Life Story

අපි අවුරුදු එක හමාරක් ලිවින්ටුගෙදර් ඉඳලා විවාහ වුනේ එයා ගෙදර එන්නෙ මාස ගානකට පස්සෙ – චමත්කා ලක්මිණි

චමත්කා ලක්මිණී කියලා කියන්නේ අපිට නුපුරුදු චරිතයක් නෙවෙයි. මෑත කාලීනව අතිශය ආන්දෝලනාත්මක ලෙස රසික රසිකාවියන් අතරට ගිය හුස්ම සිනමාපටය ඔස්සේ රංගන කරළියට පිවිසි ඇය මේ වන විට ලංකාවේ සිටින ජනප්‍රිය ම රංගන ශිල්පිනියක් වී අවසානයි. සිනමා නිර්මාණ සඳහා පමණක් සිය රංගන දායකත්වය ලබා දෙන බව ඇය කලාවට ආ මුල් කාල වකවානුවේම තීරණය කරලා තිබුනත් ඇය පසුගිය දිනක එක් ටෙලි නාට්‍යයක රඟපෑම් කටයුතු වල නිරත වුණා. එම ටෙලි නාට්‍ය ඇයගේ පළමු ටෙලි නාට්‍ය බව සඳහන් කරන ඇය ගිනියම් රෑ මියුසික් වීඩියෝව ඔස්සේත් රසික රසිකාවියන්ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් වුණා.

ඉතින් චමත්කා කියන්නේ මේ වන විට ආදරණීය බිරිඳක් වගේම පුංචි පුතෙක්ගේ මවක් වෙනවා. වැඩිහිටියන්ට පමණයි ගණයේ නිර්මාණයන්ට සිය රංගන දායකත්වය ලබාදෙන නිසාම ඇයට ලැබෙන්නෙත් ඒ වගේ නිර්මාණ කියලා තමයි ඇය සඳහන් කරන්නේ. ඉතින් මාධ්‍යවේදියෙකු විසින් ඇය රඟපාන එවැනි ගණයේ චරිතයන් සඳහා සැමියාගෙන් බලපෑමක් තිබේද යන්න ඇසූ විට ඇය දුන්නෙ මෙවන් පිළිතුරක්.

” මට චරිතයක් ලැබුණොත් හැමදාමත් කළේ මුලින්ම මම එය අධ්‍යයනය කරන එක. ඊට පස්සේ තමයි එයාට කියන්නේ. සමහර චරිත තිබ්බා එයාට නොකියා කරලා පස්සේ කියපු. එයා ඒක එපා කරන්න කියද්දි මම ඒක කරලා ඉවරයි. නමුත් මගේ තේරීම් අද වෙනකල් වැරදිලත් නැහැ. මම හිතන්නේ මාව හොදටම තේරුම් ගත්ත සැමියෙක් තමයි මට ඉන්නේ. එයා ගෙදර එන්නෙත් මාස ගානකට පස්සේ. නැවක වැඩ කරන නිසා.

නමුත් අපි දෙන්නා නිතරම කතාබහ කරනවා. අපි අතර ප්‍රශ්න නැහැ. අපි දෙන්නා අවුරුදු හයක් යාළුවෝ වගේ ආශ්‍රය කරලා අවුරුදු එක හමාරක් ලිවින්ටුගෙදර් ඉඳලා විවාහ වුණු දෙන්නෙක්. ඒ කාලෙම රණ්ඩු වෙලා ඉවර කරා. අපි රණ්ඩු වෙන්නේ නැහැ. නමුත් අපි අතර කතාබහ ඇති වෙනවා. “

ඉතින් කාගෙත් ආකර්ෂණය දිනාගත් මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.