Life Story

අම්මා මෙහෙම රඟපෑව නේද කියලා අහද්දි උත්තර දෙන්න මං පුතාව හැඩ ගැස්සුවේ එයා බඩේ ඉද්දිමයි – චමත්කා

චමත්කා ලක්මිණී කියලා කියලා කියන්නේ මෑත කාලීනව කලා ලොව උණුසුම් කළ රුවැත්තියක් වෙනවා. ගිනියම් රෑ මියුසික් වීඩියෝ එක ඔස්සේ කාගෙත් කතාබහට ලක්වුණු ඇය ඉන්පසු හුස්ම සිනමා පටය හරහා රසික රසිකාවියන් බොහෝ දෙනෙක්ගේ අවධානය සහ ආකර්ෂණය දිනා ගන්නට සමත් වනවා. ෂර්ලි සමරසිංහයන්ගේ පියාඹන ආයෙත් නවතම සිනමා පටය ඔස්සේ ඔන්න අපිට නැවතත් ඇයව දැක ගන්නට පුලුවන් වෙනවා. ඉතින් පසුගිය දිනක දී ඇය එක් වූ එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී ඇය ගැන නවතම තොරතුරු රසිකයන් සමඟ කියා සිටියා.

ඉතින් එහිදී ඇය ප්‍රථමයෙන්ම පවසා සිටියේ පියාඹන්න ආයෙ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වලට දායකත්වය ලබා දෙමින් සිටින බවත් පෞද්ගලික ජීවිතය විශේෂයක් නොමැති බවත් පුතාගේ හුරතල් බලමින් කාලය ගෙවන බවත් ය. ඒ වගේම එම නවතම චිත්‍රපටය තිරගත වෙලා දින කිහිපයක් ගත වූවත් රසික රසිකාවියන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබෙන බවත් තමයි ඇය කියා සිටින්නේ. බොහොම අමාරුවෙන් කරපු ලස්සන නිර්මාණයක් නිසා හැමෝටම ඇවිත් එම චිත්‍රපටය නරඹන්න කියලාත් ඇය ආරාධනා කරනවා. ඉතින් ඔබ අප කවුරුත් දන්නවා ඇයව ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ චරිතයක් වුණේ ගිනියම් රෑ මියුසික් වීඩියෝ එකත් එක්ක. ඉතින් ඒ ගැන ඇය කියා සිටින්නේ මේ වගේ දෙයක්.

” ගිනියම් රෑ video එකේ මම රඟපෑවේ තත්පර 30 යි. හිතපු නැති විදිහට මට ඒ හරහා ප්‍රේක්ෂකාගාරයක් හැදුනා. හොඳ නරක දෙකම ආවා. ඒත් මගේ රංගන දක්ෂතාවයට හොඳ පදනමක් වැටුනෙ හුස්ම රඟපෑවට පස්සේ. ඇත්තටම ගිනියම් රෑ video එකේ මම කරපු දෙයකුත් නැහැ. හැබැයි ඊට පස්සේ මට ඔක්කොම ආවේ ඒ වගේ වැඩිහිටියන්ට පමණයි නිර්මාණයන් වලට ආරාධනාවන්. කොහොමත් මම රංගනයට සීමාවක් දාගෙන ආවෙ නැහැ. මගේ සැමියා හරිම කැමතියි මම වැඩ කරනවට.

පුතාගෙන් කවද හරි දවසක ඉස්කෝලෙ ළමයි හරි කවුරු හරි ඇහුවොත් ඔයාගේ අම්මා මෙහෙම රඟපෑව නේද කියලා ඒ අහන දේවල් වලට උත්තර දෙන්න මම එයාව හැඩ ගැස්සුවේ පුතා මගේ බඩේ ඉද්දිමයි. අද සමාජය දවසින් දවස වෙනස් වෙනවා. එයාගේ තරුණ අවධිය එනකොට ඒ දේවල් මහ ලොකුවට කතා කළ යුතු මාතෘකා වේවි කියලා මම හිතන්නේ නෑ. මොකද පුතාව මම පුහු සංස්කෘතියක් ඇතුළෙ කිසිම වෙලාවක කරල හදන්නේ නැහැ. “

මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.