Life Story

දුව බඩේ තියාගෙන මම අතුල එක්ක වේදිකාවේ සින්දු කිව්වා. පුතා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවට මම ආසයි

සංගීත ක්ෂේත්‍රය තුළ සිටින ඉතාමත්ම දක්ෂ මියුරු කටහඬකට උරුමකම් කියන ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ. ඇය ගායනා කරන ලද බොහෝ ගීතයන් අදටත් රසික රසිකාවියන් රස විඳින්නේ ඇයගේ ගීතයන් තුළ ගැබ්වී ඇති අර්ථවත් බවත් ගායනයේ ඇති මියුරු බවත් නිසාමයි. මෑත කාලිනව ඇය ගායනා කරන ලද පාවෙලා කෝඩු ආකාසේ ගීතය අතිශය රසික රසිකාවියන් අතර ජනප්‍රිය වූ අතර ඊට අමතරව අතුල සහ සමිතා එක්ව ගැයූ ආත්මා ලියනගේ ගේ පෙනෙන නොපෙනෙන ගීතය ඔවුන් සිතුවාටත් වඩා රසික රසිකාවියන් අතර ජනප්‍රිය වුණා.

අතුල සමිතා යුවළ කියන්නේ අදටත් ජනතාව ඉතාමත් ම ආදරය කරන ආදරණීය ගායන ශිල්පීන් දෙපළක්. ඔවුන්ගේ විවාහ ජීවිතය ඉතාම සතුටෙන් ගෙවුන අතර ඔවුන් දෙපළට කාවින්දයා අධිකාරි සහ shane අධිකාරි නමින් ආදරණීය දරුවන් දෙදෙනෙක් ද සිටිනවා. නමුත් කාලයක් යද්දි ඔවුන් දෙදෙනා අතර ඇතිවූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසාම එම විවාහයෙන් සමු දීමට ඔවුන් දෙපළ තීරණය කරනවා. ඒත් ඔවුන් අදටත් ඉතාමත්ම සමීප මිතුරන් මෙන් හරිම ආදරයෙන් තමයි කල් ගත කරන්නේ.

අතුල අදිකාරි දෙවන වරට අමායා අධිකාරි නමින් යුවතියක් සමග විවාහ වන අතර ඔවුන් දෙදෙනාටත් දියණියක් සිටිනවා. නමුත් ඉතින් ඒ විවාහයත් සාර්ථක නොවූ අතර අමායා මේ වන විට harsha dhanosh නම් ගායන ශිල්පියා සමඟ යුග දිවියක් ගතකරනවා. සමිතා මුදුන්කොටුවත් දෙවන වරට chirantha නමින් හඳුන්වන කඩවසම් තරුණයෙක් සමග විවාහ වන අතර ඔවුන් ඉතාමත් සතුටින් සහ ප්‍රීතියෙන් තමයි කාලය ගත කරන්නේ. ඉතින් සමිතා මුදුන්කොටුව එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇයගේ සුන්දර අතීත මතක ආවර්ජනයක් සිදු කළේ මේ විදිහට.

“ මගෙ දුව කාවින්ද්‍යා බඩේ තියාගෙන මම අතුලත් එක්ක වේදිකාවේ සින්දු කිව්වා. අපි දැනගෙන හිටියා එදත් එයාට හොඳට හොඳට ගායනා කරන්න පුළුවන් වෙයි කියලා. මම දුවව හම්බවෙන්න ඉද්දි බඩට අත තියලා එයාට සින්දු කියලා නිදා ගත්තෙ. එයා ඉපදුනෙත් හොඳට සින්දු අහගෙන. පුතාට නම් ගායනා කරන්න එච්චරම බෑ. එයා ආසයි ක්‍රිකට් ගහන්න.මාත් ආසයි එයා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවට ”

ඉතින් මේ විදියට අදහස් දක්වන මේ ආදරණීය ගායන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.