Life Story

අපිට තව වයස තියෙනවා.. වෙලාව ආවහම බඳිනවා.. එයාට විසිහතයි..

දෙරණ ආයතනය මගින් විකාශනය වන ටෙලි නාට්‍ය තුළින් නවක මුහුණු රැසක් ක්ෂේත්‍රයට බිහිවුණා. ඒ වගේම ටීවී දෙරණ අවුරුදු කුමරිය වැඩසටහන කියන්නේ. තරුණියන්ට රංගන වරම් හිමිකර දුන් හරි අපූරු වැඩසටහනක්.

අද අපි කතා කරන්නේ අවුරුදු කුමරිය තරඟයකින් ජයග්‍රහණය කරලා.. හරි ඉක්මනින් මිනිස්සු අතරට ගියපු බොහෝ හුරුබුහුටි කලාකාරිනියක්.. ගෙන ඇය ගිත්මා බන්ඩාර.. සංගීතයේ ටෙලිනාට්‍ය ප්‍රධාන චරිත නිරූපණය ඇයයි.

ගිත්මා ජාතික පුවත්පතකට කලා කටයුතු වෙනුවෙන් වැය කරන කැපවීම ගැන කියලා තිබුණේ මෙන්න මෙහෙම කතාවක්. නිර්මාණායක් බාර ගත්තහම ඒ චරිතයට අදාලව ඒ කාල සීමාවේ රූපගත කිරීම් කරන්න වෙනවා. අපේ නොවන කෙනෙකුට පණ පොවන්න වෙනවා. උදාහරණයක් විදිහට පාසල් යන ළමයෙක්ගෙ චරිතයක් ගත්තොත් කොණ්ඩෙ වෙනස් කරන්න බෑ ඇහිබැම හදන්න බැහැ. ඒ කැපකිරීම් කරන්න වෙනවා. මම මට ඕනේ නිර්මාණ තෝරා බේරාගෙන කාලය කළමනාකරණය ගෙන තමයි රඟපාන්නේ.

ඇය නිරූපණය කරන ආදරණීය පෙම්වතියගේ චරිතය ඇය සැබෑ ජීවිතයේ නිරූපණය කරනවා. ඇගේ පෙම්වතා පිළිබඳ පහුගිය දවස් වල මාධ්‍යට ඇය කියලා තිබූනා. නැවත වතාවක් ඔහු මොනවද කරන්නේ විවාහ වෙන්න බලාපොරොත්තුවක් නැතිද කියලා ඇහුවම මේන්න මෙ වගේ කතාවක් කියලා තියෙන්නෙ..

ඔහු ව්‍යාපාරිකයෙක් සමාගම් කිහිපයක හිමිකරුවෙක් මං වගේම තරුණ කාලේ ජීවිතේ දිනපු කෙනෙක්. මගේ රංගනයට රංගනයේ ද බොහෝ උපකාර කරනවා. අපි හම්බෙනකොට මම රංගන ශිල්පිනියක් කියලා එයා දන්නේ නැහැ. තාම විවාහය ගැන තීන්දුවක් නැහැ. එයාට විසිහතයි මට 24යි . අපි හරි වෙලාව ආවහම විවාහ වෙනවා.

ගිත්මගෙ ඉදිරි අනාගත කටයුතු සාර්ථක වෙන්න කියලා අපි එයාට හදවතින්ම සුබ පතනවා.