුවෙක් නෙවෙයි සාමාන්‍ය කෙනෙක් විදිහටත් ඕම කරන්න වුවමනා නෑ. මාත් බිව්වා. මම කැමැත්තෙනුත් නෙවෙයි. අම්මා සන්තෝසෙන් තියන්න මම ඉංගිරිසි බේත් නෙවෙයි කුඩු ගහන්න වුණොත්, ඒක කරනවා. හැබැයි කලාකරුවෙක් නම් ඒවා පාවිච්චි කරන්නම වෙනවා. මම රසිකයින්ගෙනුත් ඉල්ලනවා, අයියේ අයිස් ගේන්නද? කුඩු ගේන්නද? ඒ පැලැන්තියෙන් අයින් වෙන්න. පහුගිය ටිකේම මට මේක නතර කරගන්න බැරුව හිටියේ “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඔහුගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.